වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොරෝනා සමඟ එන ඊළඟ අනතුර ගැන ඔබ දැනුවත් ද?
එන්නත් කළත් මුව ආවරණවලින් ගැලවීමක් නැහැ
නව කොරෝනා වෛරස ප්‍රභේදය හිතන තරම් භයානක නැහැ
එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය සහ ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ් ඇතුළු විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයක් කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ නව වෛරස ප්‍රභේදය මෙතෙක් රෝගීන් සංඛ්‍යාවට සහ මරණ සංඛ්‍යාවට සැලකිය යුතු තරම් බලපෑමක් එල්ලකර නැති බවය. කලින් වෙනත් කොරෝනා වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ කෙනකුට නව ප්‍රභේදය ආසාදනය වීමේ ඉඩකඩ ද අඩු බව හෙළිවී තිබෙයි. එහෙත් මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයන් කෙරෙමින් පවතියි.
සියොතුන් අහස් කුස නිදහසේ සරද්දී, මසුන් සයුර කෙළි බිමක් බවට පත්කර ගෙන තිබියදී මිනිසාට සිදුවූයේ දෑත්වලට අත් ආවරණ, මුවට මුව ආවරණ පැලඳ ගෙන මහමඟට පිවිසීමටය. තමන් කුමන මොහොතක නව කොරෝනා වෛරසයේ ගොදුරක් වේවිදැයි කියා කිසිවකුට කිව නො හැකිය.
උපන්දා සිට ගත කළ ජීවිතයෙන් ඈත්වී තරමක් කරදරකාරී ජීවන රටාවකට හුරුවන්නට සිදුවීම බොහෝ දෙනකුට සැබෑම හිසරදයකි. ඔවුන් බලා සිටින්නේ සුපුරුදු ජීවන රටාව ගත කිරීමට කාලය එළඹෙන තුරුය. එන්නත ඒ පිළිබඳ සුබවාදී මානසිකත්වයකට මඟ පෑදුවත් අලුත්ම වාර්තාවන්ට අනුව එන්නත ලබා ගත්ත ද දිගටම මුව ආවරණ පැලඳීමට සිදුවෙයි.
ස්ටැන්ෆෝඩ් සරසවියේ ප්රතිශක්තිවේදය පිළිබඳ විශේෂඥයකු වන මයිකල් ටාල් පවසන්නේ එන්නත ලබා ගත්ත ද රෝගය පැතිරවීමේ හැකියාව අඩු නො වන බවය. නව කොරෝනා වෛරසය ඇතුළු බොහෝ ස්වසන රෝග ඇති කරන වෛරස ප්‍රවේශ වන ප්‍රධාන දොරටුව ය. වෛරස එහිදී සීග්‍රයෙන් වර්ධනය වෙයි.
එන්නත මාංසපේශීන්වල ඇතුළට ම ලබා දෙන අතර ඉක්මනින් රුධිරයට උරා ගනියි. එවිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතිදේහ නිපදවෙන්නට පටන් ගනියි. නාසයේ ඇති වෛරසවලට එරෙහිව ප්‍රතිදේහ සෑදීමට කොපමණ කාලයක් ගත වේදැයි කිව නො හැකිය. ආසාදිතයා හුස්ම ගනිද්දී, කිවිසීමේදී, කසින විට නීරෝගි අයට පහසුවෙන් රෝගය බෝවීමට ඉඩ තිබෙයි. එන්නත පර්යේෂණ මට්ටමින් පවතිද්දී එන්නත ගත් පසු ආසාදිත වී රෝග ලකුණු නො පෙන්වන අය ගැන දත්ත ලබාගෙන නැත. තවමත් පර්යේෂණකර තිබෙන්නේ රුධිරයේ ඇතිවන ප්‍රතිදේහ පිළිබඳව ය. මේ නිසා බේඨයේ අඩංගු ප්‍රතිදේහ සහ රුධිරයේ ප්‍රතිදේහ පරීක්ෂාකර ඒවා සැසඳීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි.
කෝවඩ් - 19 ට එරෙහි එන්නත ගත් පුද්ගලයා රෝග ලකුණු නො පෙන්වන එහෙත් අධික ලෙස වෛරස ගබඩා වී ඇති භයානක ලෙස රෝගය පතුරුවන්නකු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි. මේ අනුව මුහුණු / මුව ආවරණවලින් තොර ජීවිතයක් ගැන සිතීමට කෝවඩ් - 19 ඉඩ තබා නැත.
**************************
නැවත කුරුලු උණ අවදානමක්?
ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වාගේ එක් ස්වසන රෝගයකින් පීඩා විඳීද්දී කලක සිට වසංගතයක් වූ තවත් ස්වසන රෝගයක් ගැන වාර්තා වෙමින් පවතියි.
මේ පුවත වාර්තා වන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙන් වීම අපට එයින් දැල්වෙන රතු එළිය වඩාත් තීව්‍රකර තිබෙයි. කුරුලු උණ වැලඳෙන්නේ ඩ්5ව්1 නම් සීග්‍රයෙන් ආසාදනය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයකිනි. ඉන්දියාවේ කේරලය, රාජස්ථානය, මධ්‍ය ප්‍රදේශය, හිමාචල් ප්‍රදේශය ආශ්රිත කුකුළු ගොවිපළවල කුකුළන් විශාල වශයෙන් මියයාම යාමට හේතුව සොයා බැලීමේදී උන් කුරුලු උණෙන් පීඩා විඳීන බව හෙළිවී ඇත. ඒ සමඟම කුකුළු මස්, කුකුළු බිත්තර කෑමට ගැනීමේ භීතිකාවක් ද ලොවම වෙලා ගනිමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සෙල්සියස් අංශක 70 ක එනම් සාමාන්‍යයෙන් අප කෑම පිසින උෂ්ණත්වයේදී ඩ්5ව්1 වෛරසය විනාශ වන බවයි. කුරුලු උණ බොහෝ විට බෝවන්නේ රෝගී සතුන් මැරීමේදී, උන්ව රැගෙන යාමේදී, ඇල්ලීමේදී , උන් සිටි තැන් - උන්ගේ මල ඇල්ලීම වැනි ක්රියාවලීන්හිදීයි. සීතලෙන් ගැහෙන තරම් අධික උණ. මස්පිඬුවේදනාව, හිසරදය, කැස්ස රෝගයේ ප්‍රධාන ලකුණු ය.
නිතර දෑත් සේදීමේ පුරුද්ද ( විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමට පෙර ) කුරුලු උණෙන් වැළකී සිටීමේදීත් වැදගත් වෙයි.
අන්තර්ජාලයෙනි