වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කෝවිඩ් - 19ට එරෙහි එන්නත්වල සැබෑ කතාව
එදා මෙදාතුර ලොව ගිලගත් වසංගතවලට එරෙහිව මිනිසා නැඟී සිටියේ එන්නත්වල බල මහිමයෙන්. කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොවට එල්ලවී ඇති අලුත්ම තර්ජනයයි.
ලෝක මහා සංග්‍රාමයකට, සුනාමියකට වඩා වැඩි මිනිස් ඝාතනයක් ඇසට නො පෙනෙන වෛරසයක් විසින් සිදු කරමින් පවතිනවා. වෛරසය පරදවන්න මිනිසා ද නිරන්තර අරගලයක යෙදී සිටිනවා. නව කොරෝනා වෛරසය මිනිසාට තර්ජනයක්වී වසරක් සපිරෙද්දී සාර්ථක එන්නත් කිහිපයක් දොරට වඩිමින් පවතින්නේ ජීවිතය ගැන සහස් සුවහස් දනන්ගේ බලාපොරොත්තු දල්වමින්.
වෛරසයකට එරෙහිව ලොව වේගයෙන්ම නිපදවුණ එන්නත ද මෙයයි.
මේ එන්නත් අතරින් බොහෝ දෙනකු බලාපොරොත්තු තබා ගෙන සිටින්නේ ෆයිසර් සහ ඔක්ස්ෆර්ඩ් (ර්ථටඪලඥප චදඤ ර්ණයටධපඤ) එන්නත් පිළිබඳවයි.
පසුගිය නොවැම්බර් නව වැනිදා අමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම ජර්මනියේ ජෛව තාක්ෂණ සමාගමක් සමඟ එක්ව සාර්ථක ව කෝවිඩ් එන්නතක තුන්වැනි පියවර අවසන් කළ බව නිවේදනය කළා.
එන්නතෙහි සාඵල්‍යතාව සියයට අනූවකට වැඩි බව ද නිෂ්පාදන සමාගම මාධ්‍යයට ප්‍රකාශකර තිබුණා. සිය දෙනකුට එන්නත ලබා දුනහොත් අනූ දෙනකුට සාර්ථකව ප්‍රතිශක්තිය ඇතිවීම සාඵල්‍යතාව සියයට අනූවක් යන්නෙන් අදහස් කරනවා.
අමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා දැන් ෆයිසර් එන්නත වෙළෙඳපොළට පැමිණිලා. එන්නතට අනුමැතිය ලැබීමටත් පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ගණනාවක් මේ වන විටත් තොග ගණනින් එන්නත ඇණවුම් කර තිබීමත් විශේෂත්වයක්.
ෆයිසර් එන්නත මුලින්ම ලබා ගත්තේ බ්‍රිතාන්‍යයේ මාගරට් කීනන් නම් මිත්තණියක්. මේ මිත්තණියට වයස අවුරුදු අනූ එක පිරෙන්න තව තිබෙන්නේ සති කීපයයි. උපන් දිනයට කලින් ලැබුණු ෆයිසර් එන්නත උපන් දිනයට කලින් ලැබුණු හොඳම උපන් දින තෑග්ග බව ඇය එන්නත ලබා ගෙන කියා සිටියා. ෆයිසර් එන්නත ද බොහොමයක් එන්නත් මෙන් මාත්‍රා දෙකකින් සමන්විතයි. පළමු එන්නත දී දින විසි එකකින් දෙවැනි එන්නත් මාත්‍රාව
(බූස්ටර්) ලබා දෙනවා. ෆයිසර් එන්නත් මාත්‍රා අට ලක්ෂයක් ඉදිරි සති කීපයේදී ලබා දීමට නියමිතයි. දෙසැම්බර් මාසය අවසන් වන විට එන්නත් මිලියන 50 ක් නිපදවීමටත් 2021 වන විට එන්නත් බිලියන 1.3 ක් නිපදවීමටත් නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ එන්නත ලබා ගත් ඇතැම් අයට අසාත්මිකතා ඇතිවී තිබෙනවා. එහෙත් ඒවා සුළු අසාත්මිකතායි.
