වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සහජ හැකියාවෙන් ප්‍රයෝජන ගත් පිළිමතලාවේ ලංකා
“මේ ජෑම් එක මොකක්ද? පුදුම රසයක්නෙ තියෙන්නෙ..? අම්මෝ.... ඒ චට්නි එකේ රස. මේ වගේ චිලි පේස්ට් එකක් තියෙනවා නම් මරු... “ මේ ඇගයීම අන් කවරකුටවත් නොව.
මේ අපේ කාලයේ දිරිය කාන්තාවකටය. ඇය නමින් සමන්ති ලංකා කුමාරිය. අංක 38/ඒ, වතුපොල, වට්ටප්පොල, පිළිමතලාවේ ඉදිකළ ඉ.ඊ. නතභඵ ජ්ධධඤ ර්ථපධඤභජබඵ හි සාඩම්බර හිමිකාරිනිය ඇයයි.
ජීවිතයේ අපි හිතන පතන සියලු දේ අපට ලැබෙන්නේ නැහැ. එහෙත් ඇතැම් දේ ආයාසයෙන් ළඟාකර ගන්නට හැකියි. උත්සාහයෙන් හිමිකර ගන්නා යමක් වේ නම් එය අපට බෙහෙවින් වටී. ඒ වගේමයි එහි කල්පැවැත්මත්. මෙවැනි සිතිවිලි මගේ ජීවිතයේ උදාන වාක්‍යයයි. අද මම යම් තැනක සිටීද ඒ කිසිවක් කිසිවකු බන්දේසියක තබා මට පුද කළ ඒවානම් නොවෙයි. ඒ සඳහා කළ කැපකිරීම් එමටයි.
ඇත්තෙන්ම මගේ අවශ්‍යතාව, හැකියාව සහ උත්සාහය හරියාකාරවම තේරුම් ගත්තේ මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයයි. (ඉඡ්ච්) ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නට අද මා අතින් මෙවැනි නිෂ්පාදන බිහිවන්නේ නැහැ. ඔවුන් නිතරම වැඩමුළු පවත්වා දිරිමත් කළා. නිෂ්පාදනවලට වෙළෙඳ පොළක් ලබා දුන්නා. නිරන්තරයෙන්ම හොඳ පසුවිපරමක් කරනවා.
කඩුගන්නාවේ උපන් මා පවුලේ බාල දියණියයි. මට වැඩිමහලු අක්කලා අයියලා හිටියත් මහගෙදර වගකීම පැවරුණේ මටයි. මම උසස් පෙළ පන්තියට වාඩි වුණ මුල්ම කාලයේ මගේ අම්මා අසනීප වුණා. එක්තැන් වූ ඇය බලාගැනීමට මට පාසල් ගමන නවත්තන්න වුණා. මම ඒ වගකීම් ඉටුකළේ සතුටින්. ඒත් කාලයත් එක්ක අම්මා මෙලොවින් සමුගත්තා.
මේ අතර නාවික හමුදාවේ සේවය කළ හිතවතෙක් ගෙනා විවාහ යෝජනාවකට අනුව මම විවාහ වුණා. අපේ කැදැල්ලට තිසර, තිසල්, තිසුරි දූ පුතුන් එකතු වුණා. දරුවන්ගේ කටයුතු මට තනියෙන් කළ නොහැකි වු නිසා සැමියා රැකියාවෙන් ඉවත්වුණා.
අද කාලේ පවුලක වියදම රැකියාවක් කළත් දරන්න බැරි තරම්. ඒනිසා අපිට ආර්ථික අපහසුතා එන්න එන්නම වැඩිවුණා.
මට රසට උයන්න පිහන්න පුළුවන්. මම උයන පිහන කෑමවල කිසියම් රටාවක් තියෙනවා. පවුලේ නෑදෑ හිතමිතුරන්ගෙන් නිතරම ඇගයීමට ලක්වුණා. මම මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුංචි පුංචි අත්හදා බැලීම් කළා. අපේ ගම් ප්‍රදේශයේ බොහෝ පලතුරු නිකරුණේ අපතේ යනවා. ඉතින් එවැනි පලතුරු වර්ග කීපයක් අරන් කිලෝ 5 ක විතර ජෑම් හැදුවා. පළමු පාරටම වැඩේ සාර්ථකයි. ජෑම් ටික රසට, සුවඳට හැදුණා. ඒවා රස බැලූ හැම කෙනකුගෙන්ම ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.
ඒත් යමක් ප්‍රමිතියකින් යුතුව කළ යුතු නිසා මම ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනයටත් උඩුනුවර විද්‍යා හා තාක්ෂණ ආයතනයටත් සම්බන්ධ වී වැඩිදුර පුහුණු වුණා.
දැන් මම ජෑම්, චට්නි, චිලි පේස්ට් කිසිදු රසකාරයක් නොමැතිව පදමට හදනවා. අද එය අපේ පවුලේ ජීවනෝපායයි.
රැකියාවක් කරන කෙනෙක් මාසයක් බලන් ඉන්න ඕනේ මුදලක් අතට ගන්න. එහෙත් මෙවැනි ව්‍යාපාරයක නියැළෙන විට අපේ අතේ නිතරම සල්ලි ගැවසෙනවා. ඇත්තටම මගෙයි මහත්තයාගෙයි අතර අන්‍යෝන්‍ය බැඳීම තවත් ශක්තිමත් වන්නටත් මේ ව්‍යාපාරය ලොකු පිටිවහලක්. මොකද අපි දෙන්නාගේම අදහස් යෝජනා අනුව විශ්වාසනීය ලෙසින් මේ ව්‍යාපාරය කරගෙන යනවා. එළැඹෙන සතියේ අපි අතරට තවත් පුංචි සිඟිත්තෙක් එනවා. ඇත්තටම මා බිරියක්, මවක්, ව්‍යවසායිකාවක් ලෙසින් සාර්ථකයි. කාන්තාවකට මීට වඩා දිනාගත යුතු ලොවක් තිබේ ද? ඒ නිසා මා අපේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. තමන්ට තිබෙන හැකියාව තේරුම් ගෙන එයින් ජීවිතය එළිය කරගන්න. එයින් ප්‍රයෝජන ගෙන ජීවිතය ජයගන්න.