විභාගයෙන් පස්සේ යන්න මේ මඟ ඔස්සේ

ජුනි 5, 2023

 

අධ්‍යාපනයේ උච්චතම ඵල නෙළා ගන්නට යන මාවතේ දී එය උපාධියකින්, පශ්චාත් උපාධියකින් නිම වනු දැකීමට කවුරු නම් ආශා නොකරම්ද? වත්මනේ අපේ රට විවිධ අර්බුදයන්ට ගොදුරු වෙමින් පැවතිය දී පාසල් යන වයසේ පසුවන සිසු සිසුවියන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාගයන් සඳහා මුහුණදීමට සිදුවූයේ නියමිත කාල වකවානුවල නොවේ.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරු දැරියන් තම ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියදී, සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ දිනවල පෙනී සිටින දරු දැරියන් පිරිසක් වෙති. උසස් අධ්‍යාපනයට හිමිකම් නොලබන තරුණ දූ දරුවන්ට වෘත්තීමය පුහුණුව ලබාදීම සඳහා අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීමය පුහුණු ආයතන කීපයක්ම ක්‍රියාත්මක වේ. රාජ්‍ය මට්ටමින් මේ වගකීම දරන ආයතන අතර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පෙරමුණේම සිටියි.

කඩඉම් විභාගයකින් නිසි ලෙස සමත් වන්නට නොලැබුණා යැයි පශ්චාත්තාප වන්නට එපා. තරුණ පුතුන් ත්‍රීවීලරයක් ගෙන ත්‍රිරෝද රථ ගාලේ ගාල්වන්නට සිතන්න එපා. එන්න, ඇවිත් වෘත්තීය පුහුණුව ලැබ දෙස් විදෙස් රටවල පිළිගත් සහතිකයක් ලබාගන්න. ඔබේ ජීවිතය පහන් ආලෝකයෙන් දල්වාලන්න.

 

විශේෂ ස්තූතිය NATA හි මාධ්‍ය අංශයේ

යූ.එම්.සී.ජී.කුමාර,

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ

 

සුමිත් කෝරාළ

(සහකාර අධ්‍යක්ෂ, වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශය,)

සිසිර ලුණුවිල

(සහකාර අධ්‍යක්ෂ, වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශය,)

මොකක්ද මේ NVQ

 

අවිධිමත්ව පුහුණුව ලබා රැකියාවල නිරතව සිටින එහෙත් තම වෘත්තියේ පිළිගත් සහතිකයක් නොමැති පිරිස් සඳහා 'පෙර දැනුම් ඇගැයීම්' ක්‍රමය යටතේ ඇගැයීම් පවත්වා ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය එනම් NVQ සහතිකය ලබා දීමට කටයුතු කිරීම ද නයිටා ආයතනයේ තවත් ජාතික මෙහෙවරකි. විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය සඳහා විශේෂ පිළිගැනීමක් තිබේ. NVQ සහතික ලාභීන්ට පහසුවෙන් රැකියා ලබාගත හැකි වීම, උසස් සහ ඉහළ වැටුප් ලැබීම වැනි ප්‍රතිලාභ හිමිවේ. දැනට මට්ටම් 4කින් ජාතික වෘත්තීය සුදුසුකම් ඇගයීම පැවැත්වෙන අතර සමත්වන මට්ටම අනුව ජාතික සහතිකයක් පිරිනැමේ.

RPL හරහා NVQ
 

මොකද්ද මේ RPL

 

විධිමත් සහ අවිධිමත් අංශවල සේවය කරන පුද්ගලයන්ට මෙන්ම කර්මාන්ත ආශ්‍රිත සේවා පළපුරුද්ද ඇති ස්වයං රැකියා ලාභීන්ට පෙර දැනුම ඇගැයීමේ ක්‍රියාවලිය හරහා ජාතික වෘත්තීය සුදුසුකම් ලබාගත හැකියි. දැනුම, කුසලතා සහ නිපුණතා සහිත පළපුරුදු සේවකයන්ට ජාතික වශයෙන් පිළිගත් සහතිකයක් ලබා ගැනීමෙන් ඔවුන්ගේ පෙර දැනුම සඳහා පිළිගැනීමක් ලබාගත හැකියි. ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් මත පදනම්ව ඔබේ කුසලතා ඇගැයීමට ලක්කර ගැනීම සඳහා RPL ඔබට අවස්ථාව ලබා දේ. සේවා පළපුරුද්ද ඇති නමුත් විධිමත් තාක්ෂණික හෝ අධ්‍යාපනික පාඨමාලා හදාරා හෝ සම්පූර්ණකර නොමැති පුද්ගලයන්ට NVQ සහතිකය ලබාගැනීම සඳහා RPL උපකාර කරයි.

