අරුමැසි සෙනෙහසක සොඳුරු අවසානය

සියවසක් එළිය කළ ආදරය
සැප්තැම්බර් 19, 2022

 

Phillip came to me today,

and said it was time to go.

I looked at him and smiled,

as i whispered that "I know"

I then turned and looked behind me,

and seen I was asleep.

All my Family were around me,

and I could hear them weep.

 

I gently touched each shoulder,

with Phillip by my side.

Then I turned away and walked,

with My Angel guide.

 

Phillip held my hand,

as he lead the way,

to a world where King's and Queens,

are Monarch's every day.

 

I was given a crown to wear

or a Halo known by some.

The difference is up here,

they are worn by everyone.

 

I felt a sense of peace,

my reign had seen its end.

70 years I had served my Country,

as the peoples friend.

 

Thank you for the years,

for all your time and love.

Now I am one of two again,

in our Palace up above.

 

දැන් යන්න වෙලාව හරි

පිලිප් අද ඇවිත් මට කිවුවා

ඔහු දෙස බලා සිනාසෙමින්

'මං දන්නවා' යැයි කෙඳිරුවා

 

මම හැරිලා ආයෙමත් පිටුපස බැලුවා

මම නිදාගෙන ඉන්නවා

පවුලේ හැමෝම මා වටා හිඳිමින්

ඉකිබිඳිනවා ඇහුණා යන්තමින්

 

මං මෘදුව අත ගෑවා

ඔවුන් සැමගේ උරහිස්

පිලිප් මා පසෙකින් ඉන්නවා

ඉතින් මම හැරිලා

මගේ දේව දුතයාගේ මඟ පෙන්වීමෙන්

ඇවිද ගෙන ගියා... ඉදිරියට

 

පිලිප් මගෙ අතින් අල්ලන්

පෙන්නුවා මට මඟ...

හැමදාම කිරුළු දැරූ

රජවරුන් රැජිනියන්ගේ ලෝකය ට....

 

මට ඔටුන්නක් පැලඳුවා

සමහරෙක් Halo ලෙසින් හඳුන්වන

ඒත් මෙහි වෙනසක් තියෙනවා

හැමෝම පැලඳගෙන මේ ඔටුනු

 

මට නිදහසක් දැනුණා

මගේ පාලනය අවසන්ව තිබෙනු දැක

අවුරුදු 70ක් මගේ රටට

සේවය කළා

මිනිසුන්ගේ යෙහෙළියක ලෙස

 

මේ වසර ගණනාවටමත්

ඔබ සියලු දෙනාගේ කාලයට හා ආදරයටත්

ස්තූතියි

දැන් මම ආයෙමත්

අපි දෙන්නගෙන් කෙනෙක් වුණා

ඉහළ අපේ මාළිගාවේ

ඉහතින් දැක්වෙන පද වැල එළිසබෙත් රැජිනගේ වියෝවෙන් පසු කවුරුන් හෝ අතින් ලියැවුණු සිතට කඳුළු නංවන කතාවක් ඔබට ද කියයි.

 

මේ සියවසයේ සොඳුරුතම ආදර කතාව ඔවුන්ගේ බව නම් නිසැකය. දැකි පළමු දවසේ සිට ඔවුන් ප්‍රේමයෙන් බැඳුණි. ඒ පෙම ජය ගෙන විවාහ විණි. ඉන්පසු වසර 74ක් සෙවණැල්ල මෙන් හිඳිමින් දුක, සතුට බෙදාගත්තේය. අවසන ඒ බැඳීමට විරාමයක් තබා 2021 දී ඔහු නික්ම ගියේය. ඉන් වසර එකහමාරක් ගෙවෙන්නටත් පෙරාතුව ඇය ද ඔහු ගිය මඟට පිවිසීය… ආදරයෙන් දිවි ගෙවන ආදරවන්තයන් බොහෝ දෙනකුට එක් අයකුගේ සමුගැන්ම අනෙකාගේ ද සමුගැන්ම ඉක්මන් කරවයි යන්න බොරුවක් නොවන බව ඔවුන් ලෝකයට පෙන්වීය.

ලොවක් ආදරය කළ ඇය දෙවැනි එළිසබෙත් මහ රැජනය. පසුගිය දා ඇය බොහෝ ශාන්තව සිය සැමියා වූ පිලිප් කුමරු මෙන්ම දිවිසැරිය නිමා කළාය. මහලු වුවද අවසානය දක්වාම මනා සිහිනුවණින් සිටි ඔවුන් මුළු මහත් ලෝකයටම ආදරණීය බැඳීමක, ආදරණීය පවුල් ජීවිතයක වටිනාකම පෙන්වා, එවන් අරුමැසි බැඳීමක අරුත්බර බව ලෝකයට කියා දී යන්න ගියහ. නමුදු ඔවුන් දෙදෙනාගේ ආදරයේ කතාව තවත් බොහෝ කාලයක් යනතුරා මිනිසුන්ගේ මුවඟ රැව් දෙනු ඇත. සිනමාව, පොතපත් තුළින් තවත් දශක ගණනාවක මිනිසුන් වෙනුවෙන් ඔවුන් ගැන කියැවෙනු ඇත.

දියණියක්, සොහොයුරියක්, බිරියක්, මවක්, නැන්දම්මා කෙනෙක්, මිත්තණියක්, මී මිත්තණියක් ලෙස නන්විධ භූමිකා වෙතින් ලෝකයට සමීප වූ ඇය අධිරාජ්‍යයක් පාලනය කළ රැජනකි. රටවල් ගණනාවකට නායකත්වය දුන් කාන්තාවකි. මුළු මහත් ඉංග්‍රීසි ජාතියටම මඟ කියූ ආදර්ශවත් නායිකාවකි. ඉඳින් ඇගේ වියෝවත් සමඟ ඇගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම බොහෝ පිරිසකට ඇගේ අඩුව බෙහෙවින්ම දැනෙනු ඇත.

 දෙවැනි එළිසබෙත් රැජනගේ හා පිලිප් කුමරුගේ බැඳීමේ ආදරය පිරුණු ඡායාරූප කිහිපයක්.