හැඩට වැඩට පොඩි දෝණිට නව වසරට විලාසිතා

මෙවර සුවිශේෂී මැහුම් තිළිණය
ජනවාරි 16, 2023

මොනර පිලේ නිල් පාටින් දුව සරසන හැඩ ගවුමක්

අම්මෙකුට මෙන්ම පියකුටද තම දියණිය මැණිකකි. ඒ මැණික ඔපදමා හැඩ කිරීමටත් ඒ හැඩ විඳීමටත් මාපියන් නිතර වෙහෙසෙති. පුංචි දියණී අලංකාර විලාසිතාවලින් හැඩ කිරීමට මාපියන් නොගන්නා උත්සාහයක් නැත. මේ අලංකාර ගවුම් පොඩි විලාසිතා දියණිය හැඩකර ගන්නටයි. නිවෙසේදීම ඉතා පහසුවෙන් මසා නිමකළ හැකි මේ අලුත්ම මෝස්තරයේ අලංකාර ගවුම්පොඩි ඔබේ මැණික තවත් ලස්සන කරාවි.

පළමුවෙන් අප ඔබට ගෙන එන්නේ පුංචි දෝණිගේ යෙහෙළියගේ උපන් දින සාදයට මෙන්ම ඕනෑම සාදයකට ගැළපෙන අලංකාර මොනරවර්ණ ගවුම් පොඩියකි.

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

 

*උරහිස    අඟල්  13

* කරවට    අඟල් 12

* ඉණ දක්වා උස අඟල්  12

* පපුව වට   අඟල් 27

*ඉණ වට    අඟල්  25

 

සායට මිමි.

ඉණ වට අඟල්  25

සාය උස   අඟල්  22

මෙම ගවුම සඳහා බ්ලවුසය හා සාය වෙන වෙනම කපා ඇත. බ්ලව්සය සඳහා ලේස් එකක් හා භාවිත කර ඇත.

 

බ්ලවුසය  සාදා ගැනීම සඳහා රෙද්ද දෙකට නවා නැම්මට පතරොම  තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල්

1 /4 ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

 කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලික කර අදින්න.

   E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

    අත්කට රේඛාවට උස සෙවීම සඳහා  මැනගත් උරහිස් ප්‍රමාණය  දෙකෙන්  බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු  කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

    අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි  එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න.   එය FG වේ.

( මැහුම්වාසි එකතු කිරීමෙදී අඟල් 1/2 ක් ලකුණු කරන්න.)

  ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට  මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යාකර අංශය අදින්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

             

ලේස් රෙදිවලින් හා ගවුම් රෙද්දෙන් බ්ලවුසය කපා ගන්න.

 

පසුපස

 

  පසුපස සඳහා සිපරයක් යොදා ගැනීමට  බලවාටියට තබා අඟල් 1ක් වාසි තබා නැම්ම ඇඳගන්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබා ගන්න. උරහිස රේඛාවට සමාන්තරව අඟල්  1 උසින් වැඩිකර  කර ගැඹුර අඟල් 1 1/2  පහත්කර කපාගන්න.

 

බ්ලවුසයේ ඉණට වෙනම ලේස් පටියක් අල්ලා ඇත. එය වෙනම කපා උඩින් අල්ලා ගන්න.

 

   කොළරය

 

 කොළරය සඳහා පතරොම හෝ ස්ටිෆ් එක මුලින් කපාගන්න. ඒ සඳහා හරහට නවාගන්න. ඇඳුමේ කරවට ප්‍රමාණය මැන එම පිළිතුර දෙකෙන් බෙදා හරහට ලකුණු කරන්න. කොළරය කවාකාර කරගැනීම සඳහා අඟල් 1ක් හෝ අඟල් 1 1/2 ඉහළට ලකුණුකර කොළරයේ උස අඟල් 1ක් හෝ අඟල් 11/2  ක් සිටින සේ ඇඳගන්න. කොළරයේ  කෙළවර හැඩේට අදින්න. පසුව පතරොම තබා ස්ට්ෆ් එකක් හා රෙදි කොටස් 2ක් කපා ගන්න. රෙදි කැපිමේදී මැහුම් වාසි තබා කපා ගැනීමට වගබලාගන්න. මැහුම් වාසි අඟල් 1ක් දික් පැත්තට තබා මැදින් වෙන්කරගන්න. මෙහි ඉදිරිපසට හා පසුපසට විවරය ගෙන ඇත.

 

ෆුල් ෆ්ලෙයාඩ් සාය

 

   සාය සඳහා රෙදි කොටස පහතට  දෙකට  නවා  නැවත  හරහට  නවන්න. ඉණවට ප්‍රමාණය 6න් බෙදා බොක්ස් ෆ්ලීට් තැබිම සඳහා අඟල් 3ක් 4 ක් එකතුකර එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුර ට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න.

 

වැඩිපුර ලකුණු කරනලද ඉඩ ප්‍රමාණයෙන් බොක්ස් ෆ්ලීට් තබා ගන්න.

 

මේ විදිහට මසාගන්න:-

 

ඉදිරිපස කොටසට ඉණට පටිය අල්ලා ගන්න.