 

RPL හරහා NVQ සහතිකය ලබා ගැනීමෙන් අත්කරගත හැකි වාසි

 

* NVQ සහතිකය ජාතික වශයෙන් පිළිගත් සහතිකයක්වන අතර එම රැකියාවේ අදාළ NVQ මට්ටම දක්වා ඔබට නිපුණතා ඇති බව එමඟින් තහවුරු කරයි.

* විදේශ රැකියා සඳහා යොමු වීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

* තාක්ෂණික අංශයේ NVQ 3 මට්ටමේ සුදුසුකම ඇති අයෙක් සාමාන්‍ය පෙළ සමත් ලෙසත්, NVQ මට්ටමේ සුදුසුකම ඇති අයෙක් උසස් පෙළ සමත් ලෙසත් සමානකර ඇත.

* වැටුප් වර්ධක සහ රැකියා උසස්වීම් සඳහා උපකාරී වේ.

* RPL නිපුණතා ප්‍රමිතීන්, කර්මාන්තයේ වෘත්තිමය වශයෙන් දක්ෂ පුද්ගලයන්ගේ දායකත්වයෙන් සකස්කර ඇති බැවින් එම කුසලතා කර්මාන්තය තුළ සිදු කළ යුතු කාර්යයන්වලින් සමන්විත වේ. ඒ නිසා NVQ සහතික ලත් අයට රැකියා සෙවීම පහසුයි.

* NVQ සහතිකය ලබන්නන් තවදුරටත් උසස් සුදුසුකම් ලබා ගැනීමට උනන්දු වන්නේ නම් RPL පද්ධතිය ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය වැඩි දියුණු කිරීමට දිරිමත් කරයි. සාමාන්‍ය පෙළ අසමත් අයකුට වුවද උපාධි මට්ටම දක්වා යෑමට NVQ 7 සුදුසුකම් ලබා ගැනීමෙන් හැකිවේ.

 

RPL මඟින් NVQ සහතිකයක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

NVQ 2/3 වැනි මට්ටම සඳහා

ඉල්ලුම් කරන යම් වෘත්තියකට අදාළව වසර එකහමාරක් හෝ ඊට වැඩි කර්මාන්ත ආශ්‍රිත සේවා පළපුරුද්ද සහිත වීම

හෝ

අයැදුම් කරන වෘත්තියට අදාළව වසර එකහමාරක් හෝ ඊට වැඩි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට ග්‍රාම නිළධාරී තුමාගේ සහතිකය සහිත වීම.

**RPL හරහා NVQ 2/3 සහතිකය සඳහා අයැදුම් කරන විට අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 18 ක් විය යුතුයි.

 

NVQ 4 වැනි මට්ටම සඳහා

අයදුම් කරන වෘත්තියට අදාළව වසර හතරකට හෝ ඊට වැඩි වෘත්තීය පළපුරුද්ද ඇති ඕනෑම අයකුට

හෝ

* අයදුම් කරන වෘත්තියට අදාළව වසර හතරකට හෝ ඊට වැඩි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට ග්‍රාම නිළධාරී තුමාගෙ සහතිකය සහිත වූ අයෙකුට

හෝ

* NVQ 3 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම් වසර දෙකක වෘත්තීය පළපුරුද්ද සහිත අයෙකුට

* තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හැදෑරීමෙන් පසු පහත වෘත්තීය පලපුරුද්ද අවශ්‍ය වෙයි.

