වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පැරා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට පදක්කම් දෙකක්
ඉන්දියාවේ බැංගලෝරයේ පැවති පස්වැනි ඉන්දීය, විවෘත ජාත්‍යන්තර පැරා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකුට හැකි විය. ඒ ජනනි ධනංජනා හා කුමුදිකා දයානි යන ක්‍රීඩිකාවන් දෙදෙනාය.
මෙම තරගාවලියේදී T 46 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව තත්ත්පර 13.71කින් නිම කරමින් රන් පදක්කමක් දිනාගත් ජනනි දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. දයානි ක්‍රීඩිකාව මීටර් 100 සහ මීටර් 200 ඉසව් නියෝජනය කළ අතර T 47 කාණ්ඩයේ තරග කළ ඇය මීටර් 100 ඉසව්ව සඳහා ගත කළ කාලය තත්ත්පර 13.55 කි. තවද ඇය දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් විය. තම තරග ඉසව් සියල්ලම ඉතාම සාර්ථක ලෙසින් නිම කළ මේ ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගියදා ලංකාවට පැමිණියහ. කුලියාපිටිය සුරදූතිකා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්වන ජනනි ධනංජනා වයස අවුරුදු 17ක දකුණුූු අත ආබාධිත වූ ක්‍රීඩාවකි. කුමුදිකා දයානී ක්‍රීඩිකාව ද තම දකුණුූ අත ආබාධිත ක්‍රීඩිකාව ලෙසින් මේ තරගාවලියට සහභාගි විය. ජනනි ධනංජනාගේ ක්‍රීඩා උපදේශක ලෙස කටයුතු කරන නලින්ද සෙනරත් මහතා මේ තරගය පිළිබඳ අපට අදහස් දක්වමින් සඳහන් කළේ ඉතා දක්ෂ ලෙස මොවුන් දෙදෙනාම තමුන්ගේ උපරිම දක්ෂතාවය දැක්වූ අතර, පසුගිය වසරේ ද එලෙසින්ම දස්කම් දැක්වූ බවයි. අනාගතයේ දී පැරා ඔලිම්පික් තරගාවලියේ දී මේ දෙදෙනාම තව තවත් දස්කම් දක්වනු ඇතැයි ඔහු සඳහන් කළේය.