වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හදවතින් ම හදවත සුරකිමු
ගහක මුදුන් මුල කපා දැමීම ඒ ගසේ අවසානයයි. හදවතත් මිනිස් සිරුරේ මුදුන් මුල වගෙයි. අපේ සිරුරේ අවයවවලට පටකවලට ජීවී බව පවත්වා ගෙන යන්න නිරන්තරයෙන්ම රුධිරය මඟින් ඔක්සිජන් සහ පෝෂකවලින් සපිරි රුධිරය ලැබිය යුතුය.
රුධිරය අවයවවලට පටකවලට පොම්ප කරන්නේ හදවත මඟින්. හදවත මඟින් රුධිරය පොම්ප කිරීම නතර වුණු පසු අපට ජීවිතය අහිමි වෙනවා. මොළය මිය ගියත් හදවත නීරෝගි නම් අපට ජීවත් විය හැකියි. ප්‍රමාණයෙන් මිට මෙලවූ අතක් තරම්වූ බරින් ග්‍රෑම් 280 ක් තරම්වූ (ගැහැනු සහ පිරිමි හදවත්වල බරෙහි සුළු වෙනසක් තිබෙනවා. ) අපේ හදවත හුස්ම පොද පවත්වා ගෙන යාමට නැතිවම බැහැ.
හදවත ජීවිතයට මොන තරම් වැදගත්ද? ඒත් අපි මොහොතකටවත් හදවත ගැන සිතනවාද? හදවතින්ම අප බොහෝ දෙනකුට ආදරය කළත් හදවතින්ම හදවත සුරකින්නේ නම් නැහැ.ඒ නිසාම සැප්තැම්බර් 29 වැනිදා ලෝක හදවත් දිනය ලෙස නම්කර තිබෙනවා. "හදවතින්ම හදවත සුරකිමු" මෙවර ලෝක හදවත් දිනයේ තේමාවයි.
කෝවිඩ් - 19 වසංගතයටත් වඩා බෝ නොවන රෝග ලෝකයට වසංගතයක්වී තිබෙනවා. කෝවිඩ් - 19 වසංගතයෙන් වැඩිපුර මිය ගියෙත් හදවත් රෝග වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳීන අයයි.
ලෝකයේ වාර්ෂිකව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව වගේම ලංකාචේ වාර්ෂිකව සිදුවන මරණවලටත් ප්‍රධාන හේතුව හදවත සහ රුධිර වාහිනී සම්බන්ධ රෝග තත්ත්වයන්ය.
හදවත වැඩිපුරම රෝගීවන්නේ අපේම වරදින්. අප හදවතට කරන වැරැදි මොනවද ?
* සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව ( සමබල ආහාර වේල් නොගැනීම )
*ක්‍රියාශීලී බව අඩු වීම ( සතියකට පැය භාගය බැගින් දින තුනක්වත් ව්‍යායාම නොකිරීම සහ කඩිසරව එදිනෙදා වැඩ කටයුතුවල නොයෙදීම
*දුම්වැටි, මත් වතුර, මත් ද්‍රව්‍යය භාවිතය
*අධික රුධිර පීඩනයෙන් පීඩා විඳීනවාදැයි කියා පරීක්ෂාකර නොගැනීම. ( අධික රුධිර පීඩනය හදවතට මොළය, වකුගඩු ඇතුළු සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන්ට අහිතකර බලපෑම් ඇති කරනවා. අධික රුධිර පීඩනය හදවත් රෝගවලට ප්‍රධාන හේතුවක්. කිසිම රෝග ලක්ෂණයක් නැතිව ඇතිවන තත්ත්වයක් නිසා අධික රුධිර පීඩනය නිහඬ මාරයා ලෙස හඳුන්වනවා. )
උපදෙස් -හෘද රෝග විශේෂඥයන්ගේ සංගමයේ සභාපති හෘද රෝග විශේෂඥ වෛද්‍ය
ස්ටැන්ලි අමරසේකර
හෘද රෝග විශේෂඥ වෛද්‍ය
අනිඳු පතිරණ
2020/10/07 තරුණි පුවත්පත බලන්න.