* මාස 6 - 12 දක්වා කාලසීමාවක පාඨමාලාවක් - වසර 3 ක වෘත්තිය පළපුරුද්ද

* මාස 12 - 24 දක්වා කාලසීමාවක පාඨමාලාවක් - වසර 2 ක වෘත්තිය පළපුරුද්ද

* මාස 24 - 36 දක්වා කාල සීමාවක පාඨමාලාවක් - වසර එකහමාරක වෘත්තිය ලෙසින් පළපුරුද්ද සහිත වීම

*** RPL හරහා NVQ 4 සහතිකය සඳහා අයදුම් කරන කරන විට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු විසි එකක් විය යුතුයි.

ඉහත ක්‍රමවේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම් NVQ - RPL සඳහා ලියාපදිංචි විය හැකියි.

RPL හරහා NVQ සඳහා අයැදුම් කරන්නේ කෙසේද?

NVQ සහතිකය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් අයැදුම්පත බාගත හැකියි. නැතහොත් NATA ප්‍රධාන කාර්යාලයේ RPL අංශයෙන් හෝ NATA හි දිස්ත්‍රික් කාර්යාලයකින් ද ලබාගත හැකියි.

RPL හරහා NVQ

සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මොනවාද?

* ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන කරන ලද ඡායා පිටපතක්

* සේවා සහතිකයේ සහතික කරන ලද කරන ලද ඡායා පිටපතක්

♦️විධිමත් සේවා අංශයක සේවය කළ අයෙකු නම් තම සේවා කාලය පැහැදිලිව දැක්වෙන අයුරින් විධිමත් සේවා සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.

♦️පෞද්ගලික අංශයේ සේවය කරන්නෙකු නම් විධිමත් සේවා සහතිකය සමග සේවක අර්ථසාධක අරමුදල් ප්‍රකාශනය

♦️ රාජ්‍ය අංශයේ සේවය කරන්නකු නම් ආයතනික සේවා සහතිකය

♦️තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයකු නම් එකී ව්‍යාපාරය ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත් අයදුම්කරු අදාළ වෘත්තියෙහි යෙදී සිටින සිටින බවත් සනාථ කරන ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකයක් සමග තම ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

♦️ඔබ විදෙස් රටක සේවය කර එම සේවා සහතික ඉදිරිපත් කරන්නේ නම් සේවා සහතිකය සමග විදේශ ගමන් බලපත්‍රය හා වීසා පිටුවල පිටපත් යොමු කළ යුතුවේ.

♦️ බැංකු රිසිට්වල මුල් පිටපත්

ඔබගේ ඉදිරිපත් කරන සියලුම ඡායාපිටපත් සාම විනිසුරු විසින් සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය.

NVQ සහතික ලබා ගත හැකි වෘත්තීන් ගණනාවක් වෙයි. එය දමඳ.ඨධම.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

 

 

* අයදුම් කරන වෘත්තියට අදාළව වසර හතරකට හෝ ඊට වැඩි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට ග්‍රාම නිලධාරීතුමාගෙ සහතිකය සහිත වූ අයෙකුට

හෝ

* NVQ 3 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම් වසර දෙකක වෘත්තීය පළපුරුද්ද සහිත අයකුට

* තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හැදෑරීමෙන් පසු පහත වෘත්තීය පලපුරුද්ද අවශ්‍ය වෙයි.

* මාස 6 - 12 දක්වා කාලසීමාවක පාඨමාලාවක් - වසර 3 ක වෘත්තිය පළපුරුද්ද

* මාස 12 - 24 දක්වා කාලසීමාවක පාඨමාලාවක් - වසර 2 ක වෘත්තිය පළපුරුද්ද

* මාස 24 - 36 දක්වා කාල සීමාවක පාඨමාලාවක් - වසර එකහමාරක වෘත්තිය ලෙසින් පළපුරුද්ද සහිත වීම

 

*** RPL හරහා NVQ 4 සහතිකය සඳහා අයදුම් කරන කරන විට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු විසි එකක් විය යුතුයි.

ඉහත ක්‍රමවේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම් NVQ - RPL සඳහා ලියාපදිංචි විය හැකියි.

RPL හරහා NVQ සඳහා අයැදුම් කරන්නේ කෙසේද?

