වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අලුත් අවුරුද්ද ආවෙ අපිව කන්න නෙමෙයි, අපිට කන්න
අපිට දෙයක් ලබා ගන්නකල් ඒ දේ ගැන විශාල ආශාවක්, හැඟීමක්, නොඉවසිලිවන්තකමක් දැනෙනවා. . හැබැයි ලබා ගත්තට පස්සෙ බොහොම ඉක්මනින් ඒ ගතිය ඇරිල යනවා . ඒක තමයි අපේ මනසේ ස්වභාවය. ලිංගික ආකර්ශණයත් අන්න ඒ වගේ. පිරිමියකුට තමා කැමැතිම ගැහැනියක් ලැබෙන තුරුත් ගැහැනියකට තමා කැමතිම පිරිමියෙක් ලැබෙන තුරුත් පවතින්නෙ මේ හැඟීම තමයි. මුලින් මොනතරම් අගයක් දැනුණත් පස්සෙ හෙමින් හෙමින් ඒක දියවෙලා යන්න පටන් ගන්නවා . සාමාන්‍යකරණය වෙනවා. එහෙමත් නැත්නම් generalize වෙන්න පටන් ගන්නවා. මේ තමයි Generalization ගැන කියන්න පුළුවන් සුලබම උදාහරණය.
ඔබ දන්නවද? අපිව සාර්ථකත්වයේ ඉම කරා ගෙනියන්නෙත් Generalization තමයි . අපිට ජීවිතේදි දේවල් සාමාන්‍යකරණය වෙනකොට ඒ සාමාන්‍යත්වය නැතිකරගන්න අපි වෙනස්කම් හොයනවා. ඒ වෙනස්කම් සෘණාත්මක වෙනස්කම් සහ ධනාත්මක වෙනස්කම් කියලා කොටස් දෙකකට වෙන් කරන්නත් පුළුවන්. සාමාන්‍යකරණය දරාගන්න බැරි , එය නිවැරැදිව කළමණාකරණය කරගන්න බැරි මිනිස්සු තෝර ගන්නෙ මේ සෘණාත්මක පැත්ත. හරියට පිරිමියෙක් wifeගෙ ඒකාකාරී නිදියහන අමතක කරලා ලස්සනට සරසපු වෙනත් නිදියහනක් හොයාගෙන යනවා වගේ වැඩක්. මනුෂ්‍යයා තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙන කාරණාව අමතක කරලා තමයි මේ වෙනස අත්විඳින්න පෙළඹෙන්නේ.
හැබැයි, මේ සාමාන්‍යත්වය හරි ලස්සනට කළමණාකරණය කරගන්න smart personalities අපිට හම්බවෙනවා අපේ උපදේශන වෘත්තියේදි. ඒ අය හරි ලස්සනට ඒකාකාරී ජීවන රටාව බිඳල මනුෂ්‍යත්වයෙන් ඉස්සරහට යනවා. ඉහත සඳහන් කළ පරිදි ගෙදර නිදි යහන නීරස වේගෙන එනකොට ඒ නිදි යහනට අලුතින් දේවල් එකතු කරන්න මේ අය සමත් වෙනවා . ඉටිපන්දමක්, සරාගී නිදන ඇඳුමක්, වයින් වීදුරුවක්, වෙනස් ඇඳ ඇතිරිල්ලක්, වෙනස් ආලෝකකරණයක්, අලුත් room setting එකක් වගේ දේවල් ඒ වෙනස අත්පත් කරගන්න උදවු කරගන්නවා. මේ ක්‍රමය මම ඉතා අගය කරනවා . සාර්ථක පවුල් ජීවිත නිර්මාණය වෙන ප්‍රධාන සාධකයක් දෙදෙනාගේ ලිංගික ජීවිතය. ලිංගික ජීවිතයේ අඩුපාඩු හිඩැස් එක්ක පවුලක් ඉස්සරහට යනවනම් දෙදෙනාගෙන් කවුරු හෝ ඉන්නෙ දැඩි පීඩනයක. පීඩිත පවුල් ජීවතවල සාර්ථකත්වය මන්දගාමීයි. ඉතින් මේ ධනාත්මක වෙනස්කම් එක්ක ඉස්සරහට යන මිනිස්සු smart කියල මම කිව්වෙ ඒකයි.
