ලස්සන වෙන්න මේ විදිහට කොණ්ඩය හදන්න

නොවැම්බර් 27, 2019

පංච කල්‍යාණයේ ප්‍රධානම තැනක් හිසකෙස් සඳහා ලැබේ. නීරෝගී, ශක්තිමත් කෙස් කලඹක් යුවතියකට සැබෑ සුන්දරත්වයක් ගෙන දේ. වර්තමානයේ බොහෝ යුවතියන් ලස්සන ගැන හිතනවාත් සමඟම හිසකෙස් නවීන පන්නයේ විලාසිතාවලට අනුව සකස් කර ගන්නටත් අමතක කරන්නේ නැහැ. මේ ජනපි‍්‍රය විලාසිතා තමන්ට ගැළපෙන්නේ කොහොමද? එලෙසින් හැඩකරගත් කෙස් කලඹක් ක්‍රමානුකූලව පවත්වාගෙන යන්නේ කෙසේදැයි අපි විමසා බලමු.

රිලැක්සිං

රිලැක්සිං කියන්නේ කොණ්ඩයක් සැහැල්ලු කිරීම පමණයි. ඒ කියන්නේ රීබොන්ඩ් එකේදී මෙන් සියයට සීයක් කොණ්ඩෙ කෙළින් වෙන්නේ නැහැ. රැලි කොණ්ඩයක සියයට පනහක හැටක වගේ රැලි ඉවත් වූ විට රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙනවා කියන්නේ සැහැල්ලු වීමක්. රිලැක්සිං එකෙහි තිබෙන වාසිය නම් දැක්ක පමණින් කිසිවකුට කියන්න බැහැ කොණ්ඩෙට කිසිවක් කර ඇති බවක්. මෙහිදී හිසකෙස් කෙළින් වෙන්නේ ස්වාභාවික විදිහටයි.

ස්ට්‍රේටිං/ රීබොන්ඩිං

කොණ්ඩයේ ඇති ස්වාභාවික රැලි ගතිය ඉවත් කෙරේ. එය රීබොන්ඩිං ලෙස හැඳින්වේ. අකීකරු කොණ්ඩය කීකරුකර ගැනීමට මෙය සුදුසුයි. ඕනෑම කෙනකුගේ කොණ්ඩයක් කඩා හැළෙන ආකාරයෙන් තිබෙන විට ඔවුන්ගේ පෞරුෂයට ලොකු ආකර්ෂණයක් ලැබෙනවා. තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් ලැබෙනවා. විශේෂයෙන් උත්සව අවස්ථාවකට යනවිට හෙයාර් ස්ටයිල් දමන්න අවශ්‍ය නැහැ.

උපදෙස්

රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී දිනේෂ් මධුසංඛ

සැලොන් මූඩ්ස්

 

2019/11/27 තරුණි බලන්න