අමෙරිකාවේම තවත් ජෛව තාක්ෂණ සමාගමක් වන මොඩර්නා සමාගමේ එන්නත තුන් වැනි අදියර අවසන් වී අනුමැතිය සඳහා ඉදිරිපත්කර තිබෙනවා. එහි සාඵල්‍යතාව සියයට අනූ පහක්. 2021 වසරේ සිට වසරකට එන්නත් මිලියන 500ක් බැගින් නිපදවීමට ඒ සමාගම බලාපොරොත්තු වෙනවා.
මුල්ම එන්නත් නිපදවීමට ධනවත් රටවල් අතර පැවැති මී පොරයෙන් ෆයිසර්, මොඩර්නා පෙරමුණ ගත්ත ද ඒවා හොඳම එන්නත් කීමට දැන්ම ම හැකියාවක් නැහැ. මේ එන්නත් දෙකම ගබඩාකර තැබිය යුත්තේ සෙල්සියස් අංශක ඍණ ගණන්වල පරිසරයකයි. ශීතකරණයෙන් ගෙන පැය හයක් තුළදී එය භාවිත කළ යුතුයි. මේ නිසා අමෙරිකාවට බොහෝ දුර බැහැරින් ඇති ලංකාව වැනි රටකට එන්නත ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව වැනි රටකට එවැනි එන්නතක් නිර්දේශ කිරීමට තිබෙන ඉඩ අඩුයි.
ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ දුෂ්කරතාව නිසා මේවා මිලෙන් ඉතා ඉහළයි. මොඩර්නා එන්නත අමෙරිකානු ඩොලර් 25 - 37 ක් අතර මිලක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. ෆයිසර් එන්නතේ මිල අමෙරිකානු ඩොලර් 20 ක් පමණ වෙනවා. ඇණවුමේ ප්‍රමාණය හා රට අනුව මිල වෙනස් වෙනවා.
වෛරස් පාදක කරගෙන නිපදවූ ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන වැඩි දෙනකුට බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. වාහක පාදක එන්නතකින් කරන්නේ රෝගකාරක වෛරසයට අයත් ප්‍රතිදේහජනක නිපදවීමට අවශ්‍ය කරන ජානමය උපදෙස් ඇතුළත් වන ලෙස විකරණය කරන ලද වෙනත් වෛරසයක් එන්නත්ලාභියාගේ දේහ සෛලවලට හඳුන්වා දීමයි. මේ වර්ගයේ එන්නතක් සාමාන්‍ය ශීතකරණයක සෙල්සියස් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක ගබඩාකර තැබීමට පුළුවන්. පහසුකම් අඩු පළාතක වුවත් මෙවැනි එන්නත් දෙන්න පුළුවන්. ඔක්ස්ෆර්ඩ් එන්නත අමෙරිකානු ඩොලර් 3 - 5 ක් වැනි අඩු අගයකට අලෙවි කීරීමට බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ඔක්ස්ෆර්ඩ් එන්නත් මිලියන 300 ක් ඇණවුම්කර තිබෙනවා. මේ එන්නත පමාවන්නේ දත්ත පිළිබඳ ඇතිවූ ගැටලුවක් නිසයි. මෙහි සාඵල්‍යතාව විවිධ වාර්තාවල සඳහන් වන්නේ විවිධ අගයන්වලින්. නොවැම්බර් 23 වැනි නිකුත් කළ වාර්තාවක දැක්වුණේ සාඵලතාව සියයට හැත්තෑවක් වශයෙන්.
තවත් එන්නත් ගණනාවක්ම සායනික මට්ටමේ පවතිනවා.
මේ එන්නත් ගත් පසු කොපමණ කාලයක් ප්‍රතිශක්තිය පවතිනවා ද යන්න තවමත් ගැටලුවක්. එය කාලයාට භාර දිය යුතු විසඳුමක්. එන්නත ගත් පසු අනෙක් අයට රෝගය බෝවීම වළකිනවා ද කියා තාම සොයා ගෙන නැහැ.
කොහොම වුණත් මේ එන්නත් සාර්ථක වුවත් ලෝකයට කෝවිඩ් - 19 සතුරාගෙන් දැන්ම නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. හොඳ සුව පුරුදු පවත්වා ගෙන යාම දැනට ඇති එකම පිළියමයි.
අන්තර්ජාලයෙනි