වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
පොඩි පොඩි app වලින් ලොකු වැඩ
දැන් ගොඩක් මිනිස්සු ගත්තහම ඇත්තටම කරන්නේ ඔහේ ජීවත් වෙන එකනේ. හා නැද්ද? ඉතාම සීමිත පිරිසක් තමයි හිතන්නේ තමන්ව ගොඩනඟා ගන්න එක, වර්ධනය කරගන්න එක, දියුණුවක් ඇති කරගන්න එක ගැන. දැන් එහෙම හිතුවට ඒක කරන්නත් එපැයි. ඒකට එක්කෝ ඒ සඳහාම ඉන්න උපදේශකයෙක් ගාවට යන්න පුළුවන්. ඔය ලයිෆ් කෝච්ලා කියලා කියන්නේ අන්න ඒ අයට. එහෙම නැත්නම්, අපිට පුළුවන් අපි විසින්ම අපේ වැඩි වර්ධනය, ගොඩනැඟීම, දියුණුව සිද්ධ කරගන්න. ඇත්තටම ඒකට තමයි self help කියලා කියන්නේ. හැබැයි ඉතින් ඕක නිකම්ම හිතුවා, කළා ටයිප් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකටත් අපිට පිටින් යම් කිසි උදවුවක් ඕෙන. ඒ කියන්නේ අඩු ගානෙ ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන දැනුම්වත්භාවයක් ඕෙන. ආන්න ඒ දැනුම්වත්භාවය ලබාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් එහෙමත් දැන් තියෙනවා. ඉතින් අපි ඒ ඇප් එකක් දෙකක් දාගෙන බලමුද, කොහොමද තමන් විසින්ම තමන්ව ගොඩනඟන්නේ කියලා?
Coach. me
සමහර වෙලාවට අපිට අපිව ගොඩනගාගන්න, අපේ ඉලක්කවලට යන්න අපිටම පුහුණුවක් ලබාදෙන්න තනියෙන් බැහැ. ඒකට කෝච් කෙනෙක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ කෝච් කෙනෙක්ගේ සහාය ලබාදෙන්න පුළුවන් ඇප් එකක් තමයි Coach. me කියන්නේ. මේ ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතේට හොඳ පුරුදු නිර්මාණය කරගන්න සහ කළමනාකරණය කරගන්න අවශ්‍ය මෙවලම් ලබාදෙනවා. අපිට අපේ තියෙන පුරුදු ට්‍රැක් කරමින්, ඒවායින් හොඳ ප්‍රතිඵලයක් ජීවිතේට ලබාගන්න පුළුවන් විදියට ඒවා හැඩගස්වා ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. අවශ්‍ය නම්, අපිට තනියෙන්ම වැඩේ ගොඩදාන්න බැහැයි කියලා හිතෙනවා නම්, Coach. me එකත් එක්ක එකතුවෙලා ඉන්න ප්‍රජාවගෙන් උදවු ලබාගන්නත් ඇප් එක තුළින්ම පුළුවන්. මේ ඇප් එක ඇත්තටම මිනිස් හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
Remente
තමන්ගේ ඉලක්කයන්ට, අරමුණුවලට යන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒකට හොඳ සංවිධානාත්මක බවක්, අවධානයක් සහ ඵලදායීත්වයක් ඕෙන. අන්න ඒකට උදවු කරන ජනප්‍රිය ඇප් එකක් තමයි මේ Remente කියන්නේ. මේ Remente ඇප් එකේ විවිධ මොඩියුල්ස් තියෙනවා. goal plans, personal development articles, journal, planner, goal settings guide වගේ ඒවා තමයි ඒ මොඩියුල්ස්. ඒ ඇරෙන්න හොඳ සන්නිවේදනයක් කරන්නේ කොහොමද, නායකත්වය දරන්නේ කොහොමද වගේ කරුණු කාරණා ගැන අපිට විවිධ ටිප්ස් එහෙමත් මේ ඇප් එක ඇතුළේ ලබා දෙනවා. එතකොට අපේ දවස සැලසුම් කරගන්න, අපේ මානසික සෞඛ්‍යය හොඳද කියලා ට්‍රැක් කරන්න එහෙමත් මෙවලම් ඇප් එක ඇතුළේ තියෙනවා. මේ ඇප් එක ෆ්‍රී වුණාට, සමහර මොඩියුල්ස් මුදල් ගෙවලා ගන්න සිද්ධ වෙනවා.