වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලෝකයටම අපේකම අරන් ගිය ඔලිම්පික් ඇඳුමේ ඇත්ත කතාව
ලෝකයම කතා කරන ලංකාවේ ඔලිම්පික් ඇඳුම. මේ දවස්වල හැමෝම කතා කරන්නේ ඒ ගැන. ශ්‍රී ලාංකේය රාජකීය ආභාෂය සහිත මේ නිල ඇඳුම්වලින් විදහා පෑවේ රටේ සංස්කෘතික අභිමානයයි. 2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උලෙළට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ විදිහට ලාංකේය සංස්කෘතික ඇඳුමකින් සැරසීම කැපී පෙෙනන අවස්ථාවක් වූයේ සැමගේම නෙත් ඒ දෙසට යොමු වීමෙනි. ඉතින් එහෙම ආකර්ෂණයක් දිනාගත් ශ්‍රී ලාංකේය නිල ඇඳුම ප්‍රංශයේ පැවැති ඔලිම්පික් සමාරම්භක උලෙළේ වඩා අකාර්ෂණීයම නිල ඇඳුම ලෙස තෙවැනි තැන දිනාගත්තා.
හැබැයි මේ ඇඳුම පිටුපස තියෙන්නේ ලොකු කතාවක්. මේ ඇඳුම් නිර්මාණය වන්නේ කණ්ඩායමකගේ එකමුතුකමකින්. ඒ ඹ්ධමඪ ඛ්ඥරතධද ආයතනයෙන් ඹ්ධමඪ ඛ්ඥරතධද ආයතනයේ ප්‍රධාන ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන අසංක ද මෙල් මේ ඇඳුම් වල නිර්මාණකරුවායි. අද මේ කතා බහ ලංකාවේ නම ඔලිම්පික් උලෙළට ගෙන ගිය ඒ අපූරු නිර්මාණකරුවා සමඟයි.
මම මේ ඹ්ධමඪ ඛ්ඥරතධද ආයතනය ආරම්භ කරලා අවුරුදු 8ක් පමණ වෙනවා. ඹ්ධමඪ ඉචපධදඨ ආයතනයත් අපේම එකක්. අපේ මේ ව්‍යාපාරය තුළින් අපිට කරන්න අවශ්‍ය වුණේ ලංකාවේ සරම, රෙද්ද හැට්ටය කියන ඇඳුම් අලුත් විදිහට නිර්මාණය කරලා එය ලෝකයට හඳුන්වාදීම. මේ ඇඳුම් අපේම අනන්‍යතාවක් සහ බොහොම ආඩම්බරයක් ඇතුව අඳින්න පුළුවන් ආකාරයට නිර්මාණය කිරීමයි අපේ අරමුණ වුණේ.
ඒ අනුව අපි අවුරුදු ගණනාවක් තිස්සේ වැඩකරගෙන ඇවිත් ඉන්නවා.
ඇඳුම් නිර්මාණකරණයට පිවිසුණේ කොහොම ද?
මම ඉගෙන ගත්තේ ශාන්ත පීතර විද්‍යාලයෙන්. මට ඉංජිනේරු අංශය ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් ඉංජිනේරු උපාධිය සඳහා මම අමෙරිකාවට පිටත් වුණා. ඉතින් අවුරුදු 20ක් විතර අමෙරිකාවේ හිටියේ. තාක්ෂණය සම්බන්ධ ආයතනයක මම වැඩ කළේ. කාලයක් එහෙම වැඩ කරගෙන යද්දි මට හිතුණා ජීවිතයට වෙනසක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා ලංකාවට ඇවිත් ඒ ඉගෙන ගත්ත දේවල් එක්ක මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවෙම අපිටත් වැදගත් රටටත් වැදගත් දෙයක් තමයි පටන් ගන්න ඕනේ කියලා.
ඒ අරමුණත් එක්ක මම මේ ආයතනය පටන් ගත්තා. මේ ආයතනය ඹ්ධමඪ කියන නම දාන්ෙනත් හේතුවකට. ලොවි කියන පලතුරේ නම තමයි මම මේ ආයතනයට තෝරා ගත්තේ. ලොවි කියන්නේ ලංකාවට ආවේණික පලතුරක්. මේ පලතුරේ ලොකු ඖෂධීය වටිනාකමක් තියෙනවා. විදේශිකයන් පවා ලංකාවේ ලොවි ගැන හරි ඉහළින් කතා කරනවා. ඉතින් දේශීය දේ නිතරම අගයන කෙනෙක් විදිහට මම හිතුවා මේ ආයතනයට ඒ නම දාන්න.
අපේ ආයතනයේ ශාඛා කිහිපයක්ම තියෙනවා. කොළඹ ගෝල්ෆේස් හොටේල් එකේ, කොළඹ ෂැංග්‍රිලා හොටේල් එකේ සහ රේස්කෝස් එක ඉදිරිපිට ලක්පහණ ගොඩනැඟිල්ලෙත් තියෙනවා.
