නව ජන්මියකුට ජීවය දෙන ඇය 'අම්මා'

මැයි 13, 2024

 

'අම්මා' යන උත්තරීතර නාමයට හිමිකම් කියන්නට හැකි වන්නේ ඇය නව ජන්මයකට ජීවය දුන් පසුවයි. ගත පුරා දිවෙන රුහිරු කිරට හැරෙන්නේ ප්‍රාතිහාර්යයක් මෙනි.

එදා පටන් ඇයට ද හිරුට මෙන් නිවනක් නැති සේය. ඒ අතර අම්මා යන උත්තරීතර පදවියට නිගා දෙන අතළොස්සක් වූ පිරිසක් නැතිවා නොවේ. සමස්තයක් ලෙස ගත් කල අම්මාවරුන් තම දිවියම කැප කරනුයේ තම දුවා දරුවන් වෙනුවෙනි.

කුලුඳුල් මවක් අලුත උපන් කිරිකැටි දරුවා උස්මහත් කරන්නේ මොහොතින් මොහොත තම දිවියට අත්දැකීම් සමුදායක් එක්කර ගනිමිනි.

අලුත උපන් පුංචි දරුවා ගෙදරට අරුමයකි.

චූටි බබෙක් ගේන්න කලින් ගෙදර වටපිටාව පරිසරය කාමරය වගේම ගෙදර ඉන්න අයත් ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි.

මාතෘත්වය යනු ජීවිතයේ ප්‍රධාන වෙනසකි. අම්මාගේ මානසික සමාජයීය සූදානම සේම ගෙදර ඉන්න අයගේ ආකල්ප, දැනුම, දින චර්යාව .....මේ හැමදේම ඒ සඳහා බලපායි.

නැන්දම්මගේ, තාත්තගෙ, ආච්චි අම්මගේ, අම්මගේ ඇතුළු හැමෝගෙම චූටි බබෙක් හොඳට හදාගන්න අවශ්‍ය දැනුම අද කාලයට ගැළපෙන විදිහට විද්‍යාත්මක විදිහට යාවත්කාලීන වෙලා තිබුණොත් අම්මට එන පීඩන අඩුයි වගේම සහය වැඩියි. ඒ වගේම අක්ක බබෙක් හරි අයියා බබෙක් හරි ඉන්නවනම් එයාව මානසිකව සූදානම් කරන එක ගැනත් හිතන්නම වෙනවා.

ඊළඟට බබා ඉපදුණු දවසේ ඉඳලම එයාගේ ඇඟට වඩා අපිට පේන්නැති කොටසක් සංවර්ධනය වෙනවා.එයාගේ මොළේ උපන් වෙලේ ඉඳලම ඉතාම ශීඝ්‍රව වැඩෙනවා. බුද්ධිමත් දරුවෙක් හදන්න නම් ඒ වැඩෙන මොළේට ඇති තරම් උත්තේජන සපයන්න එහෙම නැත්නම් ජීනියස් කෙනෙක් හදන්න පළමුවෙනි දවසේ ඉඳලම සූදානම් වුණොත් පාසල් යන වයසෙදි ලොකු ලොකු ඉස්කෝල හොයන්න පන්ති යවන්න ඕන වෙන්නේ නෑ. උපන් දවසේ ඉඳලා එයාට දෙන උත්තේජනය එක්ක එයා ශක්තිමත් අත්තිවාරමක් හදාගන්නවා, පෞරුෂය සහ බුද්ධිය සම්බන්ධව. ඒක තමයි එයා ලොකු වුණාම කවුරු වෙනවද කොහොම කෙනෙක් වෙනවද කොයිතරම් ඉගෙන ගන්නවද කියලා තීන්දු තීරණ දෙන්නේ. විශේෂයෙන්ම එයා සතුටින් සිටින පුද්ගලයෙක් හෙවත් භාවමය බුද්ධියෙන් වැඩි දරුවෙක් කිරීම තමයි නූතන ලෝකයේ දරුවන් හැදීමේ කලාවේ ලෝකය පුරා වැඩිපුරම අවධානයට යොමුවන කාරණාව.

 

පංචේන්ද්‍රියන් උත්තේජනය

ඇස පුබුදමු

පංචේන්ද්‍රියන් ගැන බලද්දි ඇස තමයි ප්‍රබලම අවයවය දරුවකුගේ මොළයට උත්තේජන ලබාදෙන්න.

 

ඇස උත්තේජනය

ඇස පුබුදන ක්‍රියාකාරකම් අතරට ලෝකෙ පුරාම මවුවරු භාවිත කරන විද්‍යාත්මක ක්‍රියාකාරකම තමයි මඪඵභචත ඵපඪථභතචබඪධද ජචපඤ ඵඥබ කියන්නේ. ඒ නිසා තමයි අලුත උපන් දරුවන්ගේ හැම වෙබ් සයිට් එකටම පිවිසියාම මුලින්ම හම්බවෙන්නේ ඒ විදිහේ අධ්‍යාපනික සෙල්ලම් බඩු. ඒ වගේ ප්‍රමාණ, හැඩ, යොදා ගන්නා අමුද්‍රව්‍ය වගේ ගොඩාක් දේවල් ඉතාම ප්‍රමිතිගතව පුංචි දරුවෙක් සඳහාම ජාත්‍යන්තර ප්‍රමිතියකින් සකස් විය යුතුයි.

 

කන උත්තේජනය

ඊළඟට දරුවට ඇහෙන දේවල්.