අද මට මේ මාතෘකාව ඇදල ගන්න හිතුණේ, පහුගිය දවස්වල මම ගේ අස් කළා අලුත් අවුරුදු එන හින්දා . ගේ අස්කරගෙන අස්කරගෙන යනකොට මට මහන්සියි. තේ එකක් හදාගෙන පුටුවක් උඩ වාඩි වෙලා මම කල්පනාවට වැටුණා. මමත්, අරුණත්, දුවත් අවුරුද්ද පුරාවට ජීවත් වෙන්නෙ මේ ගේ ඇතුලෙ , උයා පිහාගෙන කන්නෙ බොන්නෙ මේ ගේ ඇතුලෙ, ප්‍රිය සාද ද පවත්වන්නෙ මේ ගේ ඇතුලෙ, අසනීපයක් වුණහම ගුලිවෙලා ඉන්නෙ මේ ගේ ඇතුලෙ. කොටින්ම කියනවනම් ජීවිතේ හැමදෙයක්ම මෙහෙයවන්නෙ මේ ගේ ඇතුලෙ ඉඳන්. ඒ කිසිම අවස්ථාවක අපේ හිසට සෙවණක් වෙන මේ නිවෙස ගැන විශේෂයෙන් හිතන්න අපිට කාලයක් තිබුණේ නෑ. ඉඩක් ලැබුණු වෙලාවට අතුගාල සුද්දපවිත්‍ර කරනවා , නඩත්තු කටයුත්තක් තිබුණොත් ඒක කරනවා . ඒ තමයි අපි පහුගිය අවුරුදු ගාණක කාලය තුළ නිවෙස ගැන දීපු අවධානය.
මට මතක් වුණා , අපේම ගෙදරකට එන්න , අපි තුන්දෙනා විතරක් ජීවත් වෙන ගෙදරක ඉන්න මම ඉස්සර හීන මවපු හැටි. මට ඔළුවෙ වෙන කිසි දෙයක් තිබුණේ නෑ . ඉක්මනින් ගේ හදල ඉවරකරලා පදිංචි වෙන්න විතරයි මගේ ඔළුවෙ තිබුණේ. එදා හෙව්වෙ අපේම ගෙදරක දැනෙන නිදහස. සමහර රැයවල් මට නින්ද ගියේ නෑ. අලුත් ගෙදර පදිංචියට එනකල්. අපි මේ ගෙදර ජීවත් වෙන හැටි චිත්තරූප මැව්වා . ගෙට ගෙවදින දවස වෙනකල් දින ගනන් කළා . ජීවිතේ ලොකුම ජයග්‍රහණය අත්කරගත්තෙ එදා කියල මට හිතුණා. ගේ බාගෙට හදාගෙන පදිංචි වුණෙත් ඒ හදිස්සිය හින්දමයි. දරුවෙක් බලාගන්නවා වගේ මම ඒ කාලෙ ගෙදර බලා ගත්තෙ.
