සෑම කාන්තාවක් තුළම අසන්ධිමිත්තාවක් ඉන්නවා...

ජුනි 26, 2019

මහත සිරුර නිසා ලොවම දිනූ ප්‍රවීණ නිවේදිකාව නිල්මිණී සිගේරා

ඇය සඳවතක උරුමැත්තියකි. වුවන සඳ නම් ඇගේ සිනාව එහි කිරණ මෙනි. එපමණකට ම ඇගේ සඳ මුහුණ හිනාවෙන් ඔපවත් වේ.

එහෙත් ඇයට මවුපියන් නම් තබා ඇත්තේ නිල් මැණික යන අරුතිනි. වේදිකාවේත් රූපවාහිනියේත් ඇගේ රඟපෑම් එක්වරක් පමණක් වුවද සැමදා රසික සිත්වල ලැගුම් ගන්නට ඇයට හැකි විය. දැන් ඇය සන්ධි නොපෙනෙන තැනැත්තිය යන නමින් ප්‍රකටව සිටින්නී ය. 'අසන්ධිමිත්තා' ඇගේ ප්‍රථම සිනමා ආගමනයයි.

කලකට ඉහත දී නිවේදිකාවක ලෙස අපේ ආලින්දයට පැමිණි නිල්මිණී සිගේරා දැන් අප හමුවන්නේ රාත්තල් තුන්සීයක ආදරයක් සහිත අසන්ධිමිත්තා ලෙසිනි. තම පළමු සිනමා නිර්මාණයෙන් ම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට සමත් වූ නිල්මිණී සමඟින් අප කතා බහට එකතු වුණේ ඇගේ ජීවිත ගමනේ ලැබූ අත්දැකදීම් අපේ කාන්තාවන්ට ආදර්ශවත් විය හැකි බැවිනි.

* කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටිය නිල්මිණී එකවරම අසන්ධිමිත්තා වුණේ කොහොමද?

ඇත්තටම මට චිත්‍රපටවල රඟපාන්න, නිළියක් වෙන්න කිසිම ආසාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මම චිත්‍රපට බලන්න හරිම ආසයි. චිත්‍රපට උලෙළවල් බලන්න, චිත්‍රපට බලන්න යන හොඳ චිත්‍රපට රසිකාවක්. මට 1989-90 කාලෙදි විතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා රඟපාන්න කතා කළා. ඒත් මම රඟපෑමට ආසාවක් නොතිබුණ නිසා ගියේ නෑ. මම කලාවෙන් ඈත් වෙලා ගුරුවරියක් විදියට රැකියාව කරගෙන හිටියා. හැබැයි හොඳ චිත්‍රපට බලන එකනම් දිගටම කළා. 2018 වසරෙදි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා උලෙළක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වුණා. ඒකෙදි මට අශෝක හඳගම හමුවුණා. ඔහු මට දිගින් දිගටම කිව්වා මහත නම් අඩුකර ගන්න එපා. කෙට්ටු වෙන්න එපා කියලා. මට ඒකට හේතුව තේරුණේ පස්සේ...

* අද කාලේ හැම කාන්තාවක් ම තමාගේ සිරුර හැඩකර ගන්න, සිහින්කර ගන්න සෑහෙන මහන්සි ගන්නවා. ඔබට සිරුරේ ප්‍රමාණය අඩුකර ගන්න වුවමනාවක් තිබුණේම නැද්ද?

මම පුංචි කාලේ ඉඳලම ටිකක් පෘෂ්ටිමත් ළමයෙක්. ඒ වගේම මගේ අම්මයි අප්පච්චියි දෙන්නත් තරමක් මහතයි. අනිත් එක ඉතිං මම චොකලට් වලට හරි පෙරේතයි. චොකලට් කේක් කන්නත් ආසයි. ඒ නිසා ඇඟ ගැන හිත හිතා නොකා ඉන්න මට බෑ. කාල මරණං, අකාල මරණං දෙකෙන් මම කාල මරණං තෝරා ගත්තා.. ඇයගේ සිනාව කෙළිලොල් ය.

 

2019/06/26 තරුණි බලන්න