වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
ගෲප් චැට් නීති ගැන දැනුම්වත් ද?

ඉස්සර තිබුණාට වඩා අපේ වට්ස්ඇප් එකේ, මැසෙන්ජර් එකේ කොයිතරම් ගෘෘප් තියෙනවද? විනෝදෙට වගේම, ඔෆිස් වැඩවලටත්, වෙනත් වැඩ කටයුතුවලටත් සන්නිවේදනය කරන්න අපි ගෘෘප් හදාගන්න ප්‍රවණතාව සෑහෙන්න ඉහළ ගිහින් තියෙනවා.
වෙන ඕනෑම තැනක වගේම මේ චැට් ගෘෘප්වලත් අපි කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා ගෘෘප් චැට් එකකදී හැසිරෙන්නේ කොහොමද, ගෘෘප් චැට් එකක ඉන්නවා නම් නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැන දැනුවත් වීම වැදගත්.
කාවද ඇඩ් කරන්නේ?
ගෘෘප් එකකට ඇඩ් කරන්න ඕනේ ගෘෘප් එකට අදාළ අය පමණයි. ප්‍රොජෙක්ට් එකකට හදපු ගෘෘප් එකක් නම් ඇඩ් කරන්න ඕනේ ඒ අය විතරයි. ඊට පස්සේ අපි හිතමු සයන්ස් ක්ලාස් එකක් කියලා. ඒකට ඇඩ් කරන්න ඕනේ ඒ දරුවන් සහ ඒ විෂයයට අදාළ ගුරුවරුන් විතරයි.
එහෙම අදාළ නැති කෙනෙක්ව යම් කිසි ගෘෘප් එකකට ඇඩ් කරන එක ඒ මනුස්සයට විතරක් නෙවෙයි කරදරයක් වෙන්නේ. ගෘෘප් එකේ ඒ වෙනකොට ඉන්න අයටත් ඒක අපහසුතාවක් වෙනවා.
අදාළ නැති දේවල්
තමන් ඉන්න චැට් ගෘෘප් එකට අදාළ නැති දේවල් ෂෙයාර් කරන්න එපා. උදාහරණයක් විදිහට ගත්තොත්, ඉස්කෝලේ ඕල්ඩ් ගර්ල්ස් එකේ ඔෆීෂියල් කාරණා කතා කරන්න තියෙන ගෘෘප් එකක දවල් කාපු බීපුවා ෂෙයාර් කරන්න එපා. මොකක් හරි ගෘෘප් එකකට අදාළ නොවන, ඒත් ෂෙයාර් කරන්න අවශ්‍යයි කියලා හිතෙන වැදගත් දෙයක් ෂෙයාර් කරන්න ඕෙන නම්, ඒක කලින් කියලා අවසර ඉල්ලලා ෂෙයාර් කළාට කමක් නෑ.
ස්පෑම්ස් එපා
අදාළ නැති ඒවලත් එක්ස්ට්‍රීම් එක තමයි මේ. චැට් ගෘෘප්වල ස්පෑම් කරන එක. අපි කියමු සාමාන්‍යයෙන් ඕෙනම දෙයක් කතාබහ කරන, ඕෙන දෙයක් ෂෙයාර් වෙන පොදු යාළුමිත්‍ර ගෘෘප් එකක් තියෙනවා කියලා. ඒ ගෘෘප් එකේ අපි දානවා මොකක් හරි අපේ කම්පැනිය සම්බන්ධ ඇඩ් එකක්. කවුරු හරි දැනුම්වත් වෙයිනේ. හැමෝටම ඒක වැදගත්කමක් තියෙයිනේ. හැබැයි පැයකින් විතර ආයෙමත් ඕක දානවා. ඊට පස්සේ හවසටත් ආයෙමත් දානවා. ඊළඟ දවසේ උදේටත් ආයෙමත් ඔය ඇඩ් එකම ගෘෘප් එකට එවනවා. ඒවා තමයි ස්පෑම් කියන්නේ. දෙයක් අදාළ නම් එක පාරක් එව්වහම ඇති. ආයෙ ආයෙත් එවන එක ගෘෘප් එකේ ඉන්න අනිත් අයට පුදුමාකාර කරදරයක්.
සැමට එක විදිහට
චැට් ගෘෘප් එකක වුණත්, ගෙදර වුණත්, ඔෆිස් එකේ වුණත්, වෙන කොහේ වුණත් ඉන්න හැමෝටම අපි එක විදිහට ගෞරවයෙන් සලකන්න ඕනේ. ඒ වගේම, සාමාන්‍යයෙන් මොකක් හරි විශේෂිත දෙයක් වෙනුවෙන්, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් නිර්මාණය කරපු චැට් ගෘෘප් එකකදීත් සැමට ගෞරව කිරීමට අමතරව, කිසිම කෙනෙක්ට තමන් කොන් වෙලා කියලා හැඟෙන්න නොදෙන එකත් අවශ්‍ය වෙනවා.
ආවේගශීලි බව
සාමාන්‍යයෙන් සුහද සංවාදයක්, එහෙම නැතිනම් යම් කිසි විෂයකට අදාළ සංවාදයක් යන තැනකදී දේශපාලනය සහ ආගම යන කොටස් දෙක ගැන කතා කරන්න එපා. ඒ වගේ කතාබහක් අවසන් වෙන්නේ වචන හුවමාරුවක් සිද්ධ වෙලාම තමයි.
නම්බර්ස් අවභාවිතය
සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට අපේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්නේ හොඳට හිතලා බලලානේ. හැබැයි මේ වෙනකොට අපි ටෙලිෆෝන් නම්බර් එක පොදුවේ චැට් ගෘෘප්වලදී හැමෝටම නිරාවරණය කරනවා. හැබැයි එහෙම කාගෙහරි නම්බර් එකක් චැට් ගෘෘප් එකෙන් හොයාගන්න පුළුවන් වුණු පළියට ඒක අවභාවිත කරන හොඳ දෙයක් නෙවෙයි.
ඒ වගේම, චැට් ගෘෘප් එකේ ඉන්න කෙනෙක්ගේ නම්බර් එක අපිට පහසුවෙන් දකින්න පුළුවන් වුණු පළියට තව කෙනෙක්ට දෙන එකත් වැරදි වැඩක්. කෙනෙක් නම්බර් එක ඉල්ලනවා නම්, මුලින් අදාළ කෙනාගෙන් අහල ඉන්න ඕෙන නම්බර් එක මෙන්න මේ කෙනාට දෙන්නද කියලා. එතකොට අවසර ලැබුණොත් විතරයි නම්බර් එක දිය යුත්තේ.
චැට් ගෘෘප්ස් ඇත්තටම සෑහෙන්න ඵලප්‍රයෝජන තියෙන සන්නිවේදන ආකාරයක්. හැබැයි හරියට පාවිච්චි කරන්න ඕෙන.