වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කෝවිඩ්වලටත් වඩා භයානක සැඟවුණු වසංගතයක්
“ මට හෙම්බිරිස්සාව වගේ. “
“ බඩ රිදෙනවා උදේ ඉඳලා. “
“ දවසෙම ඇඟ රිදෙනවා. “
මෙවැනි මැසිවිලිවලට නිවෙසේ සාමාජිකයා, අසල්වැසියා, රැකියා ස්ථානයේ සගයා, මිතුරා දෙන්නේ “ඕකට මෙන්න මේ ඇන්ටිබයොටික් එක ගන්න. “ වගේ පිළිතුරක්. නැත්නම් “ අන්න අතන වන් ෂොට් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයා ළඟට යන්න. “
උපදෙස ක්‍රියාත්මක කළ විට තාවකාලික සහනයක් ලැබෙන්නත් පුළුවන්. ඒත් එය දිය නටන තුරු කකුළුවා ලබන සනීපය හා සමාන සැපයක්.
ප්‍රතිජීවක කෝකටත් තෛලයක් වීම නිසා කෝවිඩ් - 19 ටත් වැඩි තර්ජනයක් ජීවිතවලට එල්ල වෙලා. ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන ඒ තර්ජනයයි. මෙය ලොවේ කෝවිඩ්වලටත් වඩා භයානක නිහඬ වසංගතතය ලෙස සලකනවා. ඉන්දියාවේ රෝහල්වල මෑතකදී කෝවිඩ් රෝගීන් අතර ප්‍රතිජීවක ප්‍රතිරෝධීන් විශාල සංඛ්‍යාවක් හමුවී තිබෙනවා. මෙය ලොවට ම පොදු තත්ත්වයක්.
වෛරස් රෝගවලට ප්‍රතිජීවකවලින් ප්‍රයෝජනයක් නැතත් වෛද්‍යවරයාගෙන් පෙරැත්ත කර හෝ ප්‍රතිජීවක ඉල්ලා ගෙන බීමට සමහරු. පෙලඕලා කෝවිඩ් -19 අනාගතයේදී උණක් සෙම්ප්රතිෂ්යාවක් තරම් සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් ප්‍රතිජීවක ප්‍රතිරෝධී අසාදන නම් එසේ ලොවෙන් තුරන් කිරීම පහසු නැහැ. එහෙත් එවැනි ආසාදන වැළැක්වීමට ගත හැකි පියවර ගණනාවක්ම තිබෙනවා. ඒවායින් ඇතැම් පියවර කෝවිඩ් මඬින්න ගත් පියවරයි.
දෑත් සබන් ගා සේදීම
දෑත් නිතර සබන් ගා සේදීම ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන ඇතිවීම වැළැක්විය හැකි මඟක්. නාසය, දෑස්, මුව ඇල්ලූ පසු සබන් හෝ මධ්‍යසාර පාදක කරගත් සෝදන දියර ( alcohol-based hand sanitizer ) මඟින් දෑත් සේදිය යුතුයි. රෝගියකු බැලීමට හෝ ප්‍රතිකාර ගැනීමට රෝහලකට ගිය පසු, වැසිකිළි භාවිතයෙන් පසු අනිවාර්යයෙන්ම දෑත් සේදීම වැදගත්.
ඌරු, කුකුළු වැනි සත්ව ගොවිපලවල වැඩ කරන්නන්ට මුහුණු ආවරණ පැලඳීමෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියාවලින් රැකවරණයක් ලැබෙනවා.
ඇන්ටිබයොටික් ප්‍රතිරෝධී ආසාදන ඇත්නම් ඒ අය වෙනම කාමරයක් භාවිත කිරීම රෝගය අන් අය කරා පැතිරීම වළක්වා ලීමට හැකි මඟක්. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් අත් ආවරණ හා විශේෂ ඇඳුම් ඇඳීමට පියවර ගන්නවා.
වෛද්‍යවරයෙක් නියම කළ අයුරින් ම ප්‍රතිජීවක ගත යුතුයි. මාත්‍රාව, කාල සීමාව අකුරට ම පිළිපැදිය යුතුයි. වෛද්‍යවරයකු නිර්දේශ නො කර කිසි විටකත් ප්‍රතිජීවක කේක් කෑල්ලක් මෙන් මිතුරන් අතරේ හුවමාරුකර ගත යුතු නැහැ.
තමන්ට ප්‍රතිජීවක ප්රතිරෝධීතාවක් ඇති බව දැන ගන්නේ කෙසේද ?
වෛද්‍යවරයා ට රෝගියාගෙන් රෝග ඉතිහාසය හා ගන්නා ඖෂධ ගැන දැන ගැනීමෙන් ප්රතිරෝධීතාවක් ඇත්ද යන්න ගැන යම් ඉඟියක් ලබා ගන්නවා. සමේ ආසාදනයක් ඇත්දැයි බාහිරව පරීක්ෂාකර බලනවා. methicillin වැනි ඔසු ගණනාවකට ප්රතිරෝධීතාවක් දක්වන Staphylococcus aureus රෝග බීජය ඇති විට (MRSA) සමේ ආසාදන ඇති වෙනවා.
රුධිර පරීක්ෂණයකින් ද මෙවැනි ප්‍රතිරෝධීතාවන් හඳුනාගත හැකියි. පැය දෙකක් වැනි සුළු කාලයකදී රැපිඩ් පරීක්ෂණයෙන් Staphylococcus aureus වැනි රෝග බීජ ශරීරගත වී ඇත්දැයි බලාගත හැකියි.
තරල හෝ පටක ගෙන සිදු කරන කල්චර් පරීක්ෂණයකින් ද රෝගය හඳුනා ගන්න පුළුවන්. ආසාදනය ඇති තැනින් පටක ගැනීම සිදු කරනවා. තුවාලයක ස්‍රාව, රුධිරය හෝ මූත්‍ර සාම්පල කල්චර් කිරීමට යොදා ගන්නවා. කහින විට පිටවන සෙම, ඛේඨය සාම්පල නියුමෝනියා වැනි තත්ත්ව හඳුනා ගැනීමට උපකාරී වෙනවා. දරුණුම ආසාදන තත්ත්වයක් වන සෙප්සිස් ඇති විට ද වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් නිර්දේශ කරනවා.
රෝගියාගෙන් ලබා ගන්නා සාම්පලයේ ඇති බැක්ටීරියාව දිගින් දිගට ම වර්ධනය වනවා නම් එයින් දැනට ලබා දෙන ඖෂධයට ප්රතිරෝධීතාවක් දක්වන බව වෛද්‍යවරයා අවබෝධ කරගන්නවා. බැක්ටීරියාව වර්ධනය නො වනවා නම් ප්රතිජීවකයට මර්දනය වනවා නම් තවත් ඖෂධ නිර්දේශ කරනවා.
උපදෙස් - භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක
සටහන
චම්පිකා දීපානි රණසිංහ