ස්වයං රැකියාවට ටී ෂර්ට් රෙදි ගන්න

පර්ල් පැරඩයිස් මාර්කට් එකට එන්න
මැයි 19, 2025

ඔබට අප මෙවර කොළඹ සවාරිය මඟින් දැනුම්වත් කරන්නේ අතට මුදලක් ලැබෙන ස්වයං රැකියාවකට මඟයි. වැඩි වෙහෙසක්, විශාල පිරිවැයක් නැතිව ඉතාම සුළුවෙන් ආරම්භ කළ හැකි අලුත් තාලෙට හිතන පතන ඔබට 'ටී ෂර්ට්' ව්‍යාපාරය ආරම්භ කරන්න හැකිනම් මේ ස්වයං රැකියාව අනාගත අභිවෘද්ධිය කෙරෙහි සිහිපයක් ඔබේ ලොකුම ප්‍රාර්ථනය විය හැකියි.

 

ඒ සඳහා අවශ්‍ය රෙදි තෝරා ගැනීම බොහෝ දෙනකුට අපහසු කාර්යයක් බව සිතේවි.

 

එහෙත් පිටකොටුවේ පළමු හරස් විදියේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ ස්පෙන්සර් හවුස් සාප්පු සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති පර්ල් පැරඩයිස් මාර්කට් ( Pearl Paradise Market) වෙත පියනඟන ඔබට ඉතා පහසුවෙන් ටී ෂර්ට් රෙදි ලාභදායී ලෙස මිලදී ගත හැකියි. ෂර්ට් රෙදි ගැන කතා කිරීමේ දී ඔබ විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ එහි පැවැත්ම පිළිබඳවයි. එවන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පෙර ඔබ සිතා බැලිය යුතු කරුණු කිහිපයකි. එහෙනම් දහදිය උරාගන්නා ටී ෂර්ට් සඳහා වැඩි පාරිභෝගික ඉල්ලුමක් ඇත. කෙතරම් උෂ්ණත්වයක් ඇති පරිසරයක සිටියත් සෞම්‍ය ස්වභාවයක් ශරීරයට දැනිය යුතුය. අවශ්‍ය අවස්ථාවන්ට ගැළපෙන වර්ණ තිබීමත් අවශ්‍යයි. එනම් ඔබ ස්වයංරැකියාව ලෙසින් ටී ෂර්ට් මසා අලෙවි කරන්නේ නම් ඕනෑම කෙනෙකුගේ සමේ පැහැයට, අවස්ථාවට සරිලන පරිදි රුචිකත්වයක් ගෙන දෙන රෙදි තෝරාගත යුතුයි. තවද ටී ෂර්ට් රෙද්දේ කල්පැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීමත් විශේෂයි. පොඩි වන සුලු ගතිය ඕනෑවට වඩා ඇදෙන සුලු ස්වභාවය නූල ඇඳීම (බූල් පිපීමක්), රෙද්දේ සායම් යාමක් වේද යන්න ගැන ටී ෂර්ට් රෙදි තෝරා ගැනීමේදී කල්පනාකාරී විය යුතු ඒවාය.

 

සිංගල් ජර්සි

 

වෙ‍ෙළඳපොළේ අලෙවියට ඇති හොඳම ටී ෂර්ට් රෙද්ද වන්නේ මේ රෙදි වර්ගයයි. මේවා වෙ‍ෙළඳපළේ අලෙවි වන්නේ කිලෝ වශයෙනි. කිලෝවක මිල රුපියල් 750කි. එම රෙදි වර්ගයට දෙවැනි වන්නේ ලයික්රාටී ෂර්ට් රෙද්දයිත් කිලෝව රුපියල් 750කට අලෙවි කෙරේ. රෙදි වර්ගය තරමක් කැඩෙනසුලු ස්වභාවයක් ගනියි. විශේෂයෙන් කාන්තා ටී ෂර්ට් සඳහා ගන්නේ මෙම රෙදි වර්ගයයි. ලෙගිං මැසීමටද වර්තමානයේ ගන්නා ජනප්‍රියතම රෙදි වර්ගය ලයික්රාඩ් රෙද්දයි. මේ ඕනෑම රෙදි කිලෝ එකක ප්‍රමාණයකින් ටී ෂර්ට් පහක් මසාගත හැකි වේ. වෙ‍ෙළඳපොළේ අලෙවි වන ටී ෂර්ට් මිලෙන් අධික කාලයක් මෙවැනි ස්වයං රැකියාවක වාසිය කෙබඳු දැයි දැන් ඔබට වැටහෙනවා නේද? සාමාන්‍ය ගමනට බිමට පහසුවෙන් ඇඳගෙන යාමට සුදුසු ටී ෂර්ට් වර්ගය වන්නේ කොකඩයිල් මිටීරියල්ය ඔබට හිතා පහසුවෙන් හඳුනාගත හැකි තරමක් ගොරෝසුයි ඇදෙන සුලු ගතියක් ඇති නොවේ. බොහෝ ආයතනික නිල ඇඳුම් මැසීමේදී මෙම රෙදි වර්ගය යොදා ගනියි. මේ කිලෝ එකක් රුපියල් 750ක් වැනි මුදලකට අලෙවි කෙරේ. ජර්සි හා ලයික්රා රෙදි විවිධ හැඩතල මුද්‍රිත ඒවා මෙන්ම පැහැති ඒවාද වේ. මේ කාන්තාවන්ට මෙන්ම පුරුෂ පක්‍ෂයටද ගැළපේ. එබැවින් ටී ෂර්ට් මසා අලෙවි කිරීමට සිහින දකින ඔබට මේ පුරවරයට පිවිසෙන්නේ නම් මේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගත හැකියි. පුංචියට අරඹන ඔබේ ව්‍යාපාරයේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු ගණනාවකි. එනම් ටී ෂර්ට් මැසීමේදී එකවර මැසිය යුතුය.