මේ ඔලිම්පික් තරගයට නිල ඇඳුම් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව ද?
අපි මුලින්ම ඔලිම්පික් සඳහා නිල ඇඳුමක් නිර්මාණය කරන්න ගත්තේ ටෝකියෝ පැවැති ඔලිම්පික් උලෙළේදී. ඒකේදී මගේ මූලිකත්වයෙන් තමයි ඒ ඇඳුම නිර්මාණය වුණේ. ඔලිම්පිල් උලෙළක් කියන්නේ රටක තියෙන මොකක් හරි විශේෂ දෙයක් හැමෝටම පෙන්නන පුළුවන් විශේෂ අවස්ථාවක්. ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි සංස්කෘතිය පැත්තෙනුත් මේ ඔලිම්පික් උලෙළේදී අනෙක් අයගේ ආකර්ෂණය ලබා ගන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඔලිම්පික් උෙලළේදි අපිට මේ ඇඳුම ප්‍රදර්ශනය කරන්න දෙන්නේ තත්්පර 15ක වගේ කාලයක්. ඉතින් මුළු ලෝකෙටම පෙන්වන්න තත්්පර 15 ඒ පුංචි වෙලාවටත් අපිට ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වුණා. අපි ඒකටත් කළේ සම්ප්‍රදායික ඇඳුම්. ඉතින් ටෝකියෝ ඔලිම්පික් එකට කරපු ඇඳුමටත් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ලංකාවේ අයත් ගොඩක් සතුටු වුණා. මොකද පළමු වතාවටයි මේ වගේ උත්සවයකට ජාතික ඇඳුමක් ඇන්දේ.
මෙවර ඇඳුම නිර්මාණය කරපු ආකාරය ගැන කතා කළොත්....
ඹ්ධමඪ සමාගමේ ඇත්තටම හරිම පොඩි පිරිසක් වැඩ කරන්නේ. ඉතින් අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි මේ ඇඳුම් නිර්මාණය කළේ. මම එයාලාගේ ප්‍රධාන ඇඳුම් නිර්මාණකරු විදිහටයි කටයුතු කරන්නේ. මේ වගේම ඇඳුම් තමයි අපි වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරලා අපේ ශොප්වලට දාලා තියෙන්නේ. අපේ තියනවා මොඩර්න් නිලමේ ඇඳුම කියලා ඇඳුම්. අවුරුදු 4 - 5කට කලින් තමයි අපි ඒක නිර්මාණය කළේ. අපි සම්ප්‍රදායික මුල් ඇඳුම අලුත් කාලයට ගැළපෙන විදිහට නිර්මාණය කරලා නවීකරණය කරලා හදලා තියෙනවා. ඉතින් මට හිතුණා මේ අවස්ථාවේදී මේ මුල්
ඇඳුමේ දේවලුත් අරගෙන අලුත් ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ කියලා. මාස තුනක් විතර ගියා අපිට මේ ඇඳුම් ටික හදන්න. මොකද මේ මලල ක්‍රීඩාවලට යන්නේ කවුද? කී දෙනෙක් යනවද වගේ දේවල් දැනගන්න ලැබුණේ ඊට මාස තුනකට කලින්. මේ ඇඳුම් නිර්මාණය කරන එකත් ලේසි දෙයක් නෙවෙයි. ලොකු මහන්සියක් දැරුවා අපි ඒ වෙනුවෙන්. එක ජැකට් එකක බීඩ්ස් 15,000ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් එක ජැකට් එකක බීඩ්ස් ටික අල්ලගන්න විතරක් දවස් 4-5ක් යනවා. ඉතින් රැයක් දවාලක් නැතුව අපි මේ ඇඳුම් ටික හැදුවා.
මේ ඇඳුම්වලට ගොඩක්ම යොදාගෙන තියෙන්නේ සේද රෙදි. ඒ වගේම කපු රෙදි යොදාගෙන තියෙනවා. සරම්වලට සිල්ක් රෙදි යොදාගෙන තියෙනවා. ගොඩක්ම අපේ අයතනයෙන් නිර්මාණය කරන ඇඳුම්වලට යොදා ගන්නේ ස්වභාවික රෙදි වර්ග. මොකද අපි උත්සාහ කරන්නේ නිතරම පරිසරයට හානියක් නොවන රෙදි වර්ගවලින් මේ දේවල් සකසන්න. පොලියෙස්ටර් වගේ රෙදි වර්ග පරිසරයේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. ඒ නිසයි මේ ඔලිම්පික් උත්සවයටත් අපේ සම්ප්‍රදායික දේ හරි විදිහට ලෝකයට දෙන්න හිතුවේ.
