හැමෝම කැමැති සාරි ජැකට් එකක් මහමුද?

ජුනි 4, 2024

 

ඔෆිස් යන්න පාටි එකකට යන්න ඔයාගේ සාරි බ්ලවුස් එක මහගන්න තැනක් නැද්ද? එහෙම නැත්තම් කොච්චර මැහුවත් හිතට හරි මදිද? ඒකට විසඳුම ඔයාගේ සාරි බ්ලවුස් එක ඔයාම මහගන්න එක. ඔන්න අද අපි ත්‍රිබල් කට් සාරි ජැකට් එකක් මහන විදිහ කියලා දෙනවා.

මේ ත්‍රිබල් කට් සාරි ජැකට් එක ඉතාමත් අලංකාර, වැඩි ඉල්ලුමක් පවතින මෝස්තරයකි. එකම ඩාටයක්වත් නොපෙනෙන්න, පපුවේ හැඩය හොඳින් ඉස්මතුකර පෙන්වන්නක්. ඉදිරි විවරයක් සහිතව හා රහිතව මැසීමට පුළුවන්. කර මෝස්තරය, අත් මෝස්තරය ඔබට කැමැති ලෙස නිර්මාණය කිරීමේ හැකියාව පවතී. කාර්යාලයට යන යුවතියන්ට, උත්සව අවස්ථාවකට මෙන්ම මංගල ගමනට හැඩවෙන්නත් කදිමයි.

අවශ්‍ය මිමි

 

උරහිස අඟල් 13-1 = අඟල් 12

පපු වට අඟල් 32+4+1 = අඟල් 9

(ඉදිරි පළුව)

අඟල් 32+4 = අඟල් 8 (පිටුපස පළුව)

ඉණ වට අඟල් 26/4+6 1/2

ඉහළ සිට කර ගැඹුර අඟල් 7 (ඉදිරි)

අඟල් 9 (පිටුපස කර ගැඹුර)

ඉහළ සිට පපුව මුඳුන උස අඟල් 9 1/2

ඉහළ සිට පපුව යට උස අඟල් 12 1/2

ඉහළ සිට සම්පූර්ණ උස අඟල් 15

(ඉදිරි උස)

අඟල් 13 (පිටුපස උස)

ඩාට් පරතරය අඟල් 6

අත දිග අඟල් 13

අත වට අඟල් 10

(මූලික අත සැකසීම (basic Sleew)

මෙහිදී මූලික පතරොමෙන් ලබාගත් මිනුම් ලබා ගැනීමෙන් පහසුවෙන් අත නිර්මාණය කළ යුතුයි.

පතරොමෙන් ලබාගත් ඉදිරි අඟල් 7 +

පිටුපස

අඟල් 6 1/2 = අඟල් 13 1/2

අවශ්‍ය මිනුම්

අත දිග = අඟල් 6

අත වට = අඟල් 13+2 = අඟල් 6 1/2

 

ඔබට අවශ්‍ය කොට අත නම් Crown Hight එක අඟල් 4ක් ගන්න. දිග අත නම් අඟල් 4 1/2ක් ද ලෙසින් ගෙන දෙපසට පතරොමෙන් ලබාගත් අත දිග මිනුම ගන්න.

 

ඉහළට ඇල රේඛාවකින් යා කර එම රේඛාව සමාන කොටස් හතරකට බෙදන්න. පළමු ලක්ෂ්‍යයෙන් අඟල් 1/2ක් ඉහළටත් තුන්වැනි ලක්ෂ්‍යයෙන් අඟල් 1/2ක් පහළටත් ලකුණු කරන්න. කර ලක්ෂ්‍යය සියල්ල යා කරමින් අත කට හැඩය අඳින්න. ඉහළ සිට අත උස ලකුණුකර අතවට මිනුම දෙකෙන් බෙදා දෙපසට ලකුණු කරන්න. ඉදිරිපසින් අඟල් 3/4ක් පමණ කපන්න.

 

උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි