ආරක්ෂාකාරීව රෙදි ගබඩා කරන්නේ මෙහෙමයි

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘
ජූලි 25, 2022

 

ඇඟලුම් තාක්ෂණය පිළිබඳ දැනුම ගෙන එන මේ ලිපි මාලාව ව්‍යාපාරයක් කරන්න අදහස් කරන ඔබට බෙහෙවින්ම වැදගත් වේවි. අද විමසා බලන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි ගබඩා කළ යුතු නිවැරැදි ආකාරය කෙබඳු විය යුතුද යන්නයි. පුංචි පහේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගැන සිහින දකින ඔබට මේ දැනුම අත්‍යවශ්‍ය වේ.

 

ඇඟලුම් කර්මාන්ත ශාලාවක කැපුම් අංශයේ ප්‍රධාන අංගයකි රෙදි ගබඩාව. මෙහි ක්‍රමවේද ඒ ඒ කර්මාන්තශාලා අනුව වෙනස් විය හැකියි. එහෙත් පොදු සම්මතයන් රාශියක් තිබෙනවා. රෙදි ගබඩාවක ඇතිරීමේ ප්‍රධානතම ක්‍රමවේද දෙකක් තිබෙනවා. එනම්, තට්ටු ක්‍රමය හා රාක්ක ක්‍රමයයි.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඉතාමත් පහසුවෙන් ගබඩාවෙන් පිටතට රෙදි ගැනීමට හැකි වීමයි. මෙහිදී සෑම රෝලකටම එහි දිග, පළල ඇතුළත් නාම පත්‍රයක්ටැග්) ඇමිණිය යුතුයි. ඒ දත්තවලට සහ වර්ණ විවිධාංගීකරණය අනුව රෙදි ගබඩා කිරීමෙන් අවශ්‍ය අවස්ථාවේ දී පිටතට ගැනීම පහසු වෙනවා.

 

 

රෙදි ඇතිරීමේ දී වැදගත් වෙන කරුණු

 

1. රෙදිවල වර්ණය අනුව රෙදි අසුරා ගැනීම

2. රෙදිවල දිග, පළල අනුව

3. රෙදිවල වර්ගය අනුව වෙන් වෙන්ව ගබඩා කිරීම

4. රෙදි රෝල්වලට යෙදූ ටැග් එක පහසුවෙන් පෙනෙන ලෙස ඇති කිරීම

 

රෙදි ගබඩා කිරීමේ දී ඒවායේ ආරක්ෂාව හරිම වැදගත්. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් මේ කරුණු ගැන අවධානය යොමු කරන්න.

වතුර කාන්දු වන ස්ථානයක් නොවීම, කෘමි සහ මීයන්ගේ තර්ජන නොවීම, කෘමීන් පිටු දැකීමට කෘමි නාශක යෙදීමේ දී ඒවායේ ගන්ධය හෝ රෙදිවලට නො වැදීමට වගබලා ගැනීම, රෙදි ගබඩාව ආර්ද්‍රතාවයෙන් තොර සිසිල් ස්ථානයක් වීම අවශ්‍ය සාධක වේ.

ඝනකමින් ඉතා වැඩි රෙදි වර්ග සමඟ ඝනකමින් අඩු රෙදි ඇතිරීම නො කළ යුතුයි. බිම සිට රෙදි අසුරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම පැලට් භාවිත කළ යුතුයි. ගබඩාව ඉදි කිරීමේ දී වේයන් තර්ජනය කිරීමේ ක්‍රමවේදයක අනුගමනයය කිරීම.

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්