වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
චමෝද් යෝධසිංහ යුපුන් පසු කරයි

UAE Grand Prix තරගාවලියේ පිරිමි මීටර 100 මූලික වටයේ තරගවලදී යුපුන් අබේකෝන් වඩා හොඳ කාලයකින් තරග නිමා කිරීමට චමෝද් යෝධසිංහ සමත් වුණා.
මූලික වටයේ පළමු තරගයෙන් තත්ත්පර 10.39ක කාලයක් වාර්තා කරපු යුපුන් එම තරගයේ පස්වෙනි ස්ථානය හිමිකර ගනිද්දී එම ඉසව්වේ දෙවැනි තරගයට තරග කළ චමෝද් යෝධසිංහ තත්ත්පර 10.27ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ පළමු ස්ථානය ලබා ජයග්‍රහණය කළා.
ඒ අනුව දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලබා සිටින යුපුන් අබේකෝන් අබිබවා යන්නට යෝධසිංහ සමත් ව්ම තවත් ජයග්‍රහණයකි .
ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී යුපුන්ට මෙන්ම යෝධසිංහටද මලල ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන්නට හැකියාව ලැබීම මෙරට මලල ක්‍රීඩාවට සුබ පෙරනිමිත්තක් බව ක්‍රීඩා විචාරකයන් සඳහන් කරයි.