NVQ සහතිකය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් අයැදුම්පත බාගත හැකියි. නැතහොත් NATA ප්‍රධාන කාර්යාලයේ RPL අංශයෙන් හෝ NATA හි දිස්ත්‍රික් කාර්යාලයකින් ද ලබාගත හැකියි.

 

 

රජයෙන් ලැබෙන වෘත්තීය පුහුණුව

කර්මාන්තයට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් නිපුණ ශ්‍රම බළකායක් බිහිකිරීම සඳහා අවැසි වෘත්තීය වටපිටාව සකස් කිරීමේ රාජ්‍ය මට්ටමේ වගකීම දරන්නට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සැදී පැහැදී සිටියි.

 

ආධුනිකත්ව පුහුණුව තරුණ තරුණියන්ට ඉතා පහසුවෙන් රැකියා සඳහා ප්‍රවිෂ්ට විය හැකි මඟකි. ඒ අනුව උසස් අධ්‍යාපනයට හිමිකම් නොලබන ශ්‍රී ලාංකික තරුණ දූ දරුවන්ගේ ආධුනිකත්ව පුහුණු අවශ්‍යතා සපුරාලීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතින් ජාතික ආධුනිකත්ව මණ්ඩලය ස්ථාපිත කරන ලදී. විසි වසරකට ආසන්න කාලයක් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ ජාතික ආධුනිකත්ව මණ්ඩලය පසුව සිය බලතල වඩාත් පුළුල් කර ගනිමින් 'ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය' බවට පත් විය.

ආධුනිකත්ව පුහුණුවේ මහගෙදර බවට පත්ව ඇති ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඇත්තේ 'නයිටා ආයතනය' නමිනි.

වයස අවුරුදු 16 සිට 35 දක්වා තරුණ පිරිස් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන නයිටා ආයතනය සෘජුවම රැකියා වෙ‍ෙළඳ පොළ ඉලක්ක කර ගනී. නයිටා ආයතනයේ පුහුණු ක්‍රියාවලිය දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල 25කින්, ජාතික ආයතන තුනකින් සහ පුහුණු මධ්‍යස්ථාන 70 කින් සමන්විත වේ. නයිටා ආයතනය වෘත්තීය ක්ෂේත්‍ර 25 ක් යටතේ වෘත්තීන් 170 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සිය පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබයි.

වැඩ පරිසරයක් තුළ වැඩ කරමින් ඉගෙන ගැනීම තුළින් තම වෘත්තීයට අදාළ නිපුණතා ලබා ගැනීම කර්මාන්ත පාදක ආධුනිකත්ව පුහුණුයි. කර්මාන්ත පාදක ආධුනිකත්ව පුහුණුව නයිටා ආයතනයේ ප්‍රධාන පුහුණු ක්‍රමවේදය වන අතර, මෙම පුහුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලත් එකම රාජ්‍ය ආයතනය වන්නේ ද නයිටා ආයතනයයි.

දිස්ත්‍රික් කාර්යාල

නයිටා ආයතනයේ ආධුනිකත්ව පුහුණුව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන්නේ දිස්ත්‍රික් කාර්යාල විසිනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහය ද ඇතිව අදාළ ප්‍රදේශවල සිටින උසස් අධ්‍යාපනයට හිමිකම් නොලබා පාසල් අධ්‍යාපනය අවසන් කරන හෝ අතරමඟ පාසල් හැර යන දරුවන් සහ අඩු ආදායම් පවුල් වල දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙහිදී සිදුවේ.

කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය - කටුබැද්ද

 

නයිටා ආයතනය යටතේ ක්‍රියාත්මක කරන ලද ලද ප්‍රථම ජාතික ආයතනයයි. කර්මාන්ත ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය මඟින්

* ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී (විශේෂ)

 

* විදුලි කාර්මික ශිල්පී (විශේෂ)

* ඉදිකිරීම් සුපරීක්ෂක

* ශීතකරණ හා වායු සැකසුම් ශිල්පී

* යාන්ත්‍රික කාර්මික ශිල්පී (විශේෂ)

* පරිගණක චිත්‍ර නිර්මාණ ශිල්පී

* පෑස්සුම් ශිල්පී (විශේෂ)

 

* දැව කාර්මික ශිල්පී (ගොඩනැගිලි)

* දැව කාර්මික ශිල්පී (ගෘහ භාණ්ඩ)

* පොත් බඳින්නා

* ඇලුමිනියම් පිළිසකරකරු

* බහු කුසලතා ඉදිකිරීම් ශිල්පී

* ඉදිකිරීම් ශිල්පී (පෙදරේරු)

හැදෑරීමට අවස්ථාව ලැබේ.

