පුංචි දෝණිට ඔයාගේ අතින්ම හරි ලස්සන ඇඳුමක්

මාර්තු 17, 2025

 

අද කාලේ පුංචි දරුවන්ගේ ඇඳුම් මිලෙන් වැඩියි. ඒ නිසා ගෙදරදීම මසාගන්න උත්සාහයක් දරමු.

 

උසස් ප්‍රමිතියෙන් යුතු ඇඳුම් නිර්මාණ කලාවේ ළදරු ඇඳුම් සඳහා සුවිශේෂි තැනක් හිමි වේ. ළදරු ඇඳුම් නිර්මාණයේදී රෙදි වර්ග තෝරා ගැනීම පිළිබඳ පසුගිය සතිවල අපි ඔබව දැනුවත් කළෙමු. එනම් ළදරු සමට සුවදායී, කපු මිශ්‍රිත ඇඳුම් වර්ග වඩාත් යෝග්‍ය වේ. එසේම ළදරු ඇඳුම් නිර්මාණයේදී පාට වර්ග ගැළපීම පිළිබඳ ඔබ හොඳ අවබෝධයක් ලැබිය යුතුයි. එසේම කුඩා දරුවන් සඳහා බෝල, ඉරි, තරු කුඩා මල් වැනි මුද්‍රිත සිත් ගන්නා සුලු රෙදි භාවිතයෙන් ඉතා හැඩකාර ඇඳුම් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. ඔබ ව්‍යාපාරයක් උදෙසා ඇඳුම් නිර්මාණය කරයි නම් ඔබට මිනුම් ගැනීමක් අවශ්‍ය නොවේ.

මිමි ලබා ගැනීම

 

ශරිරයට පහසු සීරු මාරු ඇඳුමක් ඇඳ සිටීම අනිවාර්ය වේ.

මිමි ලබා ගන්නා ආකාර 03කි.

 

01. පළල මිමි (හරස් මිමි Horizontal)

02. වට මිමි (Cireumference)

03. උස මිමි (Hight)

 

01. පළල මිමි (හරස් මිමි Horizontal)

උරහිස

ඩාට් පරතරය

 

02. වට මිමි (Cireumference)

පපුව වට

අත වට

ඉණ වට

කර වට

උකුළ වට

03. උස මිමි (Hight)

අත උස

උරහිස සිට පපුව මුදුන උස

උරහිස සිට ඉණට උස

උරහිස සිට දණහිසට උස

උරහිස සිට සම්පූර්ණ උස

 

ඇඟේ මිම්ම + පහසු වාසිය = ඇඳුමේ මිම්ම

Body Measurement + Easy Allowance = Garmant Measurement

 

ලබාගත් මිමි සංශෝධනය කිරීම

 

1. උරහිස දෙකෙන් බෙදන්න.

8 1/2 / 2 = 4 1/4

2. පපුව වට

ඉණ වට

උකුළ වට

කරවට

 

හතරෙන් බෙදන්න

= 20/4 (පපුවට)

= 5 කරවට = 12 /4 = 3 මෙහි කර ගැඹුරු වේ. 3 - 1/2 = 2 1/2 මෙය කර පළල වේ.

 

3. උස සඳහා 1‘ සඳහා හෝ 1 1/2 ක් එකතු කරන්න.

= 19‘ + 1 1/2 = 20 1/2

උපදෙස්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනුෂා සඳමාලි
 

රූ රටා - නිලක්ෂි ආරියරත්න

 

[email protected]