ෆිෂ්ටෙල් සාය සමඟ ගවුමක් මසමු

ජනවාරි 9, 2023

 

අසුරු සැණින් කාලය ගත වෙද්දී විලාසිතා ලෝකය තාරුණ්‍ය හරි අපූරුවට වැළඳ ගන්නවා. මේ ෆිෂ් ටෙල් සාය සමග හැඩ වුණු ගවුම් විලාසිතාව ද එවැනි එකකි. සිරුරේ ලාලිත්‍ය මැනවින් පිළිබිඹු කරයි. ඉතින් මෙය ඔබේම කරගන්න ඔබත් ආස ඇති නේද? ඔන්න එහෙනම් ඔබටත් අවස්ථාව.

 

අවශ්‍ය මුලික මිමි

උරහිස අඟල් 15

කරවට අඟල් 14

ඉණදක්වා උස අඟල් 14

පපුවවට අඟල් 36

ඉණවට අඟල් 31

 

සායට මිමි:-

ඉණවට අඟල් 31

උකුළවට අඟල් 39

උකුළ දක්වා උස අඟල් 8

දණහිස දක්වා උස අඟල් 16

සාය උස අඟල් 36

 

බ්ලවුසය හා සාය වෙන වෙනම කපා ඇති අතර මුද්‍රිත රෙදි හා තනිවර්ණයෙන් රෙදි භාවිතා කර ඇත. පසුපසට සිපරයක් දැමිය යුතුයි. එ ඔබ කොට්න් රෙදි වර්ගයක් භාවිත කරන්නෙනම් ය. නැතිනම් ඔබටඇදෙන සුලු රෙදි වර්ගයක් භාවිතා කිරිමෙන් සිපර් එකක් නොදා මැසිය හැක. එය ඔබට ගැලපෙන අයුරින් තෝරාගන්න.

 

බ්ලව්සය සාදා ගැනිම සදහා නැම්මට රෙදි තබා ගන්න. ඉහලින් හරහට රෙඛාවක් අදින්න එය උරහිස රෙඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AB වෙ. B සිට අඟල් 1 3/4

ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ.එම පිළිතුරෙන් අඟල් 1/2 ක් අඩුකර ඉතිතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලීක කර අදින්න.

E සිට පහතට ඉන දක්වා උස පහත් කර හරහට රේඛා අදින්න.

අත්කට රෙඛාවට උස සෙවීම සදහා මැනගත් උරහිස් ප්‍රමානය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රෙඛාවක් අදින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සදහා පපුවවට ප්‍රමාණය හතරෙන් බේදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රෙඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

(බුරුල සඳහා හා මැහුම්වාසි එකතු කිරිමෙදි ඔබට අවශ්‍ය ප්‍රාමාණය අනුව එකතු කළ හැක. සාමාන්‍ය ආකාරයට ලකුණු කරන්නෙනම් මැහුම්වාසි අඟල් 1/2 ද බුරුල සඳහා අඟල් 1/2 හෝ 3/4 එකතුකරන්න)

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යාකර අංශය අඳින්න.

 

අත්කට වක්‍රය ඇදිම සඳහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ශය්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ශය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය්‍ය කැපියන සේ රේඛාවක් ඇද අත්කට වක්‍රය අදින්න. අත්කට උරහිසින් උඩටකැපිම සදහා C සිට අඟල් 1ක් පමණ ඉහළට කර අදින්න. උරපටි පළල අඟල් 2 ක් හෝ අඟල් 2 1/2 පමණ තබා කර අදින්න.

 

පසුපස

පසුපස පතරොම ද ඉදිරිපස ආකාරයටම කපාගන්න . පසුපස සඳහා සිපරයක් යොදා ගන්නෙනම් බලවාටියට තබා අඟල් 1ක් වාසි තබා කපාගන්න.

 

සාය

සාය සඳහා ෆිස්ටෙල් සාය කපා ඇත. සාය කැපිම සඳහා රෙදි කොටස නැම්මට නවා ගන්න. ඉහලින් හරහට රේඛාව ක් අදින්න. එය ඉණ රේඛාව යි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස, දණහිස දක්වා උස, සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අදින්න. ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය KL වේ.

 

උකුළවට ප්‍රමාණය හතරෙන් බේදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය MN වේ.

උකුළ රේඛාවේ ලකුණු කරනලද ප්‍රමානයක් අඟල් 1/2 හෝ අඟල් 1 අඩුකර ඉතිරි ප්‍රාමාණය දණහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය OP වේ. L සිට N දක්වා උකුළ හැඩය අදින්න. N සිට P ට හැඩය අදින්න. P සිට වාටියට කෙලින් ඉරක් අදින්න. එය PQ වේ. Q සිට පිටතට අඟල් 2ත් 8ත් අතර ප්‍රමානය ක් ලකුනු කර P ලක්ෂය්‍යයට අතින් හැඩකර අදින්න.

 

වාටිට සදහා මැහුම්වාසි එකතුකර කපාගන්න.

 

පසුපස

පසුපස ට සිපර් එකක් භාවිතා නොවන්නෙනම් ඉදිරිපස ආකාරයටම පසුපස කපාගන්න. සිපර් එකක් භාවිතා වන්නෙනම් බලවාටියට තබා බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා කපාගන්න .

 

මේ ලෙසින් මසාගන්න

 

පළමුව උරහිස මසන්න. ඊළඟට

කර අත්කට පයිපින් කරන්න. දැන්

සාය අල්ලා ගන්න. අවසානයට

අංශය මසා වාටිය මසන්න.

 

 උපදෙස්

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ උපදේශිකා

දිලුෂි දසනායක