එබැවින් ටී ෂර්ට් මැසීමට සාමාන්‍යයෙන් මැෂිමක් භාවිත කරනවට වඩා පැත් ලොක් මැෂිමන් භාවිත කිරීම වඩාත් සුදුසුයි. මැසීමට යොදා ගන්න කටු වර්ගයත් සාමාන්‍ය රෙද්දකට යොදා ගන්නා ඉදිකටුවකට වඩාත් තරමක් සිහින් විය යුතුය. එවැනි ඉදිකටුවක් යොදා ගන්නවා නම් ඉතා ක්‍රමානුකූලව නිමාවක් ලබා ගත හැකි ටීෂර්ට් වැසීමේදී මිමි ගණනය කිරීම කෙරෙහි වැටි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි ටී ෂර්ට් රෙද්ද තරමක් ඇදෙන සුළු ස්වභාවයක් ගන්නා බැවින් සාමාන්‍ය මිම්මට වඩා තරමක් අඩුවෙන් මෙන්ම ගත යුතුය. මෙවැනි කරුණු කෙරෙහි ඔබ හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ නම් ඔබේ ස්වයං රැකියාව දිනෙන් දින දියුණු කරගත හැකියි.

---------------------

කොළඹ කොටුවෙ ඇවිදින්නේ බලාගෙනයි

 

කොළඹ පිටකොටුව කියන්නේ අතීතයේ පටන්ම ලංකාවේ ප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයක්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමඟ ගනුදෙනු කළින් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න හරියටම දන්නේ නැහැ.

 

පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ. ඒ පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයේ වෙළෙඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි. ලංකාවේ අනිත් ප්‍රදේශවලින් හොයාගන්න බැරි දේවල් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන් වීම තමයි මෙහි ඇති මූලික විශේෂ්ත්වය. ඒ වගේම පිටකොටුවට ආවොත් ඕනෑම දෙයක් අඩු මිලට මිලදී ගන්න පුළුවන්.

 

* මුල් වතාවට පිටකොටුවට යන කෙනෙක්ට නම් අනිවාර්යයෙන් එහි ගියාම වංකගිරියකට ගියා හා සමානයි. එබැවින් තව කෙනකු සමඟ යන්න.

 

* වෙළෙඳසල්, ලාභෙට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න වගේම හොඳම ගනුදෙනුකරුවන් හොයාගන්න හොඳටම ඇවිද බලන්න.

 

* ඔබ පිටකොටුවේ වීදි පිළිබඳ දැන සිටියත්, එහි යන්න එච්චරම පහසු නැහැ. තරමක් කට්ටකට (දුෂ්කරතාවලට) මුහුණ පාන්න බලාගෙන සුදුසු ඇඳුමකින් සැරසී යන්න.

 

* ඔබේ රන් ආභරණ ප්‍රවේසම් ඇති තැනක (නිවෙසේ) තබා ඒම තමයි සුදුසුම.

 

* පිටකොටුවේ වීදි දිගේ ගමන් කිරීමේදී දුරකතන ඇමතුම් ලබා නොගන්න. ඔබේ දුරකතනය උදුරාගෙන යාමේ ප්‍රවණතාව වැඩියි.

 

* මුදල් පසුම්බිය රැගෙන යන බෑගයට දමාගෙන එය එළියට විවෘත නොවන සේ ආවරණය කර තිබීම වැදගත්.

 

* බඩු භාණ්ඩ මිල දී ගැනීමේදී ඔබ පිටකොටුවට ආගන්තුක යැයි හඟවන්නට එපා.

 

* හැකිතාක් කුඩා දරුවන්, වයෝවෘද්ධ අය සමඟ වෙළෙඳ සවාරිය සිදු කිරීම අවම කරන්න.

 

* ඔබ ගමන් ගන්නේ වාහනයකින්නම් එය ප්‍රසිද්ධ රථගාල මත ගාල් කර යාම ආරක්ෂාකාරීය.

 

* මිලට ගන්නා බඩු භාණ්ඩ තැරැව්කරුවකුට නොදී තමන් විසින්ම ගෙන යාම සුදුසුය. එසේ නොමැති නම් ඔහු එක්වරම අතුරුදන් විය හැකියි.