මුල්ම දේ තමයි නැළවිලි ගී. ඒ රිද්මය

දරුවා නිදි කරවනවා විතරක් නෙමෙයි. නැළවිලි ගීවල තියෙන තරංගායාමය දරුවන්ගේ මනසට ඉතාම හොඳින් උත්තේජන සැපයීම ඇතුළු මනසේ මතකය ගබඩා කිරීමටත් හේතු වන බව සොයාගෙන තියෙනවා. ඒවගේම දරුවට ආදරයෙන් කතා කරන එක. ඒ වගේම වටපිටාව දරුවගේ කන හොඳින් උත්තේජනය කරවන විදිහට සකස් වෙන්න ඕන.

දරුවට ඇහෙන්න ගේ වටේට ස්වාභාවික ශබ්ද ඇහෙන දේවල් හදලා තියෙන්න පුළුවන්. මේවට ස්වාභාවික උණ බට වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන්. සුළඟට සෙලවෙන කොට ශබ්ද එන ඒවා. හැබැයි දරුවගේ කන ළඟ තියලා හයියෙන් නාද කරන සෙල්ලම් බඩු නම් දරුවට ඒ තරම් ගැළපෙන්නෙ නැහැ. ඉස්සර අපි සෙල්ලම් බඩු පාවිච්චි කළාට දැන් අනුමත කරන්නේ නෑ දරුවන්ට ඒ තරම් සැර ශබ්ද.

 

දිව උත්තේජනය

ඊළඟට දරුවගේ දිව උත්තේජනය කරවන්න මවුකිරි සමත්. මවුකිරි කියන්නේ ලොව තියෙන දරුවකුට ප්‍රශස්තම ආහාරය. මනස වැඩෙන්න වගේම සිරුර වැඩෙන්නත්. දවසෙන් දවසට රසය සංයුතිය වෙනස් වෙන ආහාරයක්.

 

සම උත්තේජනය

අනිත් එක තමයි දරුවාගේ සම උත්තේජනය කිරීම. උපන් දවසේ ඉඳලා දරුවාව ඉතා මෘදු ලෙස සම්බාහනය කළ හැකියි. ටිකක් ලොකු වුණාට පස්සේ තෙල් වර්ග දාලා නාවන්න කලින් පොඩ්ඩක් සම්බාහනය කරන්න පුළුවන්.(අපි ඉදිරියේ දරුවන් සම්බාහනය සම්බන්ධව ලිපි රැගෙන එනවා)

 

නාසය උත්තේජනය

අනිත් එක තමයි දරුවාගේ නාසය.දරුවකුට ගඳ සුවඳ දැනීම මොළය උත්තේජනය කරන්න විශේෂ සුවඳ දරුවාට ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ.අම්මගේ සුවඳ, තාත්තගේ සුවඳ, ස්වභාවික මල් සුවඳ වගේ දේවල් තමයි දරුවට ආරක්ෂිත විදිහට හොඳ උත්තේජන ගෙන එන්නේ. ඒ වගේම ඇරෝමා තෙරපි, ස්වභාවික ශාකසාර තෙල්වලින් සාදා ගන්නා ලද පහනක් පත්තු කිරීම මඟින් දරුවන් උත්තේජනය කළ හැකියි.එය දරුවාට මාසයක් පමණ ගතවන කොට පටන් ගන්න පුළුවන්(දරුවන්ට ඇරෝමා තෙරපී සම්බන්ධවත් අපි ඉස්සරහට කතා කරනවා).

චූටි දරුවක් ගේන්න පෙර සැලකිලිමත් විය යුතු තවත් කාරණා

නිවෙස දරුවාට ආරක්ෂිත බව සහතික කර ගැනීම

ගේ පිටුපස කුණු ගොඩවල් දර ගොඩවල් තියෙනවා නම් සත්තු එන්න පුළුවන්. විශේෂයෙන්ම කිරි සුවඳට කෘමි සත්තු ගොඩක් එනවා. කෘමි සත්තු හැදෙන තැන් කෘමි සත්තු ඉන්න තැන් බලලා ඒවා පිරිසුදුකර තැබීම අවශ්‍යයි.

වහලට සිවිලිමක් නොමැති නම් දරුවා ඉන්න තැනට ඉහළින් යම්කිසි ආවරණයක් රෙද්දකින් හෝ යෙදීම සුදුසුයි. විශේෂයෙන්ම ඇස්බැස්ටෝස්වලින් වහල හදලා තියෙනවා නම් කිසිම වෙලාවක ඇස්බැස්ටෝස් රත් වෙලා එන කුඩු දරුවාගේ ඇඟට වැටෙන්න දෙන්න එපා. ගර්භිනී මවක් ඉන්නවනම් ඇස්බැස්ටෝස් වහලයක් සහිත නිවෙසක් නම් අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතුයි. ඇස්බැස්ටෝස් අව්වට කරවෙලා අපිට පේන්නෙ නැති කුඩු බිමට වැටෙනකොට ඒවා ඉතාම අධික ලෙස පිළිකාකාරක සහ ඉතාම අහිතකර ලෙස අපේ හමටත් ශ්වසන පද්ධතියටත් බලපානවා.

දරුවාගේ කාමරය පේන්ට් කරනවනම් දරුවා ගේන්න සතියකටවත් කලින් පේන්ට් කරලා හොඳට ඇරලා හුළං වදින්න තියෙන්න ඕන.

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