කාලයේ තාලයට ගැළපෙන අපූරු මෙවලම්

මාර්තු 20, 2023

 

පසුගිය කාලයේ අප අතරට එකතුවුණු අලුත්ම තාක්ෂණය තමයි ඔන්ලයින් (online) තාක්ෂණය. බොහෝ ආයතනවල රැකියා කටයුතු විතරක් නෙමෙයි ඉගෙනීම් කටයුතු සිදු වුණෙත් මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි. එහි ප්‍රතිඵලයක් විදිහට තාමත් ඔන්ලයින් තාක්ෂණය හරහා විවිධ කටයුතු සිදු කෙරෙනවා.

 

ඔබේ පරිගණකය, ටැබ් එක එහෙමත් නැතිනම් දුරකථනය උපයෝගී කරගෙන කෙරෙන මේ කටයුත්තේ දී එය රඳවා තබා ගැනීම ඇතැම් වෙලාවට පුංචි ගැටලුවක් වේවි.

බලන්න.....මෙවැනි පුංචි මේසයක් හෝ රඳවනයක් සකසා ගත හැකි නම් එය වඩාත් සුව පහසුවට සහ ක්‍රමවත්ව කළ හැකියි නේද ? ඊට අමතරව නිදහසේ මුහුණු පොතේ සැරිසරන්න, පොතක් පතක් කියවන්න ඇඳ අසලම පුංචි මේසයක් තියෙනවා නම් එය මනා පහසුවකි. ලී වලින් මෙන්ම යකඩවලින් ද ඔබට මෙහි සැකිල්ල සාදා ගත හැකියි. එමෙන්ම මෙවැනි දෑ සකසා ගැනීමේ දැනුමක් ඔබ සතු නොවේ නම් මේ හැඩතල ලබාදී දන්නා කෙනකු ලවා සකසවා ගන්නත් පුළුවනි නේද ?