වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ෆෝන් එකේ උඩට පහළට යන ගමන් සල්ලි හොයන්න පුළුවන් ද?
ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක හරහා සල්ලි හොයන්න පුළුවන් සෑහෙන දොරටු අපිට දැන් ඇරිලා තියෙනවා. හැබැයි ලෝකයේ අනිත් රටවලට මේ විදිහට ඇරිච්ච දොරටු ලංකාවට තවමත් වැහිලා තියෙනවා. ඒ දොරටු වැහිච්ච නිසා ඇතැම් වංචනිකයන් ඩිජිටල් එකත් එක්ක වැඩකරන අයගෙන් අනිසි විදිහට මුදල් ලබාගැනීම් ගැනත් වාර්තා වෙනවා.
ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුළිනුත් අපිට දකින්න පුළුවන් මේ විදිහේ වංචාවන්ට හසුවුණු බොහෝ පිරිස් ඉන්නවා කියලා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඩිජිටල් වේදිකාව උපයෝගි කරගෙන මුදල් හොයා ගැනීම ගැන විවිධ පුද්ගලයන් දරන මතවාදවල වෙනස. ඒ නිසා අද සිට අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් වේදිකාවන් උපයෝගි කරගෙන සල්ලි උපයන්න පුළුවන් ක්‍රමවේද ගැනයි.
පළමු ක්‍රමය අපි හැමෝම දන්න්න ෆේස්බුක් එකෙන් සල්ලි හොයන ක්‍රමවේදය. හැමෝගෙම අතේ තියෙන ෆෝන් එකෙන් ඒ විදිහට ෆේස්බුක් ගිහිල්ලා සල්ලි හොයන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇති. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ඒ විදිහට සල්ලි උපයන පුද්ගලයන් ඉන්නවා. ඒ විදිහට සල්ලි උපයන්න මඟපෙන්වන්නෙක් වගේම උපදේශකවරයෙක් තමයි සූරි කියන්නේ. ඔහු මේ පිළිබඳව පෞද්ගලිකව හැදෑරීම් කරලා බොහෝ දේ සොයාගෙන සාර්ථක ගමනක් යන පුද්ගලයෙක්. ඒ වගේම ඔහු සොයාගත් දේ අන් අයට ලබා දෙන ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරගෙන යනවා.
අද සිට අපි ඔහු සමඟ කතාබහ කරනු ලබන්නේ ඩිජිටල් වේදිකාව භාවිතයෙන් මුදල් උපයන සරල ක්‍රමවේදයන් ගැනයි.
අද කාලේ ස්මාර්ට් දුරකථනයක නැති කෙනෙක් නැහැ. මේ ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩි දෙනෙක් කරන්නේ සෝෂල් මීඩියා එක්ක කාලය ගත කිරීම. සෝෂල් මීඩියා ගැන කතා කරද්දී ෆ්ලැට් ෆෝම් කිහිපයක්ම තියෙනවා. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූ ටියුබ් ඒ අතර ප්‍රධානයි. හැබැයි මේ හැම ෆ්ලැට් ෆෝම් එකකට වඩා ෆේස්බුක් ෆ්ලැට් ෆෝම් එක පාවිච්චි කරන්න හරි පහසුයි. ඒ නිසාම ෆේස්බුක් එකේ ලොකු පිරිසක් ගැවසෙනවා. යූ ටියුබ්, ඉන්ස්ට්‍රර්ග්‍රෑම් වගේ ගත්ත්තොත් එහි ඉන්නේ යම්කිසි කොට්ඨාසයකට අයත් පිරිසක් පමණයි. ඉතින් ෆේස්බුක් වගේ ලොකු පිරිසක් ඉන්න තැනකදී ඕනෑම නිෂ්පාදනයක් හරි ඉක්මනට මාකට් කරගන්න පුළුවන්. සුළු පරිමාණ ව්‍යාපරයක් කරන කාන්තාවන්ට මේ මඟපෙන්වීම ඉතා වැදගත් වේවි. ඒ වගේම ගෘහණියකට මුදල් හොයන්න මේ ක්‍රමය ඉතා වැදගත්.
ව්‍යාපාර ගොඩදාන්න
ෆේස්බුක් එකේ අපිට බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්. හොඳ නමක් හදාගන්න පුළුවන්. එහෙම බලද්දී ෆේස්බුක් කියන්නේ සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම්වල අංක එක. ෆේස් බුක් එකෙන් ඕනම දෙයක් විකුණගන්න පුළුවන්. ෆේස්බුක් එකේ තියෙනවා ෆේස්බුක් මාකට් ප්ලේස් කියලා එකක්. ෆේස්බුක් මාකට් ප්ලේස් එකේ වැඩ කරන ගොඩක් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. වාහන විකුණන අය ඉන්නවා. ෆේස්බුක් මාර්කට් ප්ලේස් එක හරහා ගොඩක් ව්‍යාපාර සිදු වෙනවා. එතකොට හැම ෆ්ලැට්ෆෝම් එකකින්ම අපිට ඕන ඕන විදිහට ව්‍යාපාර කරන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැහැ. අපි ළඟ තියෙන මොකක් හරි දෙයක් ඔහේ විකුණන්න දැම්මා කියලා සේල් එකක් වෙන්නේ නැහැ. ඒකට හොඳ නිෂ්පාදනයක් තියෙන්නත් ඕනේ. එතකොට ඒක බලන්න හරි මිනිස්සු එකතු වෙනවා. ඒකෙන් හොඳ රීච් එකක් හදාගන්න පුළුවන්.