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා , සාමාන්‍යකරණය වෙනවා වගේ කාලයක් යනකොට මටත් ඒ ආගන්තුක හැඟීම් ටික ටික නැති වෙලා යන්න පටන් ගත්තා . සාමාන්‍ය ජීවන රටාවට ඔළුව හැඩගැහුණා . අලුත් අරමුණු පස්සෙ අපි දුවන්න පටන් ගත්තා . අපේ ගේ එදා වගේම නොසෙල්වී අපිට සෙවණ දුන්නා. ඒත් අපිට ඒ ගැන අවධානය දෙන්න මතක් වුණේ නෑ . අපිට නිවෙස කියන ප්රස්තුතය සාමාන්‍යකරණය වුණා. අවුරුදු පහළොවකට පස්සෙ තමයි මට මතක් වුණේ මගේ ගෙවල් හීනය සහ අද මම ඒ ගැන හිතන හැටි ගැන. හැබැයි මට අද හිතුණා මං එදා ඒ හීනෙට ආදරේ කළාට වැඩිය පරිණත විදිහට අද නිවෙස ගැන හිතනවා කියල. ඒ අතීත මතකය එක්ක ලැබුණු අමුතු සතුටට හේතුව අලුත් අවුරුද්ද.
අලුත් අවුරුදු උදාව කියන්නෙ psychologically ධනාත්මක වෙනසක් හැටියට මම දකින දෙයක්. අලුත් අවුරුද්ද කියන්නෙ අපි හැමෝටම සාමාන්‍යකරණය වෙලා තියෙන අපේ ජීවිත නැවත වතාවක් අලුත් කරලා දෙන එක නිමිත්තක්. ඒක ඇතුලෙ අපි අපිවම අලුත් කරගන්නවා. generalization එක ධනාත්මක ලෙස මඳකට කඩනවා. හරියට නෝනයි මහත්තයයි වෙනසකට කියලා රාත්‍රිය අලුත් කරගන්නවා වගේ.
ඉතින් අවුරුද්දකට එක වතාවක් එන මේ වෙනස තවත් කාලෙකට අපිට අමුතු ජවයක් දෙනවා . අලුතින් හිතන්න මඟ පෙන්වීමක්. හැමදාම එක විදිහට දැක්ක පුටු සෙටිය තියෙන තැන ටිකක් වෙනස් කරලා සාලය අලුත් කරනවා. මල්පෝච්චි, පාපිසි අලුත් කරනවා. තිර රෙදි හෝදනවා. තීන්ත ගානවා . අද කාලෙ වියදම් එක්ක මේ ඔක්කොම කරන්න බැරිවුණත් අපි පොඩි පොඩි දේවල් ටිකක් හරි කරනවා . මේ දේවල් කරන්නෙ හුදෙක් අනික් අයට පේන්නම නෙමෙයි. අපේ හිත සුව පිණිස තමයි වැඩියෙන් මේවා කෙරෙන්නෙ.
අලුත් අවුරුද්ද කියන්නෙ psychological refreshment එකක්. ඒ නැවුම් බව ඒ ආකාරයෙන්ම භාරගන්න දක්ෂ වෙන්න. ඉදිරිය ජවයකින් ආරම්භ කරන්න අවුරුද්දේ generalization breaking එක භාරගන්න. ඔබට, සාමාන්‍යකරණය බිඳින්න ලැබෙන අවස්ථාව මඟහැරගන්න එපා. ඉතින්, අවුරුදු ආවෙ අපිව කන්න කිය කිය බණිනව වෙනුවට, අපි තමයි අවුරුදු කන්නෙ කියල හිතලා ඒකාකාරී ජීවිතය මේ ලැබුණු අවස්ථාවෙ ධනාත්මකව වෙනස් කරගන්න.
ජීවිතේ සාමාන්‍යකරණය වීම සාමාන්‍ය දෙයක් කියල පිළිගන්න. නැවුම් බව නැවත ඇතිකිරීම වෙනුවෙන් ඔබට කළ හැකි වෙනස නොපිරිහෙලා ඉටු කරන්න. එක් තැනක් සාමාන්‍යකරණය වෙනකොට තව තැනකට පනිනවා වෙනුවට ඉන්න තැන අලුත් කරගන්න smart වෙන්න. සාර්ථකත්වය සහ ජයග්‍රහණය යනු එයයි.
අංජලි බුදවත්ත ජයවර්ධන
මනෝවිද්‍යා උපදේශිකා මාධ්‍යවේදිනී