වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තේ කෝප්පයක රස මහිමය
රුව රකින ක්‍රම
තම්බා නිවා ගත් ටී බෑග මඟින් රුව හැඩ කරගත හැකි ආකාර ගණනාවකි. ඇස් වටා ඉදිමී ඇති විට තම්බා නිවා ගත් ටී බෑග එක් ඇසක එක් බෑගයක් මඟින් දෑස් මත මිනිත්තු 10 - 20 ක් තබන්න.
තේවල අඩංගු කැෆේන් මඟින් රුධිර නහර හකුළවයි. ඇස් වටා අඳුරු පැහැය නැති කරයි.
අව්ව නිසා ඇතිවුණු කැළැල් මැකීමට කැළැල් ඇති තැන් මත ටී බෑග තබන්න.
මුහුණේ ඇති තෙල් ගතිය ඉවත් කිරීමට තේ බෑගයකින් මුහුණ සෙමෙන් පිරිමදින්න. ඉන්පසු පිරිසුදු තුවායකින් පිස දමන්න.
මුහුණේ සම වියළි නම් තේ ( බ්ලැක් ටී ) තැම්බූ ජලයෙන් මුහුණ සෝදන්න. මුහුණේ සම පවිත්‍ර වී ඔපයක් ලැබේ.
නිවා ගත් තේ වතුර ගල්වා පැයක් පමණ පෙඟෙන්න තබා සෝදන්න. කෙස් වැටිය ඔප වැටෙන අතර කෙස්වලට වන හානිය ද වළකියි.
කාන්තාවන්ගේ පමණක් නොව පිරිමින්ට රැවුල කැපූ පසු ඇතිවන කැසීම, පලු හටගැනීම, රතු වීම වැළැක්වීමට සීත කළ තේ බෑග ඒ මත තබන්න.
පාදවලට දහදිය දමනවා නම් පාදවල අමිහිරි ගන්ධයක් ඇත්නම් තේ තැම්බූ ජලයේ පාද ටික වේලාවක් ගිල්වා තබන්න. බ්ලැක් ටී ලප, කුරුලෑ අඩු කිරීමට ද යොදා ගත හැකියි. මදුරුවන් දෂ්ට කළ විට සහනයක් ලබා ගැනීමට ද මේ තේ ප්රතිකර්මය කදිමයි.
ජලය හැරුණු කොට ලොව වඩාත්ම බීමට ගන්නා පානය තේය. සියයට 78 ක්ම සාමාන්‍ය තේ රස(කළු තේ) විඳිද්දී කොළ තේ හෙවත් ගී්රන් ටී රස විඳින්නේ සියයට 20 ක් පමණයි. කළු තේ වුණත් කොළ තේ වුණත් සියලු තේ වර්ග අපේ නීරෝගිකම වර්ධනය කරයි. ප්‍රතිශක්තිය ඉහළ නංවයි. ඒ ඉතා වටිනා කැෆේන්, ෆ්ලෝරයිඩ්, ෆ්ලේවනොයිඩ ඇතුළු වටිනා සංඝටක රැසක් මෙහි අඩංගු නිසයි.
ඒ වාගේම රුව රැකීමටත් උපකාරී වෙයි. එහෙත් වැඩිදෙනෙක් තේ රස විඳින්නේ ගතට සිතට ප්රබෝධයක් ලබා ගැනීම සඳහායි.
චීනය වසර හාර දහසකට අධික කාලයක් තේ රස බලන ජාතිකයකි. චීනයේ් මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ නිරන්තරයෙන් තේ පානය කරනවා නම් හෘදයාබාධවලට ආඝාතයට අධික රැධිර පීඩනයට ගොදුරු වෙන්නේ අඩුවෙන් බවයි. අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයට අනුව ගී්රන් ටී පානයෙන් හෘද රෝග ඇතුළු බොහෝ රෝගවලින් මියයාමේ අවදානම අඩු වෙයි. ජපානයේ වැඩි දෙනෙක් දීර්ඝායු භුක්ති විඳිමේ රහස් අතරින් ගී්රන් ටී එක් රහසකි.
2020/01/29 තරුණි බලන්න