බූස්ටින්
අද කාලේ ෆේස් බුක් එකවුන්ට් එකක් නැති කෙනෙක් නැහැ. හැබැයි ඉතින් එහෙම නැති කෙනෙක්‍ට අලුතින් එකවුන්ට් එකක් හදලා වුණත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ෆේස්බුක් එකට අලුතින්ම එන කෙනෙක්ට ෆේස්බුක් එකෙන් එක එක අවස්ථා ලබා දෙනවා. බූස්ටින් කියන්නෙත් එහෙම දෙයක්. ඕකට Paid Media කියලත් කියනවා. හිතන්න මම පොතක් විකුණන කෙනෙක් කියලා. අපි දාන ෆොටෝස් බූස්ටින් කිරීම හරහා අපේ පොත ප්‍රචාරණය කරන්න පුළුවන්. එහිදී යම්කිසි මුදලක් ගෙවලා මේ ෆොටෝහරි ප්‍රඩක්ට්ස්හරි බලන්න ඕන පිරිස මොකක්ද කියලා බලලා ඒ අයට බලන්න පුළුවන් වෙන්න සලස්වන්න හැකියාවත් තියෙනවා.
ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ෆේස්බුක් වගේම ටික්ටොක් එකත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කොළඹ කට්ටියට වඩා ගම් පලාත් අය මේ ක්‍රමයට බිස්නස් කරන්න හුරුවෙලා ඉන්නවා. අපි මොනවාහරි දෙයක් ෆේස්බුක් එක හරහා විකුණලා මුදල් උපයා ගැනීමක් තමයි එහිදී සිදු වෙන්නේ. හැබැයි එහෙම නැතුව මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් ෆේස්බුක් එකේ තියෙනවා. ඒ ක්‍රමවලට වැඩ කළොත් මුදල් උපයන්න පුළුවන්.
පේජ් එක වැදගත්
මේ හැමදේටම මූලික දේ ෆේස්බුක් පේජ් එකක් සැකසීමයි. නැත්තම් මේ කිසි දෙයක් කරන්න බැහැ. ෆේස්බුක් එකෙන් අපිට එක එක ඔප්ෂන් දෙනවා සල්ලි හොයන්න පුළුවන්. ෆේස්බුක් එකට වීඩියෝස් හදලා දැම්මොත් ෆේස්බුක් එකෙන් යම්කිසි මුදලක් දෙනවා. ෆොටෝස් අප්ලෝඩ් කළොත් මුදලක් ලැබෙනවා. වීනාඩියකට වඩා අඩු විඩියෝස් අප්ලෝඩ් කළොත් ඒකටත් යම්කිසි ගාණක් දෙනවා.
සල්ලි ලැබෙන වීඩියෝ
එතකොට වීඩියෝ හදලා අප්ලෝඩ් කරන හැමෝටම සල්ලි ගෙවනව ද? එහෙම ගෙවන්නේ නැහැ. එහෙම මුදල් උපයන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒ අවස්ථාව ලංකාවට ලැබිලා නැහැ. නමුත් මම ඒක මගේම ක්‍රමයකට හදලා තියෙනවා. අපි දැන් කතා කරමු වීඩියෝස් අප්ලෝඩ් කරන එක ගැන. ඒ ක්‍රමයේදී කරන්න ඕනේ දේවල් ටිකක් කියනවා. ඔයා ඔයාගේ ෆේස්බුක් පේජ් එකේ ෆලෝවර්ස්ලා 5000ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. යූ ටියුබ් එකේ වගේම ෆේස්බුක් එකෙත් ඒ විදිහෙ එකඑක කඩඉම් පහුකරගෙන යන්න තියෙනවා. එතකොට තමයි අපිට මුදල් උපයන්න හැකියාව ලැබෙන්නේ. ෆලෝවර්ස්ලා 5000කට වැඩි වෙන්න ඕනේ. වීඩියෝ 5ක් දාලා තියෙන්න ඕනේ. ඒ දාන වීඩියෝවලට 65000ක් මිනිට්ස් වීව්ස් තියෙන්න ඕනේ. මේ දේවල් හරියටම සම්පූර්ණ කළොත් ඔබ මුදල් උපයන්න සූදානම්.
එතකොට ඔයා දාලා තියෙන්නේ අනුන්ගේ වීඩියෝ නම් ඔයාව රිජෙක්ට් වෙනවා. ඔයාගෙම වීඩියෝ නම් ඇපෲ වෙනවා. එතකොට බූස්ට් කරන ෆොටෝ ඔයාගේ චැනල් එකේ වීඩියෝවල ඇඩ් එකක් විදිහට ප්ලේ වෙන්න ගන්නවා. ඒ විදිහට තමන්ගේ වීඩියෝවල ඇඩ්ස් ප්ලේ වෙද්දි තමන්ට යම්කිසි මුදලක් ලැබෙනවා. නමුත් මේ ක්‍රමය කෙටිකාලීනව පොඩි වෙනසකට ලක් වෙලා තියෙනවා.
කාන්තාවන්ට අමතර ආදායමක්
හැම කෙනෙක්ටම මේ වැඩේ කරන්න පුළුවන්. හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙනවා. ඉතින් හැමෝටම පේජ් එකක් හදන්න පුළුවන්. ගෙදර ඉන්න ගොඩක් කාන්තාවෝ ටික් ටොක් එකේ විඩියෝ බලබල ඉන්න කාලය මේකට යොදවන්න පුළුවන්. දවසට පැය දෙක තුනක් හොඳටම ඇති. පේජ් එකක් හදලා යම්කිසි කැටගරි එකකට වැඩ කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්.
ෆේස්බුක් එකෙන් සල්ලි හොයන සරල ක්‍රම ගැන ලබන සතියේදිත් කතා කරමු.
උපදෙස් -
ගීත් අංජන සූරියපුර
සහකාර මෘදුකාංග ඉංජිනේරු
ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