තයිරොයිඩ් ගැටලු ගැන පොඩ්ඩක් හොයල බලමු ද?

අප්‍රේල් 22, 2024

 

තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නෙ ගෙදරක Main Switch එක වගේ කීවොත් බොහෝදුරට නිවැරදියි.මොකද එයා තමයි හෝමෝනවල ප්‍රධානියා.තයිරොක්සින් හා තයිරොක්සින් Stimulating හොර්මෝන (TSH)කියන්නෙ දෙකක්. තයිරොක්සින් නිපදවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ. ඒ කියන්නෙ බෙල්ලේ. TSH හදන්නෙ මොළයේ. ඒක හදන්නෙ මොළයේ හයිපොතැලමසයෙ පිටියුටරියේ. තයිරොක්සින් අඩුවෙනකොට TSH වැඩිවෙනවා. TSH අඩුයි කියන්නෙ තයිරොක්සින් වැඩියි කියන ⁣දේ. TSH වැඩියි කියන්නෙ තයිරොක්සින් අඩුයි කියනදේට.

 

ඒකනෙ වෛද්‍යවරු කියන්නෙ ඔයාගෙ රිපෝට් එකේ TSH වැඩියි කියලා.එහෙනම් තයිරොක්සින් පෙත්තක් ගන්න වෙනවා කියලා.ඔබ තරුණියක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටලුවක් කිසිදිනක අසා නොතිබුණා වන්නට පුළුවන්.නමුත් මවක් විමට සූදානම් වීමත් සමඟම ඔබටත් නොදැනී මෙම ලක්ෂණ පහළ වී ඇතිදැයි විමසා බැලීම ඉතා වැදගත්. තරුණ වයසේ සමහරුන්ට මෙම ලක්ෂණ පහළ වන අතර බොහෝ විට ගර්භිණීභාවය සමඟ එය ඇතිවීමේ හැකියාව ඉහළ යයි.

 

* ඔබට සාමාන්‍ය පමණට වඩා මහන්සි නම්

* බෙල්ල අවට වේදනාවක් සහ කනස්සලු සහිත මානසිකත්වයක් දැනේ නම්

* සිරුරට අප්‍රාණික ගතියක්, කැරකිලි ගතියක් ඇත්නම්

* උගුර නිතර නිතර පාදන්න වෙනවා නම්

* නිතර නිතර බඩ බුරුලට යනවා නම්

* ලිංගික ජීවිතයේ අඩුවක් හෝ වැඩියක් දැනේ නම්

 

TSH පරීක්ෂා කරගන්න.

මේ සඳහා Fasting ඉන්න එහෙමත් නැත්නම් නිරාහාරව ඉන්න ඕනේ නෑ. වැඩ ඇරිලා ගෙදර යන ගමන් පරීක්ෂා කරන්නත් පුළුවන්.

මුලින්ම බලමුද තයිරොයිඩ් කියන්නෙ මොකක්ද කියලා ?

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු ඔබේ ශරීරයේ පැවැත්මට ඉතාම වැදගත් ඉන්ද්‍රියයක්. එය පිහිටා ඇත්තේ ඔබේ බෙල්ලේ ඉදිරිපස දෙපැත්තේ. එමඟින් ඉතා වැදගත් හෝමෝන වර්ග කිහිපයක් නිපදවනවා.

තයිරොක්සින්, Calcitonin, Cortisol, Parathyroid ඇතුළු තවත් හෝමෝන ඒ අතර ප්‍රධානයි.

මෙම හෝමෝන රුධිරයේ ඇති හිමොග්ලොබින් සමඟ එක්ව ගමන් කර ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයන්වලදී හා

ජෛව ක්‍රියාවලිය පාලනයට උදවු වනවා.

 

* හදවත

* ස්නායු පද්ධතිය

* මාංස පේශි

* ආර්තව චක්‍රය

* ශරීර උෂ්ණත්ව පාලනයට

* මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට මෙම හෝමෝනය ඉවහල් වනවා.

දැන් ඔබට පෙනෙනවා ඇති නේද ?

මෙම හෝමෝනය කෙතරම් වැදගත් ද යන්න.

 

මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම නිසා ඔබේ ශරීරයේ විවිධ ගැටලු ඇතිවන්නට පුළුවන්.

තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු

ගර්භිණි සමයේ ඔබේ ශරීරයේ හෝමෝන වර්ග දෙකක් ඉහළ යාම සිදුවෙනවා. ඒ ප්‍රොජස්ටරෝන් හා ඊස්ට්‍රජන්. එම හෝමෝන ඉහළ යන විට තයිරොයිඩ් හෝමෝනය නිපදවීමද ඉහළ යා හැකියි.

