ඊ පුවත්පත මෙහෙම කියවන්න....

මැයි 30, 2022

 

අන්තර්ජාලයෙන් 'තරුණී' බලන්නේ කොහොම ද?

 

සතිපතා ඔබේ දෝතට තිළිණ වන තරුණී ඊ පුවත්පතක් ලෙසින් ද බලන්නට හැකියි. පසුගිය කාලයේ පළවූ අත්කම්, කෑමබීම, වෛද්‍ය ලිපි විවිධ දැනුවත් කිරීම් ආදී සියලු විශේෂාංග මෙහි අන්තර්ගතයි. එලෙස පසුගිය කලාප ඔබට මඟ හැරුණේ නම් මේ සියල්ල දැන් ඊ පුවත්පත හරහා කියැවීමට අවස්ථාව තිබෙනවා.

 

එහෙත් බොහෝ අයට ඊ පුවත්පත බලන්නේ කොහොමද කියලා දැනුමක් නැහැ.

ඒ නිසාම ඔබේ ආදරණීය තරුණී අන්තර්ජාලයෙන් ඔබේ අතරැඳි ස්මාට් ජංගම දුරකථනයෙන් බලන ආකාරය මෙලෙස පහදා දෙනවා. ඒ නිසා ඔබට විවේකී අවස්ථාවක තරුණී කියවන්නට ඉඩ සැලසෙනවා.

තරුණී e-paper එක කියැවීම සඳහා Google වෙත පිවිස www.tharunie.lk යන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන් පසු e-paper click කරන්න. ඒ හරහා තරුණී පුවත්පතේ නවතම සතියට අදාළ සියලුම පිටු download කරගෙන කියැවීමට හැකියාව ලැබෙනවා.

පරණ ලිපි fb මඟින් කියවන්න.

ඒ සඳහා facebook හරහා e-paper එකට පිවිසීමට අවශ්‍ය නම් fb - Tharunie වෙත පිවිසෙන්න. එමඟින් එක් එක් ලිපිවල link හරහා ද වෙබ් පිටුව වෙත පිවිස සම්පූර්ණ ලිපියම කියවීමට අවස්ථාව ලැබෙනවා.

facebook වෙත ගොස් tharunie click කළ විට ලිපිවලට අදාළ post දැක ගත හැකියි. ඒවායේ නිල් පැහැයෙන් ඇති ඉංග්‍රිසි අකුරු click කළ විට අදාළ ලිපිය දැකගත හැකියි. ඔබට වෙනත් ලිපි බලා ගැනීමට අවශ්‍ය නම් අදාළ ලිපියේ මාතෘකාවට ඉහළින් ඇති පේළියේ 'නිවස' යන්න click කළ විට රූපලාවණ්‍ය, සූපවේදය, අත්කම් ශිල්පය, ස්වයං රැකියා අත්වැල, සුවමඟ, ළමා මනෝ විද්‍යාව ආදි විවිධ කාණ්ඩ යටතේ විශේෂාංග රැසක් දැකගත හැකිය. ඒවා එකින් එක ක්ලික් කරමින් කියවන්නට ඔබට පුළුවන්.

ඒ අතර ඒ ලිපිවලට අදාළව ඔබේ අදහස් හා යෝජනා සටහන් කරන්නටත් ඉඩ තිබෙනවා. එලෙස සටහන් කරන ඔබේ අදහස් අපට බෙහෙවින්ම වටිනවා. ඒ නිසා අමතක නොකර ඔබේ අදහස් ද ලිපිය කියවා අවසානයේ සටහන් කරන්න.