වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කිතුල් හකුරු නිෂ්පාදනය කර ජීවිතය දිනූ ලක්මාලි
ජීවිතය තණ අග පිනි බිඳක් වැනිය. කොයි මොහොතේ මොනවායින් මොනවා වෙයිදැයි කිසිවකුට කිව නොහැකියි. මීට තෙමසකට ඉහතදී පැතිරී ගිය කොරෝනා වසංගතය ඊට හොඳම නිදසුනයි. එයින් එක්වරම මුළු රටම වහන්න සිදුවුණා.
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, සංවිධාන, ව්‍යාපාරවල වැඩ කටයුතු අතරමඟ නැවතුණා. මින් බොහෝ අසරණ වුණේ එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වුණු අයයි.. ඒ පිරිස අතර ස්වයං රැකියාලාභීනුත් හිටියා. මාතර මාවරල පදිංචි ලක්මාලි ප්‍රදීපා එවැනි අයකි.
"මම පැණි සහ හකුරු නිෂ්පාදනයට යොමුවෙලා දැන් අවුරුදු හත අටක් වෙනවා. ඒක හරිම අහඹු සිදුවීමක්. මෙවැනි ස්වයං රැකියාවකට යොමුවෙනවා කියලා මගෙ තුන් හිතකවත් තිබුණේ නැහැ.
මම උසස් පෙළ කලා අංශය දක්වා ඉගෙන ගත්තේ මාවරල විද්‍යාලයෙන්. මගෙ තාත්තා සිල්ලර කඩයක් කළ මුදලාලි කෙනෙක්, අම්මා ගෘහණියක්. අපේ පවුලේ දරුවෝ හත් දෙනෙක්. ගැහැනු පහයි. පිරිමි දෙන්නයි. ගමේ ඉඩකඩම් වතුපිටිවල ද උරුමකම් තිබුණ අපට ඒ දවස්වල කියන්න තරම් අගහිඟකම් තිබුණේ නැහැ. මාස තුනෙන් තුනට පොල් කඩලා ඒ ආදායමෙන් අපි හොඳට ජීවත් වුණා. ගැහැනු දරුවෝ වැඩිපුර හිටපු පවුලක් නිසා ගමේම ආදර්ශවත් පවුලක් විදිහට අපි හැදී වැඩුණා. අක්කලා කසාද බැඳලා පවුලෙන් වෙන්වුණා. මගේ ජීවිතයේ ලොකු පාළුවක් දැනුණා. ඉන්පසු 2008 වසරේ දී පස්ගොඩ පදිංචි චන්දන හෙට්ටිආරච්චි සමඟ මගේ කසාදයත් තීරණය වුණා. විවාහයෙන් පසුව මම මාවරලේ පදිංචියට ආවා.
ඒ දවස්වල සැමියාට ස්ථීර රැකියාවක් තිබුණේ නැහැ. මම ලබපු අධ්‍යාපනයත් එක්ක මගෙ දැනුමින් පෙර පාසලක් පටන් ගත්තා.තරමක් දුරට එය කරගෙන ගියා. අපි පදිංචි වෙලා හිටියෙ කුලී නිවෙසක. මේ නිසා පෙර පාසල දිගින් දිගටම කරගෙන යාම අපහසු වුණා. ඒත් එක්කම මට දරුවෙක් පිළිසිඳ ගැනුණා. ජෙෂානි දුව අපි අතරට එකතු වුණේ ඒ විදිහට. මහත්තයාටයි මටයි ජීවිතේ ලොකු බලාපොරොත්තුක් වුණේ ඇයයි. ඒත් කුලී නිවෙසක ස්ථීර රැකියාවක් නොමැති අපට දූගෙ අනාගතය ගැන දැනුණේ ලොකු බයක්.
2020/07/01 තරුණි පුවත්පත බලන්න.
ඔබේ දිරිය කතාවත් ලියා එවන්න අපට. නැතිනම් 0112429591 දුරකතනයෙන් අපව අමතන්න. ඒ ගැන රටටම කියන්න අප සූදානම්