වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගැහැනියකට බැහැයි කියලා දෙයක් නැහැ
අම්මා............ මෙම භූමිකාව ඉතා ප්රබලය. ඇය පවුල තුළ ඉටුකරන කාර්යභාරය සුළුපටු නොවෙයි.
කුරුණෑගල තලම්මැහැර පදිංචි සාරංගි ජයවීර ද එවැනි ආදරණීය තරුණ මවකි. එපමණක් ද නොවෙයි. ඇය ජීවිතේට වටිනාකමක් එක්කළ සාර්ථක මවක, බිරියක සහ ව්‍යවසායිකාවක ලෙසින් පැමිණි මඟ දෙස ඇය ආපසු හැරී බලන්නේ සොම්නසකිනි.
දිරිය ළඳුන්ගේ දහදිය සුසුම සොයා යන තරුණී අප ඇයගේ තොරතුරු රටටම කියන්නට සිතුවේ ඒ නිසයි. ඇගේ කතාව වෙනස්ම එකකි. ඒ කතාව ඔබට ද ජීවිතය ජයගන්නට අත්වැලක් කරගත හැකියි.
“මම පන්නල ජාතික පාසලෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවා. උසස් පෙළට බෑග් නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘතියක් කළා. එයින් බෑග් සම්බන්ධ සියලු දැනුම ඇති කරගත්තා. පාසල් අධ්‍යාපනයට සමුදීමක් සමඟම මට විවාහ වීමට සිදුවුණා. ඔහු පුබුදු සමන්ත. රැකියාව කළේ පෞද්ගලික ආයතනයක. සැමියාගේ නිවෙසේ පදිංචි වූ මට ඔහු රැකියාවට ගිය පසු මහත් පාළුවක් දැනුණා. රැකියාවක් කරන්නට ඔහුගෙන් අවසරයක් ලැබුණෙත් නැහැ. මෙහෙම ඉන්නකොට පාසලේ දී මම බෑග් නිෂ්පාදනය පිළිබඳ කළ ව්‍යාපෘතිය මතක් වුණා. මේ ගැන සැමියාටත් පැවසුවා. ඔහු මගේ අදහසට කැමැති වුණා. පාළුවෙන් කාන්සියෙන් ඉන්න මට බෑග් මහන්න අවශ්‍ය කරන සියලු අමුද්‍රව්‍ය ඔහු සපයා දුන්නා. මුලින් මම මහපු බෑග් මිලදී ගත්තේ අහල පහළ අය. ක්‍රමයෙන් සැමියාගේ ගමේ නෑදෑ හිතමිතුරන්ගෙනුුත් බෑග් සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණා.
2020/02/19 තරුණි බලන්න