තමන්ගේ ව්‍යාපාරයේ වැටුපට වැඩකර අසීරු කාලයේදී ජීවිතය ජයගත් දමයන්ති

මැයි 27, 2020

මුතුකුඩ, අටපිරිකර, පාවඩ, උඩුවියන්, දේවතා කුඩ වගේම ආගමික වතාවත් සිදු කිරිමේදී අවශ්‍ය සැරසිලි ගණනාවකි. ඒවා නිර්මාණය කිරීම හිතන තරම් පහසු කටයුත්තකුත් නොවෙයි. එය බොහොම භක්ත්‍යාදරයෙන් ගරු සරු ඇතිව කළ යුතුයි.

ඒ කෙසේ වෙතත් මෙම නිර්මාණයන්ට වැඩිම වටිනාකමක් ගෙන එන්නේ වෙසක්, පොසොන් සහ කඨින උත්සව පැවැත්වෙන මාසවලදීයි. එහෙත් ලෝකයම මුහුණ පෑ කොරෝනා වෛරසය හමුවේ වෙසක් උත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සමරන්න හැකිවූයේ නැත. අඩුම තරමේ පන්සලකට යන්නවත් අවස්ථාවක් ලැබුණේ නැත. ඒ නිසා ඒ හා සම්බන්ධ අවශ්‍ය භාණ්ඩ සැරසිලි නිර්මාණය කරන අයත් බොහෝ අසරණ වුණා.

අංක 390/7 ඇරව්වල, පන්නිපිටිය ලිපිනයෙහි පදිංචි දමයන්ති එවැනි නිර්මාණ ශිල්පිනියකි. ඇයටද තම නිර්මාණ සඳහා වෙළෙඳපොළ මෙවර විවෘත නොවුයේය.එය කෙසේ වුවද දුර දක්නා නුවණින් කටයුතු කළ නිසාම ඇය අද යහමින් ජීවිතය ගෙන යයි.තම දෛනික කටයුතු දරුවන්ගේ,මුණුබුරන්ගේ කටයුතු සඳහා දිරි දෙමින් කාලය ගත කරයි.මේ ඒ දිරිය මාතාව කොවිඩ් 19 වසංගත කාලයේ ආර්ථිකය ජයගත් අයුරුයි.

" මම උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනගත් කෙනෙක්. ඒත් අධ්‍යාපනය තුළින් හිතේ තිබුණු ඉලක්කයට යන්න බැරිවුණා. ඒ නිසාම පාසලෙන් සමුගත් කාලයේම විවාහ වුණා. කාලයත් එක්ක අපිට පුතාලා තුන් දෙනෙක් සහ දියණියක් ලැබුණා.

රැකියා අවස්ථා කීපයක්ම ලැබුණත් දරුවන්ගේ අධ්‍යාපනයට එය බාධාවක් වේවි කියලා හිතුණු නිසා මම ගියේ නැහැ.

මට කොහොමත් මැහුම්, ගෙතුම් අත්කම් හැකියාව පිහිටා තිබෙනවා.

දූලා, පුතාලා තරමක් උස් මහත් වෙද්දී එයාලගෙ වියදම් සැමියාට පමණක් දරන්න අපහසුයි.

ඒ නිසා මම ගෙදර ස්වයං රැකියාවක් පටන් ගත්තා.හැමෝම නිමි ඇඳුම් නිෂ්පාදන කරනවා. මට ඕනෙ වුණේ වැඩි පිරිසක් නොකරන දෙයක් කිරීමටයි.

 

2020/05/27 තරුණි  පුවත් පත බලන්න.