රහස් රැසක් හෙළිකරන සිරුරේ භාෂාව

මාර්තු 10, 2021

Secrets of Body Language

මමෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් මහතා ළඟට උපදේශයක් පතා පැමිණි එක්තරා කාන්තාවක් මේසයේ ඉදිරිපස අසුනේ වාඩි වී මිනිත්තු පහක් කතා කරමින් සිටියාය. පසුව සිග්මන් ප්‍රොයිඩ් මහතා ඇයට කියා ඇත්තේ “ඔබේ දික්කසාද පෝරමය බෑගයෙන් එළියට ගන්න” යනුවෙනි.

පුදුම වූ ඇය “ඔබ ඒ බව දන්නේ කෙසේදැයි” ඇසුවාය.

 

විද්‍යාඥයා පැවසුවේ “ඔබ මිනිත්තු පහක් ඇතුළත කතා කරන විට මඟුල් මුද්ද තුන් හතර පාරක්ම ඇඟිල්ලෙන් ගලවලා දැමූ බව මම දුටුවා” සිග්මන් ප්‍රොයිඩ් මනෝ විද්‍යාඥයා එලෙස පූර්ව නිගමනයට පැමිණ තිබුණේ ඇගේ සිරුරේ භාෂාව (ඕධඤර ඹ්චදඨභචඨඥ) කියවීමෙනි.

“සිනහ වෙන්න බැරි මිනිසකු වෙළෙඳසලක් අරඹන්නට එපා” යැයි ලියා ඇත්තේ ලොව වැඩියෙන්ම අලෙවි වාර්තාවක් තැබූ ඩේල්කානගිගේ ‘සිත් ගැනීම’ ග්‍රන්ථයේය. සිනහවේද බොහෝ යටි අරුත් වේ. සිරුරේ භාෂාව මානව වර්ගයාට පමණක් නොව තිරිසන් සතුන්ගෙන් ද ප්‍රකාශ කළ හැකියි.

අප එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙනවුන් ගැන විමසා බැලීමේදී තවදුරටත් මේ බව තහවුරු කර ගත හැකියි. කෙනෙකුගේ සිරුරේ භාෂාව හඳුනාගත හැකි නම් එය අපගේ ජීවිතයට බොහෝ ප්‍රයෝජනවත් වෙයි. එසේම එය අපට තැනකදී හැසිරිය යුතු අන්දමද සිහිපත් කරවයි.

තම හිස අතගාමින් කතා බහ කරන අය තරමක් අවිශ්වාසයෙන් යුක්තයි. ඔවුන් මුදල් ගනුදෙනු කිරීම සඳහා තෝරා නොගත යුතුයි. හිස කසමින් කතා කිරීම වගේම හිස කසමින් කල්පනා කරනවුන් තුළ සැකයක් ඇත. සෘජුවම අනෙකා දෙස නොබලයි.

දිවෙන් දොතොල් පිරිමදිමින් කතා කරන අය මුදල්වලට දැඩි ගිජුකමක් දක්වයි. ඇහි බැම හකුළුවා කතා කරන්නා තුළින් දිස්වන්නේ වංක බවකි.

බිම බලාගෙන ඇඟිලිවලින් බිම පහුරු ගෑම කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු හෝ ඇය තුළ කිසිඳු අවංක බවක් නොමැතිකමයි. මානුෂික හැඟීම් ද ඔවුන් තුළ නොමැති බවක් සිහි තබා ගැනීම වටී.

පාවහන් දමා සිටියදී ද පාවහන් නොමැතිව සිටියදී ද මෙලෙසින් බිම හාරමින් කතා කරන අය කෙරෙහි විශ්වාසයක් තැබීම ඉතාම භයානක කටයුත්තකි.

උඩ බලාගෙන හෝ වරින් වර අහක බලාගෙන කතා බස් කරන්නේ නම් එයින් පැහැදිලි වන්නේ ඔබ හා කතාබහට අකැමැති බවයි. දෙඅත් පිටුපසට කර දෙඇඟිලි කරකවමින් තෙරපමින් කතා කරන්නේ නම් ඔහුගේ හෝ ඇය තුළ රාගී බව හා කාම හැඟීම් වැඩි වන බවක් පෙන්වයි.

දෙඅත් සිහින්කර දෙතොල් තෙත් කරමින් කතා නොකර හොරැහින් බලන්නේ නම් රාගයෙන් මත් වී ගෙන එන බවට ඉඟියකි.

මෙලෙසින් කෙනෙකුගේ සිරුරේ හැසිරිම් විලාසය දැක හඳුනා ගැනීමෙන් අපට ජිවත්වීම පහසු වන්නේය.

ලබන සතියේ

සිරුරින් කියන තවත් රහස් රැසක්.

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

ටී. හෙන්රිබෙම්මුල්ල