Cross Over ගවුමයි සොඳුරු රුවයි

සැප්තැම්බර් 16, 2024

 

මේ දිනවල ජනප්‍රිය මෝස්තර අතරින් ඉතාමත් ජනප්‍රිය මෝස්තරයකි Cross Over ගවුම. මූලික පතරොම අැසුරින් ඉතාම පහසුවෙන් මෙම ගවුම් මෝස්තරය නිර්මාණය කළ හැකියි.

 

මෝස්තර නිර්මාණය

 

මූලික පතරොමෙන් A ලයින් හැඩය නිර්මාණය කරන්න. ඉදිරිපස නැම්මට තබා කොළය අඳින්න. කර ගැඹුර අඟල් 07ක් වේ. කරට ඩාටය අඟල් 1/2ක් වේ. ඉණ ඩාටය රැලි අගයක් දෙන්න. සාය කොටස නැම්මට තබා කොටස් 2ක් කපන්න. රැලි පටිය වෙන්කර තීරු කපා ඇති කර අලවා කපා ගන්න.

 

වට මිමි (හරස් මිමි)

 

උරහිස අඟල් 15

පපුව වට අඟල් 36

ඉණ වට අඟල් 3

උකුළ වට අඟල් 38

උස මිටි (පහළට)

උර සිට පපුව මුදුන උස අඟල් 10

උර සිට ඉණට උස අඟල් 15

උර සිට සම්පූර්ණ උස අඟල් 36

ඩාට් පරතරය අඟල් 7 1/2

කර වට කර ගැඹුර අඟල් 3

කර හරහා අඟල් 3 1/4

 

ලබාගත් මිමි ගණනය කරමු

 

උරහිස /2 = අඟල් 15/2 = අඟල් 7 1/2 + 1/2 = අඟල් 8

පපු වට /4 = අඟල් 36 /4 = අඟල් 9 + 1 1/2 = අඟල් 10 1/2

ඉණ වට /4 = අඟල් 31/4 = අඟල් 7 3/4 + 1 + 1/2

= අඟල් 10 1/2

උකුළ වට /4 = අඟල් 38/4 = අඟල් 9 .5 + 1 1/2

= අඟල් 11

 

උස මිමි සඳහා අඟල් 1/2 බැගින් ද සම්පූර්ණ උසට අඟල් 1 1 /2ක් ද එකතු කරන්න.

 

මුලින්ම ඉදිරිපස පළුවේ කර කොටසට ස්ටිප් පේශින් කොටස තබා මසන්න. පසුව ඉදිරිපස කොටස් දෙක Cross Over වන පරිදි සකසා ගන්න. පිටුපස පළුවේදී ස්ටිප් ෆේෂින් කොටස් තබා මසන්න. ඉදිරිපස හා පිටුපස එකතුකර උරහිස් මූට්ටු කරන්න. ඉදිරිපස සාය කොටස් දෙකේ පහළ කොටසට කපාගත් රෆල් (Ruffle) කොටස තබා මසන්න. පිටුපස පළුවෙන් රෆල් කොටස් තබා මසන්න. ඔබ සාදාගත් අත් කොටස උරහිසට තබා මූට්ටු කරන්න. අංශය ද මසාගන්න. අවසානයේ පහත වාටිය මසා ගවුම නිමකර ගන්න.