එතකොට ශ්‍රී ලංකාවේ මේ ඇඳුම ඔලිම්පික් උලෙළේ ආකර්ෂණීයම ඇඳුම බවට පත් වුණා. ඒ තෝරාගැනීම සිදු වුනේ කොහොම ද?
අපිට මේ ඇඳුම්වලින් ෆොටෝ ෂූට් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ ඇඳුම්වලින් ෆොටෝස් 2-3කට වඩා නැත්තේ ඒ නිසයි. මේ ෆොටෝස්වල ඇත්තම මලල ක්‍රීඩකයින් තමයි මේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඇත්තටම වෙන අයව දාලා ෆොටෝ ෂූට් කරන්න මට අවශ්‍ය වුණේ නැත්තෙත් මේ නිසයි. මට ඕනේ අැත්තම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ඇඳුමෙන් සැරසී හැමෝම දකිනවට.
අපිට ලොකු වෙලාවක් තිබුණේ නැහැ. මොකද මේ මලල ක්‍රීඩකයින් ඔක්කොම පුහුණුවීම්වල. එයාලා ඔලිම්පික් යන්න දවස් දෙකකට වගේ කලින් තමයි මේ ෆොටෝ දෙක තුනත් ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි ඒ ෆොටෝස් දෙක සමාජ මාධ්‍ය ජාලාවල ශෙයා කළා ඒ කණ්ඩායමට සුබ පතන්න. ඉතින් ඒ ෆොටෝස් ලක්ෂ ගණනක් තව තව අය ශෙයා කරලා තිබුණා. ඊට පස්සේ එවා දැකපු විලාසිතා සමාගම්වල අය, ඇඳුම් නිර්මාණ ශිල්පීන් වගේ ෆැෂන් සම්බන්ධ ගොඩක් අය රිවිව් දාලා තිබ්බා. ඔලිම්පික් නිල ඇඳුම ගැන ඉනධපබ ඪතතභඵබපචබඥඤ කියන සඟරාව අපිව ටොප් 11 කියන කැටගරියට තෝරගෙන තිබුණා. ඒක ඡ්ඉර්ථව් කියන රූපවාහිනි නාළිකාවෙන් පවත්වාගෙන යන සගරාවක්. ඉතින් අපි තුන් වැනි තැන ලැබී තිබෙන බව එයාලා නිවේදනය කළා. මොංගෝලියාව, මෙක්සිකෝව සහ ශ්‍රී ලංකාව කියලා.
මේ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
අවංකවම ශ්‍රී ලංකාව කියන්නේ ලොකු සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් මට ආඩම්බරයි සතුටුයි. කයිල් අබේසිංහ පිහිනුම් ක්‍රීඩකයා මට කිව්වා එදා මේ ඔලිම්පික් සමාරම්භක උලෙළට මේක ඇඳගෙන යද්දි ඒ ඇඳුම දැකලා අනෙක් රටවල ඔලිම්පික් නිලධාරින් ඇතුළු බොහෝ දෙනෙක් මෙයාලත් එක්ක ෆොටෝස් ගත්තා කියලා. අපි ගොඩක් මහන්සි වෙලා මේ ඇඳුම හැදුවේ. ඉතින් එයාලා ඔලිම්පික් යද්දි මේ වගේ පිළිගැනීමක් ලැබුණා කියන්නෙම මට ලොකු සතුටක්. ඒ වගේම ලොකු ගෞරවයක්. මට තියෙන ලොකුම ආසාව තමයි අපේ කණ්ඩායම වුණත් හිතන්නේ නැහැ ලංකාවේ අපේ ඇඳුම් ඹධපතඤ ජතචඵඵ කියලා. අඩුම ගානේ අපිට අදහසක්වත් තියෙනවද කියලා හිතන්නේ නැහැ. ලොකුම ජයග්‍රණය තමයි මගේ කණ්ඩායමට වුණත් පේනවා අපේ ආයතනයේ ඇඳුම් ඹධපඤ ජතචඵඵ තත්ත්වයේ තියෙන බව.
ඉතින් දැන් මේ ජයග්‍රහණයත් එක්ක අපි ඒක ඔප්පු කරලා ඉවරයි. ජාත්‍යන්තරයට යන්න පුළුවන් තරමේ ඇඳුම් නිර්මාණය පිළිබඳව අපිට දක්ෂතාවක් තියෙනවා කියලා.
මේ වගේ නිර්මාණ කරන අනිත් අයට වුණත් මේ ජයග්‍රහණය ලොකු හයියක්. ඕනම කෙනෙක්ට ජාත්‍යන්තර තත්ත්වයට හරියන්න ඇඳුම් නිර්මාණය කරන්න අවස්ථාවක් තියෙනවා කියලා මේ ජයග්‍රණයෙන් ඔප්පු වෙනවා.
මේ අැඳුම් ටික නිර්මාණය කරන්න මාස තුනක කාලයක් ගියා