වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අක්‍රමවත් ඔසප් චක්‍රයෙන් මිදෙන්නේ කෙසේද?
ඔසප් වීම ප්‍රමාණයෙන් සහ දින ගණනින් වැඩිවීම කාන්තාව බෙහෙවින්ම අපහසුතාවයට පත්කරන්නකි.
ආයුර්වේද මතයට අනුව ආර්තව ප්‍රමාණය අධිකව යෑම හෝ මාස්වීමේ කාල පරතරය තුළ අධිකව රුධිරය පිටවීම ‘අඍග්ධරය’ හෙවත් ‘රක්ත ප්‍රදරය’ ලෙස හැඳින්වේ. යම් රෝග තත්ත්වයක ලක්ෂණයක් ලෙස මෙම තත්ත්වය මතුවන නිසා ඒ සඳහා බලපාන හේතුව සෙවීම අනිවාර්යය වේ. රුධිර ගලනය පවතින අවස්ථාවලදී පහත සඳහන් ප්‍රතිකාර කිරීමේ මූලධර්ම අනුගමනය කළ හැකි වේ.
* රෝග තත්ත්වය හඳුනාගෙන ඊට පිළියම් යෙදීම
* රුධිර වහනය පවතින අවස්ථාවලදී එය නැවැත්වීම සඳහා ප්‍රතිකාර කිරීම
*රක්ත හීන තත්ත්වයක් ඇතිවී ඇත්නම් රක්ත වර්ධනය සඳහා ප්‍රතිකාර කිරීම
සුදුසු ආහාර
ධාන්‍ය, ඇටවර්ග (රතු කැකුළු, කුරුලු තුඩ සහල්, බාර්ලි, මුං ඇට, පරිප්පු (මයිසූර්) විලඳ, සව්
ඔසප් ප්‍රමාදය හා අක්‍රමවත් බව
කාන්තා දිවියේ යම් යම් අවස්ථාවලදී මාස්වීම ප්‍රමාද වීම හා අක්‍රමවත්වීම සිදුවේ. මේ තත්ත්වය කෙටි කාලීනව හෝ දීර්ඝකාලීනව හෝ පැවැතිය හැකිය. මෙය ඇයට ශාරීරිකව මෙන්ම මානසිකව ද පීඩා ඇති කරන්නකි. එදිනෙදා කටයුතුවලදී ද පීඩා ගෙන දේ.
ඔසප් ප්‍රමාදය යනු
මසකට වරක් පැවැතිය යුතු ඔසප්වීම දින 35 කට වඩා වැඩි කාල පරතරයකින් සිදුවන්නේ නම් එය ප්‍රමාද වූ මාස්වීමකි. මේ තත්ත්වය මාස 1 1/2 කට වරක් මාස 2කට වරක් හෝ රිද්මයානුකූල ප්‍රමාදයක් හෝ දින ගණන වෙනස්වන රිද්මයානුකූල නොවන වෙනස්වීමක් ලෙස හෝ පැවැතිය හැකිය. නව්‍ය වෛද්‍ය මතය අනුව දින 45 ක් හෝ ඊට වඩා හෝ ප්‍රමාදවී මාස්වීම සිදුවීම oligomenorrhea » ලෙස ද හඳුන්වයි. මේ ප්‍රමාදය මාස 6 ක් හෝ ඊටත් වඩා හෝ වේනම් එය Amenorrhoea තත්ත්වයකි.
ඔසප් ප්‍රමාදය හා අක්‍රමවත් වීමට හේතු
ඔසප් චක්‍රයේ අක්රමිකතාව විවිධ වයස්වල කාන්තාවන් තුළ දැකිය හැකිය. මල්වර වූ අලුත දියණියන්ට, තරුණ කාන්තාවන්ට ආර්තවභාවය (Menopause) ආසන්න කාන්තාවන්ට ලෙස වර්ග කළ හැකිය. මේ එක් එක් කාලවලදී බලපාන හේතු විවිධාකාර වේ. පොදුවේ මෙය රෝගමය හේතු හා අනෙකුත් හේතු ලෙස වර්ග කළ හැකිය.
උපදෙස් - කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව
විශේෂඥ වෛද්‍ය
කෞමදී කරුණාගොඩ
2019/12/23 තරුණි බලන්න