වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
මාලිනී රංගනයේ ආසියාතික ආශ්චර්යය

මාලිනී හාහාපුරා කියා සිනමා කැමරාවට මුහුණ දුන්නේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. වේදිකා රංගනය හා සිනමා රංගනය අතර පැවැති පරතරය පහදා දෙන්නට එදා රංග පාඨශාලා නොතිබුණද ඒ මාධ්‍ය දෙකෙහි වෙනස අන්තර්ඥානයෙන් හඳුනා ගන්නට මාලිනී සමත් වූ ආකාරයෙන් සනාථ වන්නේ ඇයගේ ඒ මුල්ම සිනමා රංගනයෙන් ඒ වසරේ හොඳම සහාය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙනි.
‘පුංචි බබා’ ඔස්සේ මාලිනී සිනමා නිළියක ලෙස අවතීර්ණ වෙද්දී සිනමාව ගැන කැක්කුමක් ඇති පිරිස මෙන්ම එය හුදු ලාබදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය පිරිසද වහා මේ අලුත් මුහුණ තම නිර්මාණ සඳහා දායක කර ගන්නට උත්සුක වූහ. ඒ අනුව ජී. ඩී. එල්. පෙරේරා ගේ ‘දහසක් සිතුවිලි’ අමරනාත් ජයතිලකගේ ‘ආදරවන්තයෝ’ වැනි චිත්‍රපට මෙන්ම ‘දැන් මතකද’ ‘ප්‍රවේශම් වෙන්න’ ‘හතරදෙනාම සූරයෝ ‘එදත් සූරයා අදත් සූරයා’ ‘සදහටම ඔබ මගේ ‘ ‘තුෂාරා වැනි අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට ඔස්සේ මාලිනී පොදුජන ෙප්‍ර්ක්ෂකයාගේ සිහින සැබෑ කරන සිහින කුමාරියක බවට පත් වූවාය.
එය ඇගේ සිනමා වන්දනාවේ උත්කර්ෂවත් අවස්ථාවක් වූවා මෙන්ම සිනමා කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය ‘තරු’ ගුණය වඩවන්නක්ද විය. ඒ අනුව ඇය සිනමාවට නැතිවම බැරි නිළියක වූවා පමණක් නොව මාලිනී - ගාමිණී, විජය - මාලිනි, සනත්- මාලිනී වැනි යුග කිහිපයකට දොරගුළු විවර කෙරුණේය.
මාලිනී එසේ තාරකා මේඝය තුළ කිරුළු පලන් තාරකාවියක බවට පත් වුවද සිනමාව තුළින් ජීවිතය විනිවිද දකින්නට ප්‍රයත්න දැරූ සිනමාකරුවන් සමඟ කටයුතු කරන්නට ගිය සැණින් ඇය වහා ඒ තාරකා මේඝයෙන් පලා ගොස් චරිතාංග නිළියක ලෙස ස්වකීය ව්‍යුත්පත්තිය අවදි කරන්නට තරම් සුවිශේෂ ප්‍රතිභාවක් ප්‍රකට කළාය.
හැත්තෑව දශකයේ ඉස්මත්තට පැමිණි ජනප්‍රිය සිනමා ප්‍රවේගයට සාපේක්ෂව එදා සිනමාකරණයට පිවිසි ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ චරිතාංග නිළියක ලෙස මාලිනීගේ රංග ප්‍රතිභාව මනා ලෙස අවදි කළ චිත්‍රපටයක් විය.
දරිද්‍රතාවත්, ලිංගික සූරා කෑමත් අතර පීඩනයට පත්වූ යුවතියකගේ ඇතුළාන්තය මාලිනීගේ රංගනය තුළ මනාව ඉස්මතු විය. එහි ළමා වියෙන් යොවුන් වියට එළැඹෙන යුවතියකගේ මල්වර මංල්‍යයට මුහුණ දෙන අවස්ථාව මාලිනි ප්‍රතිනිර්මාණය කළේ ඒ මොහොතේ යුවතියක තුළ නළියන සොම්නස ස්වකීය මුහුණින් උතුරා පිටාර ගලන්නට සලස්වමිනි. එම රංගනයේදී මාලිනිට ස්වකීය මල්වර මංග්‍යයේ අත්දැකීම් ඉවහල් වූ බව ඇය පවසා තිබුණි.
ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් ලෙස මාලිනී ෆොන්සේකා ඉදිරිපත් කරන මනරම් රංගනය ඇගේ රංග චාරිකාවේ සුවිශේෂී අවස්ථාවක් වනවා මෙන්ම එම චිත්‍රපටයේ හෙලන් ගොදුරු වන ෙඛ්දවාචකය පුරුෂ මූලික සමාජයේ ස්ත්‍රිය පොදුවේ මුහුණ දෙන තත්ත්වය කියා පෑමකි.
වැල්ලේම ඉපිද වැල්ලේම හැදී වැඩී, ධීවර කර්මාන්තයෙහිම යෙදෙමින් ජීවනෝපාය සකස් කරගත් තරුණියකගේ ජීවන අත්දැකීම් සකස් වනුයේ ගමේ තරුණියකගේ ජීවන අත්දැකීම්වලට මුළුමනින්ම ප්‍රතිපක්ෂවය. එබඳු තරුණියකගේ සිතුම් පැතුම් මෙන්ම කතා ලතාවන්ද ගමන බිමන ද හැඟීම් ප්‍රකාශ කරන ආකාරයද වෙනස්ය. ගමේ තරුණියකගේ හෝ නාගරික මධ්‍ය පන්තියක හෝ පහළ මධ්‍ය ම පන්තියක හෝ වටිනාකම් පමණක් නොව සංස්කෘතික බැඳීම්ද වෙනස්ය. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් එබඳු සංස්කෘතික වටිනාකම් සහ බැඳීම්වලින් මිදුණු තරුණියකි. එහිදී ඒ චරිතයේ බාහිර චර්යාවන් සහ අභ්‍යන්තර ලක්ෂණ සියුම් ලෙස අවබෝධ කර ගැනීමට සමත්වීම නිසා ‘හෙලන්’ මාලිනීගේ රංගනයන් අතර ඉහළින්ම කැපී පෙනුණේය.
අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ මාලිනීට ස්වකීය භාව ප්‍රකාශන ක්‍රියාවලියේ අද්විතීය ස්ථානයක් කරා ළඟා වීමට මඟ හෙළි කළ චිත්‍රපටයකි.
මියගිය අතීතයකට අයත්, මහලු වූ යෝධයින් සේ හඬා වැටෙන පැරැණි කුලාචාර, සිතුම්, පැතුම්, සහ පුරුෂාර්ථ හිසමත තබාගෙන ජීවත් වූ ‘නිධානය’ චිත්‍රපටයේ විලි වැන්නකුගෙන් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ඇය ලැබූ සතුටක් නැත. ඔහුගේ අණසක නීති රීති සහ ගතිපැවතුම් කිසිසේත් අයිරින් වැනි තරුණියකගේ සිතුම් පැතුම් හා ගැළපුණේ නැත.
ඒ නිසාම විලීගේ ආධිපත්‍යවාදී චර්යාවන්වලට මුහුණ දෙමින් ආධ්‍යාත්මිකව ඇය විඳි පීඩා රංගනය තුළ මතු කරන්නට මාලිනී සමත් වූයේ ඇයගේ අපූර්ව ප්‍රතිභා මහිමය ඉහළින්ම ප්‍රකට කරවමිනි.
පරාක්‍රම නිරිඇල්ලගේ’සිරි මැදුර’ කේ. විජයරත්නගේ ’මධුසමය’ ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල සහ රන් මැණිකා ‘ ඇතුළු චිත්‍රපට කිහිපයක මාලිනී කළ ආශ්චර්යමත් රංගනය ජාත්‍යන්තර වශයෙන් අැගැයීමට ලක් විය. ඒ රංගන කාර්යයන් වඩාත් සුවිශේෂ වූයේ ජනප්‍රිය සිනමාවේ ෙප්‍ර්ක්්ෂකයාගේ සිහින කුමරිය ලෙස වැජඹුණු ඇය එබඳු සංකිර්ණ චරිතවල අභ්‍යන්තර සංවේදනයන් කෙසේ එළියට දැම්මාද යන විශ්මය අප තුළ දනවමිනි. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ලාංකේය සිනමා රංගනයේ ආශ්චර්යය වන්නේ එබැවිනි.
පුරා දශක හයක් මුළුල්ලේ මාලිනී පෑ ඒ ප්‍රතිහාර්යය කෙතරම්දැයි යන්න මුඑමහත් ශ්‍රී ලාංෙක්ය ජනතාවම ඇයට දක්වන ගෞරවය සහ ආදරය තුළින් මනාව පැහැදිලි වන්නේය.