ජංගම දුරකථන භාවිත කරන කාන්තා ඔබ අවධානය යොමු කළ යුතු කරුණු -02

මැයි 31, 2021

 

වර්තමානයේ දුරකථන භාවිතය පිළිබඳ සැලකිලිමත් වීමේදී ඉතාමත් විශාල වශයෙන් ජංගම දුරකථන ලෝකය පුරා අලෙවිවන බව නොරහසකි.

කාන්තාවන් ජංගම දුරකථනය භාවිතයේදී දැනගත යුතු සහ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් පවතින අතර අද මෙම ලිපිය තුලින් කතා කරන්නේ විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් ජංගම දුරකථනය හා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු සරල කරුණු කිහිපයක් පිළිබඳවයි.

 phone එකේ battery ඉක්මනින් බහිනවද?

මේ සඳහා අපි දැනුවත් විය යුතුම කරුණු කිහිපයකි. Charging port එක ශුද්ධ කරගමු. මේ සඳහා අපි cotton button එකක් ආධාරයෙන් සියුම් ලෙස පිරිසුදු කර ගැනීමේ හැකියාව ඇත. මෙමගින් අපිට charging port එක වටා බැඳී ඇති දුහුවිලි වගේ දෑ ඉවත් කර ගැනීම තුළින් charging slow නොවී සිදුකරගත හැකිය. සෑම විටම phone එකේ display එක සඳහා colourful නැති wallpaper එකක් use කරමු. සෑම අවස්ථාවකම අතේ උෂ්ණත්වය මගින් phone එක රත් වන අතර අවශ්‍ය විටකදී පමණක් phone එක අතට ගැනීමට වගබලා ගන්න. මොකද? අතේ උෂ්ණත්වය වැඩි බැවින්, උෂ්ණත්වය වැඩි වීම තුළින් battery ඉක්මනටම බැසීමට ලක් වන බැවිනි. ඒ වගේම phone එකේ auto rotate mode active කර ඇත්නම් off කිරීමට අමතක නොකරන්න. ඒ තුළින් battery අනිසි ලෙස බැසීම මඟහරවා ගත හැකිය. සෑම app එකක්ම use කිරීමෙන් අනතුරුව close කිරීමට අමතක නොකරන්න. එනම් background එකේ මේ apps run වීමේදී ලොකු ක්‍රියාවලියක් සිදුවන අතර හැම app එකක්ම close නොකර එකතු වන විට phone එකේ battery බැසීමට ඉක්මන් ‍ෙවනවා. phone එකේ brightness අඩු කිරීමට හැම විටම වගබලා ගන්න. ඔබ phone එකට vibrate mode යොදා ඇත්නම්, අවශ්‍ය විටකදී හැරෙන්න phone එකට vibrate mode නොදැමීම සඳහා කටයුතු කරන්න. screen එකට අනිවාර්යයෙන්ම time-out යොදා phone එක භාවිත කිරීමට කටයුතු කරන්න. ඒ සඳහා අඩු කාලයක් භාවිත කිරීමට ද අමතක නොකරන්න. GPS, WIFI, DATA, බ්ලූටූත් on කර තිබේ නම් ඒවා භාවිතයෙන් පසු off කිරීමට අමතක නොකරන්න. ඒ වගේම phone එකට පොඩි rest එකක් දීම තුළින් ද phone එකේ අනිසි ලෙස battery බැසීම අඩු කරගත හැකිය. ඒ සඳහා සෑම රාත්‍රී දිනකම නින්දට යන විට phone එක off කර තැබීමෙන් phone එකෙන් ගිලිහී යන වැඩි බැටරි ප්‍රමාණය අඩු කර ගැනීමට පහසුවෙන්ම හැකියාව උදාවනු ඇත.

 

Contact numbers  delete වුණාද?

උදාහරණයක් විදියට phone එක හදිස්සියේම නැති වුණොත් reset කරපු අවස්ථාවක අපිට ආපහු රිකවරි කරන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට රිකවරි කරත් අපිට contact numbers ගන්න බැරි අවස්ථා එනවා. එවැනි අවස්ථාවක අපට පහසුවෙන් contact numbers ලබාගත හැකි ක්‍රමයක් පිළිබඳ දැනුවත් වෙමු.

මුලින්ම අපේ phone එකේ අපි contact list එකට number එකක් add කරද්දී හඳුනාගත හැකි icon තුනක් තියෙනවා.

phone එකට number save කිරීම

, sim එකට numbers save කිරීම

සහ email එකට numbers save කිරීම.

මේ සාධක තුන පිළිබඳ අවධානය යොමු කිරීමේදී phone එකට අපි අපේ numbers save කළ අවස්ථාවක phone එක නැති වුණොත්, සිම් එකට numbers save කල අවස්ථාවක සිම් එක නැති වුණොත්, ඒ වගේම සිම් එක වැඩ කරන්නේ නැති අවස්ථාවක අපිට contact numbers ගන්න අපිට අපහසු වෙනවා.

හැබැයි අපි numbers save කරල තියෙන්නෙ අපේ email එකට නම් එවැනි අවස්ථාවක කිසිදු පැකිළීමකින් තොරව අපිට අපේ contacts list එකෙන් ඕනම number එකක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී phone එකකට number එකක් save කිරීමේදී වැඩි වශයෙන් email එකට number save කිරීමට කටයුතු කරමු.

.මුලින්ම අපි බලමු number එකක් email එකට save කර ගන්නේ කොහොමද කියලා.

අපි phone එකේ number එකක් save කරනකොට මුලින්ම අපිට add to contact කියලා phone එකේ icon එකක් දිස් වෙනවා. එතැනට ගොස් අපි touch කළ විට විට අපිට create new account යන icon එක දිස් වන අතර එයට ගොස් අපිට number එක save කරගන්න පුළුවන්. number එක save කර ගැනීමට පෙර අපිට අපේ number එක save කර ගන්නේ කුමන ආකාරයෙන් ද යන වග දිස්වනු ඇත. එහිදී

Sim එකට, phone එකට සහ email එකට ද යන වග. එහිදී email යන icon එක තෝරා ගැනීමෙන් අනතුරුව අපිට අපේ number එක save කර ගැනීමට හැකිය. .email එකට numbers save කර ගැනීමෙන් අනතුරුව කුමන හෝ අවස්ථාවක phone එක නැති විටකදී වුවද සහ sim එක නැතිවුණු අවස්ථාවකදී වුවද ඕනෑම number එකක් අවශ්‍යතාව අනුව email එක ගූගල් එකේ search කර අපේ contact list එක තෝරා ගැනීමෙන් අනතුරුව අපිට අවශ්‍ය contact number එක ලබා ගැනීමෙන් අපේ අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකිය.