වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නිවෙසට ආලෝකය සමඟ සුන්දරත්වය රැගෙන එන ඉටි පහන් රඳවන
ජීවිත කාලය පුරාවටම වෙහෙස මහන්සියෙන්, අරපිරිමැස්මෙන් හරි හම්බ කරගත් මිල මුදල වියපැහැදම් කරලා හදාගත්තු පුංචි කැදැල්ල ඔබට නම් දිව්‍ය විමානයක්. ඉතින් මේ විමානය තව තවත් සොඳුරු කරගන්න එක තමයි අපේ ඊළඟ වෑයම.
විශේෂයෙන්ම පිරිසිදුවට, පිළිවෙළට නිවෙස තබා ගන්නවා වගේම විවිධාකාර දෑ හරහා ගෘහ අභ්‍යන්තරය කලඑළි කරගන්නත් අපේ ගෘහණියන් හරිම දක්ෂයි. නවතම මෝස්තරයේ අලංකාර තිරරෙදි යෙදීම, ඇසට ප්‍රිය වර්ණයෙන් බිත්ති සැරසීම, දෙපයට සුව පහසුවක් දෙන අයුරින් ගෙබිම සකස් කිරීම, දීප්තිමත් ආලෝකයක් ලබාදෙන විදුලි පහන් සවි කිරීම, සුවපහසු ගෘහ භාණ්ඩ තෝරා ගැනීම ආදී මේ සියල්ල හරහා ම සිදු වන්නේ ඔබේ සොඳුරු කැදැල්ල තව තවත් අලංකාර වීමයි.
මේ සියල්ලටම අමතරව විවිධාකාරයේ මල් බඳුන්, සිතුවම් ,විවිධ නිර්මාණ ද ඔබේ මේ නිවෙස වඩාත් හැඩවැඩ කරලයි.
මේ නිර්මාණ දෙස මොහොතක් නෙත යොමන්න. ඔබේ නිවෙසට ආලෝකයත් සමඟම අපූරු චමත්කාරයක් රැගෙන එනවා නොවේද ?
යකඩයෙන් නිම වූ සරල හැඩතල සහිත මෙවැනි ඉටි පහන් රඳවන නිවෙසේ උත්සව අවස්ථාවක දී අපූරු ආලෝකයක් සපයාවි. විශේෂයෙන් ම අත ළඟටම පැමිණි නත්තල් උත්සව සමයේ මෙවැනි ඉටිපහන් රඳවනවලට ලැබෙන්නේ ඉහළ ඉල්ලුමකි. නමුත් හිතේ හැටියට සාප්පු සවාරියේ යෙදෙන්නට නොහැකි මේ කාලයේ ඔබේ නිර්මාණශීලී හැකියාව භාවිතා කරමින් පෑස්සුම් ශිල්පියකුගේ සහයෝගය ද ලබාගෙන මෙවැනි දේ නිර්මාණය කරගත හැකියි නේද ?
ඡායාරූප -අන්තර්ජාලයෙනි