ඉහත සඳහන් සඳහන් සියලුම පාඨමාලා සඳහා NVQ 4 සහතිකය හිමිවේ.

ඉංජිනේරු තාක්ෂණ ආයතනය - කටුනායක

** සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය

* ගොඩනැගිලි සහ ව්‍යුහ

* මහාමාර්ග සහ දුම්රිය මාර්ග

* ජල හා පාරිසරික

** විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රය

* විද්යුත් හා සන්නිවේදන

* විදුලි බල

** යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය

* ස්වයං චලන

* යාන්ත්‍රික (සාමාන්‍ය)

* නාවික

⁣ඉහත සඳහන් සියලු පාඨමාලා සඳහා NVQ 6 සහතිකය හිමිවේ.

යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයක් වන ඉංජිනේරු තාක්ෂණ ආයතනය සඳහා තරගකාරී ලිඛිත පරීක්ෂණය කින් වසරකට 400ක පමණ සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනේ.

මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - ඔරුගොඩවත්ත

දිනෙන් දින ධාවනයට එකතු වන නවීන තාක්ෂණයෙන් යුත් මෝටර් රථ නිසා මෝටර් කාර්මික ක්ෂේත්‍රය ඉහළ වැටුප් ලැබිය හැකි රැකියා අවස්ථාවන් බහුල ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. මෙම ක්ෂේත්‍රය තුළ විධිමත් පුහුණුවක් ලැබූ නිපුණ ශිල්පීන්ට දෙස් විදෙස්වල ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී.

'ජපන් ටෙක්' නමින් හැඳින්වෙන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය නයිටා ආයතනය යටතේ ක්‍රියාත්මකවන මෝටර් රථ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයකි. මෙය නයිටාහි තෙවැනි ජාතික ආයතනයයි.

* මෝටර් රථ කාර්මික ශිල්පී

* මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී

 

 

* යන්ත්‍ර ශිල්පී

* මෝටර් රථ ටින්කර් සහ පින්තාරු ශිල්පී

* මෝටර් රථ වායුසමීකරණ යාන්ත්‍රික ශිල්පී

යන ක්ෂේත්‍රවල අර්ධ කාලීන පාඨමාලා ගණනාවක් ද මෙම අංශය මඟින් ක්‍රියාත්මක කෙරේ. වසරකට මෝටර් රථ ක්ෂේත්‍රයේ නිපුණ ශිල්පීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් දෙස් විදෙස් ශ්‍රම බළකායට තිළිණ කරන මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ රැකියා ගත වීමේ ප්‍රතිශතය සියයට සියයක් වීම විශේෂත්වයකි.

 

ජංගම පුහුණු මධ්‍යස්ථානය

නව තාක්ෂණය නගරයෙන් ගම් දොරට රැගෙන යාමේ අරමුණ ඇතිව ජංගම පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එහි සමස්ත නිර්මාණ කාර්යය නයිටා ආයතනය සතුය. ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථයක් යළි අලුත්වැඩියා කර ධාවන තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව එය නවීන තාක්ෂණයෙන් යුත් විදුලි හා ඉලෙක්ට්‍රොනික පුහුණුව ලබාදිය හැකි පහසුකම් සහිත විද්‍යාගාරයක් බවට පත්කර මෙම ජංගම පුහුණු මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත.

