Modern විදියට Wish කරන්න ඉ‍ෙගන ගන්න

ජූලි 15, 2024

අද කාලේ ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කරගන්න බැහැ. හැබැයි සිංහල භාෂාව රටේ ප්‍රධාන භාෂාව නිසා වැඩි දෙනෙක් ඉංග්‍රීසි ටික හදාගන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒ ඉංග්‍රීසි නොදන්න හින්දා නෙවෙයි ඉංග්‍රීසි වචනයක් දෙකක් කතා කරන්න බය නිසා. කවුරු කිව්වත් ලෝකේ තියෙන භාෂාවලින් හරිම ඉක්මනට අල්ලගන්න පහසුම භාෂාව තමයි ඉංග්‍රීසි කියන්නේ. හැබැයි සිංහල වචනවල වගේ නෙවෙයි ඉංග්‍රීසි වචනවල ඇතැම් විට එකම වචනෙට තේරුම් දෙක තුනක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඉංග්‍රීසි වචනවල තියෙන්නේ හරිම සීමාසහිත වචන ටිකක්. ඒ නිසා ඉංග්‍රීසි දැනගෙන හිටියත් අපිට හිතෙන දේ ඒ විදිහටම කියන්න සමහර වෙලාවට බැරි වෙනවා. ඉතින් අද ඉඳන් ඒකට උත්තර දෙන්න අපි සූදානම්.

ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ තියෙන පහසුම භාෂාවක්. මම මෙහෙම කියද්දී මෙය කියවන ඔබ වෙනත් අදහසක් දරනවා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත ඒක. ඔබේ හිතට එන අදහස ඔයාට ඒ විදිහටම කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට තියෙන එකම උත්තරේ Practice එක. එහෙම නැත්තම් භාවිතය.

අද ඉඳලා අපි වෙනස් විදිහකට ඉංග්‍රීසි කියා දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නෙ ඔයාට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ලේසිම විදිහට.

ඒ නිසාම අද අපි පටන් ගන්නේ කෙනෙක්ව එකපාරටම අපට හමුවුණාම කථා කරන විදිහ කියලා දීලා. මෙතැනදී කෙනෙක් කියන්නේ අපි දන්න හඳුනන කෙනෙක්.

උදේ වරුවක කෙනෙක් මුණ ගැසුණාම අපි "Good Morning" කියන්්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒක පිටරටකදී වැස්ස නැති, හිම නැති සුන්දර උදයක් තියෙන වෙලාවක. ඒ නිසා අපේ රටේ බොහෝ දවස්වල හොඳ කාලගුණයක් තියෙන නිසා "Good Morning"කිව්වාට කමක් නැහැ.

දැන් අපි වැඩේට බහිමු. අද අපි සාමාන්‍යයෙන් කියන අදහස් වෙනුවට ටිකක් වෙනස්. ඒ වගේම ලස්සන යෙදුම් ටිකක් ඉගෙන ගනිමු.

මුලින්ම 'what's up' ඒ කියන්නේ කොහොමද වගේ අර්ථයක්. අපි කෙනෙක්ව මුණ ගැහුණාම ‘මොනවාද විස්තර‘ වගේ දෙයක් අහන්න හිතනවා නම් 'what's up'තමයි උත්තරේ.

ඒ වගේම කෙනෙක්ව මුණ ගැහුණාම ඒ පුද්ගලයා දැකීම අපිට සතුටක් නම් "Good to see you" කියලා කියන්න පුළුවන්. ඒකෙන් අනිත් පුද්ගලයාත් සතුටු වෙනවා. ඒ වගේම මෙතන තියෙන "Good" කියන වචනෙ වෙනුවට "Great" කියන වචනෙ යෙදුවොත් තවත් හැඩයි. එතකොට "Great to see you" කියලා අපිට කියන්න පුළුවන්.

මේ හැරුණාම මේ දවස්වල ජීවිතේ කොහොමද කියලා අහන්න පුළුවන්. තවත් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි "How have You been?" කියන එක. හැබැයි කොහෙද ගිහින් හිටියෙ කියලා ඔයාට අහන්න ඕනෙ නම් "How" කියන වචනෙ වෙනුවට "Where" යොදන්න බය වෙන්න එපා.

එතැනදී අපේ අදහස "Where have You been?" කියලා වෙනස් වෙනවා.

කෙනෙක්ව කාලෙකින් දැක්කෙ නෑ කියලා අපි කියන්නෙ "Long time no See" කියලා.

මේ යෙදුම් තනිකරම භාවිත වෙන්නෙ ඉංග්‍රීසි කතාවේදී විතරමයි.

ඔයාගෙ ළඟම යාළුවෙක් මුණ ගැහුණු වෙලාවක "Hey due?" කියලා අහන්න බය වෙන්න එපා. ඒකෙ තේරුම ‘කොහොමද මචං?’ කියන එක. ඒ හැරුණුකොට "Hey Mate?" කියලා කිව්වත් ඒකෙ කිසිම වැරැද්දක් නැහැ.

ඒ හැරුණාම "How are you?" කියන හැමදාම අපිට හුරු සාම්ප්‍රදායික ක්‍රමේ වෙනුවට "Hi there" කියලා කිව්වාම අපේ කථාව ලස්සන වෙනවා. මෙතනදී "Hello there" කියලා කිව්වත් වැරදි නැහැ.

අද අපි කියලා දෙන අවසන් යෙදුම තමයි “මේ දවස්වල කොහොමද? ” කියලා අහන තවත් එක ක්‍රමයක්. ඒ තමයි "How are things?" කියලා අහන එක.

අද කතා කළේ කෙනෙක්ව මුණ ගැහුණාම අපි කතා කරන විදිහ. මේ ක්‍රම හැරුණාම තවත් ක්‍රම ගොඩක් තියෙනවා. දැනට පටන් ගන්න මේ ටික Practice කරන්න.

වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි කතා කරන්න කිසිම වෙලාවක බය වෙන්න එපා. ඒක ආයුධයක් නොවෙයි. භාෂාවක් විතරයි. වැරදි වැරදි හරි කතා කරන කෙනෙකුට උදව් කරන්න ඒ අයව අගය කරන්න මොහොතක්වත් පැකි‍ෙළන්න එපා. ඉතින් අද ඉඳලා මේ විදිහට ඉංග්‍රීසි කතා කරන ගමන ටිකෙන් ටික හැබැයි හරි විදිහට අපි පටන් ගනිමු. හැමෝටම ජය. ඒ වගේම

 

"Good day"

 

සුපුන් ජයසිංහ

ඉංග්‍රීසි භාෂා උපදේශක