සැබෑවටම ඔබ හැඩකාරියක්

ඔක්තෝබර් 30, 2019

ඔබේ රුවේ මොනතරම් අඩුපාඩු තිබුණ ද ඒවා වසා සොඳුරු හැඩකාරියක් වන්නට ඔබටත් පුළුවන්. ඇහි බැමි හොඳින් වැඩී නැතිවිය හැකියි. මුහුණ මහතට තිබිය හැකියි. නළල ලොකුවට හෝ ඉතාමත් කුඩාවට තිබිය හැකියි.

නහයේ, මුඛයේ මේ ආදී ඕනෑම තැනක මොන අඩුපාඩුව තිබුණත් ඒ සියල්ලම මේක්-අප් මඟින් සඟවාලිය හැකියි. ඒ සඳහා ඔබ නිවැරැදිව මේක්-අප් කරන්නට ඉගෙන ගත යුතුමයි. ඒ නිසා රුව පිළිබඳ ළතැවෙන්නේ නැතිව ජීවිතය දිරියෙන් දිනන්නට අදිටන් කරගෙන මේ දේවල් ඉගෙන ගෙන නොබියව ජීවිතයට මුහුණ දෙන්න.

මේ දක්වා ලිපි මාලාව මඟින් ලස්සන වෙන්න ඕනෙ කරන සියලුම දේ තෝරාගනු ලැබුවා. ඒ වගේම ඒ දේවල් නිසි පිළිවෙළකට භාවිත කිරීමට ද ඉගෙන ගත යුතුයි. තවද මෙම නිෂ්පාදන පිරිසුදුව පිළිවෙළකට ආරක්ෂාකාරීව තබාගත යුතුයි. mascara, eye Liner, Lipstick  වර්ග වගේම brush kit  එක ද තමන්ම පමණක් භාවිත කළ යුතුයි. විවිධ අය සමඟ බෙදාගෙන පාවිච්චි කිරීමෙන් විවිධ වර්ගයේ ඇස් ලෙඩ, සමේ ආසාදන ඇතිවීමේ හැකියාවක් පවතී. භාවිතයෙන් පසු brush kit, sponge වර්ග සෝදා වියළා ගන්න. wet tissue  වර්ග නිතරම ළඟ තබා ගැනීමෙන් හදිසි අවස්ථාවල දී ඡපභඵඩ පිරිසුදු කරගැනීමට පුළුවන්.

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/10/30 තරුණි බලන්න