උරහිස මසන්න.

පසුපසට සිපරය අල්ලා ගන්න. දැන්

කොළරය මසා පෙරළා කරට තබා මසාගන්න.

අංශය මසන්න.

සාය ෆ්ලීට්කර ඉණට අල්ලා ගන්න. අවසානයේ වාටිය මසන්න.

-------------------------

රතු පැහැ ගවුමයි මල් මල් හැඩයයි

මේ රතුපැහැ ගවුම් පොඩිය ඔබේ ආදරණීය දියණිය උත්සව අවස්ථාවකට කදිමට හැඩ කරාවි. මලින් අලංකාරකළ මේ සුන්දර ගවුම ඔබටත් පහසුවෙන් නිවෙසේදීම මෙහෙම මසාගන්න පුළුවන්.

 

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

 

*උරහිස අඟල් 11 1/2

* කරවට අඟල් 10

* ඉණ දක්වා උස අඟල් 13

* පපුව වට අඟල් 25

*ඉණ වට අඟල් 21

 

සායට මිමි:-

 

ඉණ වට අඟල් 25

සාය උස අඟල් 22

 

ගවුම සඳහා වෙල්වට් රෙදි භාවිතකර ඇති අතර ඔබට අවශ්‍ය නම් ලයිනින් එකක් කපාගන්න.

 

බ්ලවුසය සකසා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AB වේ.B සිට අඟල් 1 /4 ක් පහත්කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ.එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අදින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා මැනගත් උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අදින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

 

(මැහුම්වාසි එකතු කීරිමේදී අඟල් 1/2 ක් ලකුණු කරන්න.)

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

ෆිල් කොටස සඳහා රෙදි කොටසක් ත්‍රිකෝණාකාරව නවාගන්න.පසුව මැදින් අවශ්‍ය උස තබා එය කවාකාරව කපා ගන්න.

 

ෆ්ලෙයාඩ් සාය

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න

 

 

මේ ආකාරයට මසා ගන්න

 

*පසුපස සඳහා සිපරයක් හෝ බොත්තම් අල්ලා ගත හැකිය.

*කරට පේසින් හෝ ලයින් එක තබා මසා ගන්න.

*උරහිස මසන්න.

*ෆිල් එක ඉදිරිපස සිට පසුපස දක්වා අල්ලා ගන්න.

*අංශය මසන්න.

*සාය අල්ලා වාටිය මසන්න.

*ඉණට අල්ලා ඇති මල් සඳහා ඔබට රිබන් හෝ සෙටින් රෙදිවලින් මල් සාදා අල්ලා අලංකාර කළ හැකිය.

 

-----------------------

රෝස මලක පැහැය ගේන හරි ලස්සන ටේල් සාය

 

දියණියන් සිටිනා මවක් ඇගේ හැඩරුව දෙගුණ තෙගුණ කරන්න නිරන්තරයෙන් ආසයි. විශේෂයෙන් ඇයට ඇඳුම් මැසීමේ දී ඒ ගැන කීප වතාවක් සිතනවා. මේ ගවුම් විලාසිතාව දෝණිගේ හැඩ තවත් වැඩි කරාවි.

 

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

 

 

*උරහිස    අඟල්   11 1/2

* කරවට    අඟල්  10

* ඉණ දක්වා උස අඟල්  13

* පපුව වට   අඟල්  25

*ඉණවට    අඟල්  21

 

සායට මිමි.

ඉණවට අඟල්  21

සාය උස   අඟල්  19

 

ගවුම සඳහා වෙල්වට් රෙදි භාවිතාකර ඇති අතර ඔබට අවශ්‍ය නම් ලයිනින් එකක් කපාගන්න.

  බ්ලවුසය සඳහා මිමි ගැනීමේදී අවශ්‍ය බුරුලට මිමි ගන්න. මෙහි වෙනම බුරුල සඳහා මිමි එකතුකර නොමැත.

 

          බ්ලවුසය  සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අගල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AB වෙ. B සිට අගල් 1 /4

ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

           කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලික කර අදින්න.

 

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අදින්න.

      

         අත්කට රේඛාවට උස සෙවීම සඳහා  මැනගත් උරහිස් ප්‍රමාණය  දෙකෙන්  බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු  කරන්න. එය AF  වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

      අත්කට රේඛාවට දිග ලකුණු කිරීම  සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි  එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

(මැහුම්වාසි එකතු කීරිමේදි අඟල් 1/2 ක් ලකුණු කරන්න.)

    

     ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට  මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යාකර අංශය අඳින්න.

 

     අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

        අවශ්‍ය කර ගැඹුර පහත්කර රූපසටහනේ ආකාරයට අත්කටට අඳින්න. වෙනම උරපටි මසා ඇති බැවින් එම උස මැන එය සාදා ගත යුතුයි .

 

ෆිල් එක සඳහා වට ප්‍රමාණය මැන එම දිගට වඩා වැඩිපුර අඟල් 10ක් පමණ එකතුකර ගන්න. ඔබට අවශ්‍ය නම් රැලි වැඩිපුර ගැනීමට වැඩිපුර එකතුකර ගන්න. එම පටියේ දිගටම රේන්දයක්ද අල්ලා ඇත.