ඇතැම්විට මේ කාලයේදී තයිරොයිඩ් ග්‍රන්ථිය (බෙල්ලේ ඉදිරිපස දෙපැත්තෙන්) මඳක් ඉදිමීම ක්ද වෙන්නට පුළුවන් .

ඒ කාලයේදී ශරීරයට අවශ්‍ය අයඩින් අඩු වීම එතරම් හිතකර නැහැ.

සාමාන්‍ය නමුත් තරමක් කැපී පෙනෙන ලෙස ඉදිමී ඇතිනම් එය ගැටලු සහගත තත්ත්වයක සලකුණක් විය හැකියි. එවිට ඔබ වෛද්‍යවරයකු මුණ ගැසීම අත්‍යවශ්‍යයි. මෙම ඉන්ද්‍රිය ඉදිමුණු අය බොහෝවිට නිතර උගුර පාදයි.

එපමණක් නොව පහත ලක්ෂණ ඇති විටද වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

හයිපර් තයිරොයිඩිස්ම් තත්ත්වය යනු ඔබේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙම තයිරොක්සින් හෝමෝනය නිපදවීමයි. එවිට TSH හෝමෝනය අඩුවේවි .එවිට

 

* අතපය වෙවුලන ගතිය,

* අවිධිමත් ලෙස නාඩි වැටීම

* සමෙහි දැවිල්ල/කැසීම

* කෙස් සිහින් වී ගැලවී යාම

* බර අඩුවීම දැකිය හැකියි.

 

හයිපර් තයිරොයිඩිස්ම් තත්ත්වය යනු ඔබේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් මෙම හෝමෝනය නිපදවීමයි. එවිට TSH හෝමෝනය වැඩිවේ .

 

* ඇඟට පණ නැති බව

* මලබද්ධය

* මස්පිඩුවල දුර්වල ගතිය

* කෙන්ඩ පෙරළීම

* සම සහ කොණ්ඩයේ වියළි බව

* කොණ්ඩ යාම ආදිය දැකිය හැකියි.

 

තයිරොක්සින් වැඩි වුවත් අඩු වුවත් බොහෝවිට රෝග ලක්ෂණ එක හා සමානයි.හයිපතයිරොයිඩිස්ම් තත්ත්වය පාලනය නොකළොත් තයිරොක්සින් හෝමෝනය වැඩි වන්නට පටන් ගනියි. එවිට TSH අඩු වේ.

දරු උපත් 500කට එකක් පමණ හයිපර්තයිරොයිඩිස්ම් තත්ත්වය ඇතිවිය හැකියි.

මේ නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්.

මෙය පාලනය නොකළහොත් ඔබේ රුධිර පීඩනය ඉහළ යයි. ඇතැම් විට හදවත අකර්මණ්‍ය වෙයි. මල දරු උපත්, අඩු මාසයෙන් දරුවා ඉපදීම, අඩු බර සහිත දරු උපත ආදිය සිදුවිය හැකියි.

හයිපතයිරොයිඩිස්ම් තත්ත්වය පාලනය නොකළොත් ඇතිවන අවදානම් තත්වයන්

 

* තයිරොක්සින් හෝමෝනය අඩු වීම එනම් TSH වැඩිවිම

* මෙම තත්ත්වය නිසා බොහෝවිට දරු පිළිසිඳ ගැනීම් සිදුවීමේ සම්භාවිතාව පහළ යනු ඇත. වෛද්‍ය උපදෙස් මත ලබාදෙන බෙහෙත් වර්ග මඟින් ඔබට මෙම තත්ත්වය සමනය කරගත හැකියි.

ඉන්පසු ඔබ දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ විට අවදානයෙන් සිටින්න. අඩු හෝමෝන තත්ත්වය නිසා දරුවාගේ මොළය වර්ධනය අඩාළ විය හැකි නිසා අනිවාර්යයෙන්ම මසකට වරක් පරීක්ෂාවට ලක්වී අවශ්‍ය හෝමෝන ලබා ගත යුතුයි.

තයිරොයිඩ් හෝමෝනය ආශ්‍රිත ගැටලු

ඔබ තරුණියක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටලුවක් කිසිදිනක අසා නොතිබුණා වන්නට පුළුවන්. නමුත් මාතෘත්වය ලැබීමට සූදානම් වීමත් සමඟම ඔබටත් නොදැනීම මෙම ලක්ෂණ පහළ වී ඇතිදැයි විමසා බැලීම ඉතා වැදගත්.

තරුණ වයසේ ඇතැමුන්ට මෙම ලක්ෂණ පහළ වන අතර බොහෝ විට ගර්භිණීභාවය සමඟ එය ඇතිවීමේ හැකියාව ඉහළ යයි.

ඔබ ගැබ් ගත්ත විගස TSH පරීක්ෂා කරගැනීම ඉතාම වැදගත්.

 

උපදෙස් විශේෂඥ වෛද්‍ය

සුදත් ගුණතිලක