කාන්තාවක් ලෙසින් තවත් කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමට හැකි වීම මා ලැබූ භාග්‍යයක්

නොවැම්බර් 27, 2019

සුසිනිඳු ළදරු නිමි ඇඳුම් නිෂ්පාදනය තුළින් ජීවිතය ජයගත් අනූෂා

කාන්තාව බිරියක්, මවක් වශයෙන් සිය වගකීම් ඉටුකිරීමට බැඳී සිටින්නීය. සිතේ ශක්තියත්, දැතේ සවියත් එකට මුසු වූ කල ඈ සිය පවුලට මහා පවුරකි.

රටේ සුවහසක් කාන්තා ඔබ අදිටන් කරගත යුත්තේ ද එවැනි සවිමත් දිරිය කතක් වීමටයි. එවන් දිරිය කතක් පසුගිය දා තරුණී වෙත පැමිණියාය.

ඇය මාතර, කඹුරුපිටියේ අනූෂා වර්ණකුලයි.

“කාන්තාවන්ට පුදුමාකාර හිතේ ධෛර්යයක් තියෙනවා. ඒ වගේමයි ලොව ඇති ප්‍රබලම දරාගැනීමේ ශක්තිය දරුවකු බිහි කිරීමේ වේදනාවට ඈ බොහොම ඉවසිලිවන්තව දරා සිටිනවා. එවන් අපිට කළ නොහැකි දෙයක් නැහැ. තිබිය යුත්තේ උනන්දුවයි. කවුරුත් හිතනවා ස්වයං රැකියාවක් කරන්න අතේ මිටේ ලොකු මුදලක් තියෙන්න ඕනේ කියලා. නැත්නම් ඒ ගැන දැනුමක් අත්දැකීමක් තියෙන්න ඕනේ කියලා.

ඒවා බොරු මත. මමත් බොහෝ දෙනෙක් වගේ මුලින්ම පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ අතර විවාහ වුණා. බිනිඳු, තරුන් පුතාලා දෙන්නා ලැබුණාට පසුව රැකියාවක් වෙනුවෙන් නිවෙසින් එළියට ඒම දුෂ්කර වුණා. දරුවෝ තනි කර රැකියාවට ඒම දුකක් බවත් මට හැඟුණා. කොහොමහරි අන්තිමේදී රැකියාවට සමුදුන්නා.

සැමියා ලබන වැටුපෙන් පවුල ගොඩනඟන්න අපහසු බව මේ කාලේ ටික ටික දැනෙන්න ගත්තා. නැවත රැකියාවක් හොයාගැනීම දුෂ්කරයි. නිවෙසින් පිට රැකියාවකට යාමට හිත එකඟ කරගන්නත් බැහැ. ඒත් මට හොඳට මහන්න පුළුවන්කම පිහිටලා තිබුණා. නිකමට වගේ පොඩිත්තන්ගේ නැප්කින්, තොප්පි, ඇඳ ඇතිරිලි, කොට්ට උර කීපයක් මැහුවා. ඊට පසුව පොඩිත්තකුට අවශ්‍ය කරන ළදරු නිමි ඇඳුම් කට්ටලයක්ම නිෂ්පාදනය කළා.

 

සුසිනිඳු බේබි කෙයාර්,

අනුජය, උල්ලල,

කඹුරුපිටිය

ඇගේ ලිපිනයයි.

2019/11/27 තරුණි බලන්න