වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
ගුණරත්න ඒකනායක ලියූ නවතම කෘති දෙකක්

" යාපනය තවමත් ඈතයි, අලුත් වලව්ව, අපේම මිනිස්සු, සිවිල් සේවයෙන් විශ්රාම ගියෙමි, හුටපට වීදිය, උසාවිය නිහඬයි" ආදී කෘතිවලින් ඔබ හමුවට ආ ගුණරත්න ඒකනායකගේ නවතම කෘති දෙකක් මේ මස 28 වැනි දින දොරට වඩිනු ඇත.
"උන්මාදනියේ - නිළියකගේ කතාව" සහ "ස්මරණ "නමැති කෙටිකතා සංග්රහය මෙලෙස එළි දක්වන්නේ වසර පහක පමණ නිහැඬියාවකින් පසුවයි.
තරුණ නිළියක් එක් එක් අයගේ දූෂණයට ලක්වන ආකාරය පිළිබඳ කියවෙන කතාවක් රැගත් උන්මාදනියේ - නිළියකගේ කතාව ඔහු විසින් මෙතෙක් ලියන ලද සියලුම කතාවලට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. " ස්මරණ " සිය බිරියගේ මරණය කොයි වේලේ පැමිණේදැයි බලා සිටින දයාබර සැමියෙකුගේ මනස විග්රහ කරන අතර එය තවත් අපූරු කෙටිකතා හතකින් සමන්විත වේ .
ස්මරණ සහ උන්මාදනියේ කෘති නිපුන් ප්රකාශනයකි.