අවම පහසුකම් සහිත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සිටින දරුවන් හට නව තාක්ෂණය යටතේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර පිළිබඳ හැදෑරීමට සියලු පහසුකම් මෙම මධ්‍යස්ථානය තුළ තිබේ. මෙම ජංගම පුහුණු විද්‍යාගාරයේ තුළින් ග්‍රාමීය දරුවන් නව තාක්ෂණයට ආකර්ෂණය කරගනිමින්, ඔවුන්ට ඉතා පහසුවෙන් දෙස් විදෙස් රැකියා අවස්ථා උදාකර දීම සඳහා නයිටා ආයතනය අන්තරයෙන්ම කටයුතු කරයි.

 

ත්‍රීරෝද රථ රියැදුරන් සඳහා බහුවිධ නිපුණතා වැඩසටහන skills for u

වර්තමානයේ දිවයින පුරා ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන දස ලක්ෂයකට අධික පිරිස සඳහා විවිධ වෘත්තීන්වල පුහුණුවක් ලබාදී ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම සඳහා දියත් කර ඇති skills for u වැඩසටහනේ වෘත්තීය පුහුණුව ලබාදීමේ කාර්යභාරය නයිටා ආයතනය විසින් සිදුකරනු ලබයි.

ත්‍රී රෝද රථ රියදුරන් බහුවිධ නිපුණතා සහිත වෘත්තිකයන් බවට පත් කිරීම, ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම, ත්‍රීරෝද රථ රියැදුරන් පිළිබඳ ඇති පටු ආකල්ප බැහැර කරවීම ආදිය මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ගෘහස්ථ විදුලි ශිල්පී, ගෘහස්ථ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම, ජලනළ කාර්මික, වඩු කාර්මික, පෙදරේරු, උත්සව කළමනාකරණය, කොණ්ඩ කැපීම, ගෙවතු අලංකරණය වැනි වෘත්තීන්වල පුහුණුවක් ඔවුන්ට ලබා දීමට සැලසුම් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන්ට ජාතික නිපුණතා සහතිකය(NVQ 4)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි අපොස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන ලද සිසුන් සඳහා විශේෂ කර්මාන්තගත පුහුණුවක් ලබාදේ.

මෙහිදී සිය ළැදියාව මත තෝරා ගනු ලබන වෘත්තීය ක්ෂේත්‍රයක සය මාසික විශේෂ කර්මාන්තගත පුහුණුවක් සඳහා රජයේ හෝ පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයකට/ කර්මාන්තයකට යොමු වීමට සිසුන්ට අවස්ථාව සැලසේ.

 

කර්මාන්ත සහයෝගිතා ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය

ඔරුගොඩවත්තේ නව ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙම පුහුණු මධ්‍යස්ථානයේ විදුලි සංදේශ තාක්ෂණ ශිල්පී(telecommunication technician) NVQ 4 උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කර ඇති අතර තොරතුරු තාක්ෂණ ශිල්පී(ඤපධදඥ නඪතධබ බපචඪදඪදඨ) වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 

සූර්ය ප්‍රකාශක වෝල්ටීයතා පද්ධති තාක්ෂණ ශිල්පී පාඨමාලාව

විදුලිබල අර්බුදයට විසඳුමක් ලෙස ලෝකයේ බොහෝ රටවල ක්‍රියාවට නංවා ඇති සූර්ය

ප්‍රකාශක වෝල්ටීයතා පද්ධති තාක්ෂණ ක්‍රම වේදයට ශ්‍රී ලංකාවත් නැඹුරු කරවීමේ අරමුණින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ. මෙහි පාඨමාලා කාලය වසර එක හමාරක් වන අතර මුල් මාස හය පුහුණු මධ්‍යස්ථානයේ ද ඉදිරි වසරක කාලය කාර්යස්ථ පුහුණුව සඳහා ද වෙන් කර ඇත. මාස හයක පුහුණුව අතරතුර සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා එක්ව ලබා දෙනු ලබන උසස් පුහුණුවක් ද ආධුනිකයන්ට හිමිවේ. සූර්ය ප්‍රකාශකය වෝල්ටීයතා පද්ධති තාක්ෂණ ශිල්පී පාඨමාලාව වර්තමානයේ රැකියා අවස්ථා බහුල පාඨමාලාවක් ලෙස නයිටා ආයතනය හඳුනාගෙන ඇත.

