සමේ පැහැය විවිධාකාරයි

නොවැම්බර් 4, 2020

ප්‍රශ්නය - වයස අවුරුදු 23ක කාන්තාවක්මි. මගේ සම විවිධාකාර පැහැයන්ගෙන් සමන්විතය. මුහුණ වෙනත් පාටක්, අත් දෙක තව පාටක්, කකුල් දෙක තවත් පාටකි. මට සුදු වීමට අවශ්‍යයි. මුළු ඇඟම එකම සුදු පාටක් කර ගැනීමට නිවෙසේදී සරලව සකසා ගත හැකි ආලේපයක් තිබේ ද?

මාවතගම - ටානියා

පිළිතුර -

මිනිසුන්ගේ සම විවිධ වර්ණයෙන් යුක්ත වෙනවා. ඔවුන්ට උරුම වු සමේ වර්ණය තුළ ඔවුන්ටම අනන්‍ය වු ලස්සනක් ඇති බව අමතක නොකරන්න. සම පැහැපත් කර ගැනීම කාගේත් හීනය වුවත් ලප කැළැල් වලින් තොර නීරෝගි සමක් මුහුණට එක්කරන්නේ ප්‍රියමනාප බවකි.

සම සුදු කරගන්න, පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න අතීතයේ ඉඳලාම කාන්තාවන් බොහොම උනන්දුයි.

සමෙහි වර්ණය ලබා දෙන්නේ මෙලනින් නම් වර්ණකයයි. මෙලනින් සමෙහි අපිචර්මයේ නිපදවෙන අතර එය වැඩි නම් සම අඳුරු පැහැයක්ද එය අඩු නම් සම පැහැපත් බවක්ද ගන්නවා.

වර්තමානයේදී බොහෝ කාන්තාවෝ සුදු වෙන්න විවිධ එන්නත්, ආලේපන සහ ටැබ්ලට්ස් වර්ග භාවිත කරති.

ඒවායින් ඉක්මනින් සම සුදු වුවත් පසුකාලීනව ඇතිවන අතුරු අබාධ බොහොමයි. ඇතැම් විට පිළිකාවලට පවා ගොදුරු විය හැකියි.

ඒ නිසා සුදු වීම නොව මුළු සිරුරම ලප කැළැල්වලින් තොර පැහැපත් සමක් පවත්වා ගැනීමයි නිවැරැදිම සුන්දරත්වය වන්නේ.

කඩල පිටි වසර ගණනාවක් තිස්සේ සම පැහැපත් කිරීමට සහ පිරිසුදු කිරීමට කාන්තාවන් යොදාගත් ලස්සන වීමේ රහස් අතුරින් ප්‍රධාන එකක්. මෙය සමේ ළා පැහැය ඇති කොට සමේ පැල්ලම් ඉවත් කිරීමට දායක වනවා.

එපමණක් නොව සමේ තෙල් ගතිය අඩු කිරීම නිසා කුරුලෑ හට ගැනීමද මින් මර්ධනය වනවා.

කඩල පිටි මේස හැඳී දෙකකට කහ මේස හැන්දක් දමන්න.

දැන් මෙයට කිරි ටිකක් දමා තලපයක් වන සේ කලවම් කරන්න. මේ මිශ්‍රණය මුහුණේ සහ අඳුරු ස්ථානවල හොඳීන් තවරා විනාඩි 10ක් හෝ 20ක් තිබෙන්නට හැර සබන් සෝදන සේ සෝදා හරින්න.

කිරි යනු අප කවුරුත් දන්නා ස්වභාවික පිරිසුදුකාරකයක්. මෙය ඕනෑම වර්ගයේ සමක් මත කාර්යක්ෂමව ක්‍රියා කරයි.

සිසිල් කිරි මේස හැඳි 5කට ලුණු ස්වල්පයක් එක් කරන්න. දැන් පුළුන් ගුලියක් ගෙන මේ කිරි මිශ්‍රණයේ පොඟවන්න.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

2020/11/04 තරුණි බලන්න