 

පසුපස

 

පසුපස පතරොම ද ඉදිරිපස ආකාරයටම කපා ගන්න. ඔබට පසුපස සඳහා විවරයක් අවශ්‍ය නම් බලවාටියට ගෙන අඟල් 1 වාසි තබා කපා ගන්න.

 

ෆ්ලෙයාඩ් සාය

      සාය සඳහා රෙදි කොටස පහතට  දෙකට  නවා  නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා එම පිලිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න පසුව පතරොම දිග හරින්න. අඟල් 3 ක් 4 ක් පමණ ඉහළට කර හැඩේට කපන්න. මෙම සායේ පසුපසට ටේල් හැඩයක් ගෙන ඇත.

 

 

මෙලෙසින් මසාගන්න:-

 

*කරට පටිය තබා ඊට උඩින් පේසිම තබා කර මසා පෙරළා ගන්න.

*අංශය මසන්න

*ෆිල් එක ගැදර්කර වටේට අල්ලා ගන්න.

*සාය ඉණට අල්ලා වාටිය මසන්න.

* පසුපසට විවරය ගන්නෙනම් බොත්තම් හෝ සිපරය අල්ලා ගන්න.

 

------------------------

සුදු රේන්ද රටාවයි මල් ගවුමේ ලතාවයි

ලේස් එකකින් හැඩවූ මේ අලංකාර මල් ගවුම ඔබේ දෝණියගේ හැඩකාරබව දෙගුණ තෙගුණ කරයි.දියණියගේ සුරතල් අලංකාරය තවත් රකින්න මේ ගවුම මසන්නේ මෙහෙමයි.

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

 

*උරහිස    අඟල්   12  1/2

* කර වට    අඟල්  12

* ඉණ දක්වා උස අඟල්  14 1/2

* පපුව වට   අඟල්  24

*ඉණ වට    අඟල්  22

 

සායට මිමි:-

 

ඉණ වට අඟල් 22

සාය උස   අඟල්  20

 

මෙලෙසින් මසා ගනිමු

 

      මෙම ගවුම සඳහා ඔබට ඕනෑම  වර්ගය, ඕනෑම මෝස්තරයක රෙදි භාවිතා කළ හැකිය. රැන්ග්ලර් අත කපා ඇති නිසා බ්ලවුසය සඳහා පතරොමක් සාදා ගන්න.

  බ්ලවුසය සඳහා මිමි ගැනීමෙදි අවශ්‍ය බුරුලට මිමි ගන්න. මෙහි වෙනම බුරුල සඳහා එකතුකර නොමැත.

 

     පතොරම   සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 /4 ක් පහත්කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

      කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කර පළල අඟල් 1ත් 2ත් අතර ප්‍රමාණය ක් වැඩිකර අවශ්‍ය ගැඹුරට කර අඳින්න.

 

    E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අදින්න.

      

    අත්කට රේඛාවට උස සෙවීම සඳහා  මැනගත් උරහිස් ප්‍රමාණය  දෙකෙන්  බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු  කරන්න.එය AF  වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

    අත්කට රේඛාවට දිග ලකුණු කිරීම  සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි  එකතුෙකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න.  එය FG වේ.

(මැහුම් වාසි එකතු කීරිමේදී අඟල් 1/2 ක් ලකුණු කරන්න.)

    

     ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට  මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

      GI යාකර අංශය අඳින්න.

     අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල්1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අදින්න.

 

කරේ සිට අත්කටට රූපසටහනේ පරිදි අඳින්න. කර ලකුණු කිරිම සඳහා සම්මත මිමි නැත. අත මඳක් උරහිස රේඛාවෙන් දික් කර ගන්න. එය අඟල් 2ක් හෝ 3ක් ලෙස එලෙස වෙන්කරගත් පසු කොටස් වෙන වෙනම රෙදිමත තබා කපාගත යුතුයි. එලෙස කැපීමේදී  අතට හා පතරොමට රැලි සඳහා අඟල් 1ක් පමණ තබා ගන්න. එය රූප සටහනේ ඇති ආකාරයට තබා කපා ගන්න.

 

පසුපස

පසුපස ද ඉදිරිපස ආකාරයටම කපා ගන්න. නැම්මට තබා රේන්දය සඳහා වට ප්‍රමාණය මැන එම දිගට කපා උඩින් තබා මැසිය යුතුයි.

 

 

ෆ්ලෙයාඩ් සාය

 

      සාය සඳහා රෙදි කොටස පහතට  දෙකට  නවා  නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න

 

 

මෙලෙසින් මසා ගනිමු

*අත අල්ලා ගන්න.

*කරට පේශිමක් අල්ලා ඉලාස්ටික් එකක් යොදා ගැදර් කරන්න.

*අංශය මසන්න

*රේන්දය අල්ලා ගන්න.

*සාය ඉණට අල්ලා වාටිය මසන්න.

 

 

උපදෙස්
ප්‍රවීණ මැහුම් උපදේශිකා
දිලුෂි දිසනායක