 

දෙස් විදෙස් රැකියා සෘජුවම ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇති නවතම පාඨමාලා

* මෘදුකාංග ඉංජිනේරු ඩිප්ලෝමාව (අ.පො.ස. උසස් පෙළ)

* බරවාහන රියැදුරු සහතිකපත්‍ර පාඨමාලාව (අ.පො.ස. සාමාන්‍ය පෙළ)

* ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණ ශිල්පී ඩිප්ලෝමාව (අ.පො.ස. උසස් පෙළ)

* ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ ගෘහ අලංකරණ ඩිප්ලෝමාව(අ.පො.ස. උසස් පෙළ)

* Barrister Maestro - G.C.E. A/L

* සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

 

 

ජීවිත ඉණිමග නඟින්න මේ පාරට එකතු වෙන්න

 

වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුව හදාරන ඔබට ජාතික වෘත්තිය සුදුසුකම් ක්‍රමය(NVQ) යටතේ උපාධිය දක්වා හැදෑරීමේ අවස්ථාව ද හිමිවේ.

 

NVQ 1 සිට 4 දක්වා දිවෙන්නේ සහතික මට්ටම(ඛ්ඥපබඪටඪජචබඥ ඹ්ඥමඥත )යි. පාසල් යන වයසේ පසුවන දරුවන් සඳහා ප්‍රායෝගික අවස්ථා විරල බැවින් 1, 2 අවස්ථා හැදෑරීමට පුළුවනි. NVQ 1, 2 වැනි මට්ටම් කරා ළඟා වීමට විටෙක අ.පො.ස.සාමාන්‍ය පෙළ පවා අවශ්‍ය නොවේවි. වයස අවුරුදු 16 පමණ වූවිට NVQ 1,2 කරා යා හැකියි. පූර්ණකාලීන පාඨමාලා හදාරන්නට උපරිම වයස 30 ලෙස දැක්වූවත් කෙනකුට යම් පාඨමාලාවක් හදාරන්නට පූර්ණකාලීනව කැපවිය හැකි නම් වයස පිළිබඳ තැකීමක් නොකරයි.

තරුණියන් සඳහා වෙන් වුණු විශේෂ පාඨමාලා ලෙස වර්ගීකරණයක් නොමැත. වෘත්තිය පුහුණු අධිකාරිය මඟින් පවත්වන ඕනෑම පාඨමාලාවක් හදාරන්නට ඔවුන්ට අවස්ථාව තිබේ.

 

පාඨමාලා 213 ක්

ක්ෂේත්‍ර 18 ක් යටතේ පාඨමාලා 213 ක් පමණ ක්‍රියාත්මක වේ. ජාතික මධ්‍යස්ථාන, දිස්ත්‍රික් මධ්‍යස්ථාන, ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා පූර්ණකාලීන එක් පාඨමාලා කාලයක් සඳහා සිසු සිසුවියන් 35,000 - 40,000 ක් අතර ප්‍රමාණයක් බඳවා ගැනේ. අර්ධකාලීන පාඨමාලා සඳහා තවත් 15000 ක ප්‍රමාණයක් බඳවා ගනියි. කුසලතාව, දැනුම හා අත්දැකීම් පදනම් කරගත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් සමඟින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නට දරුවන්ට අවස්ථාව තිබේ.

 

ස්වයං රැකියා සඳහා වැඩි ඉඩක්

පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු තරුණ තරුණියන් දේශීය සහ විදේශීය රැකියා සඳහා යොමු කරවන අතර ව්‍යවසායකයන්ට පුහුණුව සමඟ ස්වයං රැකියාවක් සඳහා ඉඩහසර වෙන් කරන්නේ නම් ඉඡ්ර්‍ථධ් නමැති මූල්‍යාධාර ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන්නට අවස්ථාව සලසා දේ.

මීට අමතරව සෑම බැංකුවකම ස්වයං රැකියාලාභීන් සඳහා ණය යෝජනා ක්‍රම ඇත. ඒවා ලබා ගන්නට අවශ්‍ය උපදෙස් ද සපයයි.

ස්වයං රැකියා ආරම්භයට පෙර දින 8 ක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දේ. ඔවුන් ලවාම බිස්නස් ප්ලෑන් එකක් සාදවයි. බැංකු හරහාම ඒ සඳහා අවශ්‍ය සහතික කිරීම් ලබා ගනියි.

 

 

රස්සාවක් හොයාගන්න සුදුසු මඟක් තනාගන්න

 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය දිවයිනේ තරුණ තරුණියන් හට වෘත්තීය පුහුණුවක් ලබා දී අදාළ ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද්දකි.

 

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ කරන්නට වරම් නොලද දරුවන්ට, සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ කරන්නට මැලිකමක් දක්වන වෘත්තීය පුහුණුවක් ලැබ රැකියාවක නියැළෙන්නට කැමැති දූදරුවන්ට, උසස් පෙළ අසමත්ව රැකියා සඳහා අයැදුම් කරන්නට නොහැකිව සිටින දරුවන්ට, ඇතැම්විට උපාධියක් තිබුණ ද තෝරා ගත් ක්ෂේත්‍රයේ වෘත්තීමය හැදැරීමක් අවශ්‍ය අය වෙනුවෙන් ඇතුළු නොයෙකුත් අවශ්‍යතා සඳහා වෘත්තීය පුහුණුවක් අවැසි අයවලුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ දොරගුළු විවරව තිබේ.

වෘත්තිය පුහුණු අධිකාරිය හැමවිටම යාවත්කාලීන වන්නේ යුගයේ අවශ්‍යතාවනට මුල්තැන දෙමිනි. ඒ අනුව දේශීය මෙන්ම විදේශීය පවතින රැකියා වෙළෙඳපොළ හා අනාගත රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණුව ලබා දෙන්නට ඇප කැප වෙයි.

වෘත්තීය පුහුණු පාඨමාලා නිම කරන්නන්හට හිමිවනුයේ NVQ සහතිකයයි. තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියාමනයට යටත්ව වෘත්තීය පුහුණුව ලබන්නන් හට NVQ සහතිකය හිමි වේ.

අද වන විට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 180 ක් දිස්ත්‍රික් වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 22 ක් සහ ජාතික වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 8කින් සමන්විත පුළුල් පුහුණු කිරීමේ ජාලයක් සහිතව ක්‍රියාත්මක වෙයි.

පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තරුණ තරුණියන් දේශීය සහ විදේශීය රැකියා සඳහා යොමු කරවන අතර ව්‍යවසායකයන්ට පුහුණුව සමඟ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට විශේෂ ණය පහසුකම්, ණය යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කරනු ලබයි.

සිසු දරුවන්ට වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් මෙහෙයවන පාඨමාලා පූර්ණකාලීන හෝ අර්ධකාලීන වශයෙන් හැදෑරීමට අවස්ථාව තිබේ. සෑම වසරකම ජූනි සහ දෙසැම්බර් මාසවලදී පූර්ණකාලීන පාඨමාලා සඳහා බඳවා ගැනේ.

වෘත්තීය පුහුණු අධිකාරියේ ඒ පුහුණුව සමග

 

* නිපුණතා පාදක පුහුණුව(CBT)

* ජාතික වෘත්තීය සුදුසුකම් ලැබීමේ සහතිකය(NVQ)

* තාක්ෂණ උපාධිය ලැබීමේ අවස්ථාව

* වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශන සේවා

* වෘත්තීය ඉංග්‍රීසි දැනුම සහ ව්‍යවසායකත්ව

පුහුණුව පුහුණුවෙන් පසුව ඔබට

* දීමනාවක් සමඟ වැඩිදුර පුහුණුව

* ආරම්භක වැටුපක් සහිත දේශීය රැකියා

* විදේශීය රැකියා සඳහා යොමු කිරීම

* ව්‍යවසායකත්ව පුහුණුව

* ක්ෂේත්‍රයේ ශිල්පීය නිපුණතාවය වර්ධනය කිරීමේ වැඩමුළු

* ස්වයං රැකියා සඳහා යොමුවන පුහුණු ලාභීන්ට අවම පොලියක්