වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
"බලාගෙනයි; කොවිඩ්වලට පස්සේ ඉන්ෆ්ලුවෙන්සා ඇවිත්
අපේ රටේ ඍතු භේදයක් දැනෙන්න ඇති නොවුණාට නැහැමයි කියන්නත් බැහැ. කොහොම නමුත් මේ දිනවල .... ඉදිරි මාසය, දෙක සීතල දේශගුණයක්, සීතල සුළඟකින් ගත සනසවන කාලයකුයි උදාවන්නේ.
සීතල ප්‍රදේශවල සීතල වැඩි වීමත් අනෙක් ප්‍රදේශවල යම් කිසි සීතල තත්ත්වයකුත් ඇතිවනවා. මේ සමඟින් රෝග තත්ත්වයන් කිහිපයක්ම වැඩි වන බවත් සිතට ගත යුතුයි.
රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළුව රෝහල් කිහිපයකම බාල, මහලු කා අතරත් ඉන්ෆ්ලුෙවන්සා තත්ත්වය දැනටමත් වැඩිවන්නට පටන් අරන්. සීතල කාලයක්, වැසි කාලයක් කියන්නෙ ම ඉන්ෆ්ලුෙවන්සා රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන කාලයක්. මේ අපේ රටේ පමණක් නොව විදෙස් රටවලත් දක්නට ලැබෙන තත්ත්වයක්.
උණ
කැස්ස
හෙම්බිරිස්සාව
ඇතැමෙකුට වමනය
ඇඟපත වේදනාව
රෝග ලක්ෂණ ලෙසින් දැකගන්න පුළුවන්. බොහෝ දෙනෙක් එක්වරම කලබල වේවි කොවිඩ්වත් ද කියා.
කොහොම නමුත් මේ දිනවල ෙකාවිඩ් තරමක් අඩුයි. ඉන්ෆ්ලුෙවන්සා වැඩියි.කොවිඩ් වගේම ඉන්ෆ්ලුෙවන්සා තත්ත්වයත් පහසුවෙන්ම බෝ වන රෝගයක් වීම නිසාමයි, වඩාත් ප්‍රවේසම් විය යුතු වන්නේ.
උණ, කැස්ස, හෙම්බිරිස්සාව ඇති විට දරුවන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා යැවීම අවම කළ යුතුයි. නිවෙසේ ම තබා ගැනීම රෝග පාලනයට සුදුසු ම විසඳුමක්.
පිරිසුදුකම අතිශය වැදගත් කාරණාවක්.
නිතර දෑත් සබන් යොදා පිරිසුදු කිරීම,
කිවිසුමක් යද්දී අතින් නොව වැලමිටෙන් මුව ප්‍රදේශය ආවරණය කර ගැනීම,
ලේන්සුවක්, ටිෂූ එකක් භාවිත කිරීම,
රෝග ලක්ෂණ ඇති අය මාස්ක් පැලඳීම (විදෙස් රටවල වගේම අපේ රටෙත් දැන් මාස්ක් පැලඳීම ක්‍රමයෙන් ඈත් වන තත්ත්වයක් උදා වෙලා)
ළමා හතිය වැඩි වීමක්
සීතල දේශගුණයත් සමඟින් ළමා හතිය වැඩි වනවා. මේ නිසා හතිය ඇති දරුවන් ප්‍රවේසම් කරගත යුතු වනවා. නෙබියුලයිස් කරන්නට, නිවැරැදි ප්‍රතිකාර ගන්නටත් වේවි. ඉන්හේලර්වලට බිය වන්නට එපා. බොහෝ දෙනෙක් හිතන්නේ නෙබියුලයිස් කිරීම, ඉන්හේලර් භාවිතය වරක්, දෙවරක් කළොත් පුරුද්දට යාවි කියා. එහි කිසිදු සත්‍යතාවක් නැහැ. දීර්ඝ කාලීනව ඉන්හේලර් භාවිතයට වෛද්‍ය උපදෙස් ලැබී ඇත්නම් එය අඛණ්ඩව කරගෙන යා යුතුයි.
වැස්ස නොමැතිව හට ගන්නා සීතල දේශගුණයක් නිසා දහවල් කාලයේ වියළි සුළඟක් හමා යාවි. මේ දූවිල්ල ළමා හතිය වැඩි වීමට ඍජුවම බලපාවි. සිගරට් දුමට කිසිසේත්ම නිරාවරණය වන්නට එපා.
ඉන්ෆ්ලුවෙන්සා මෙන් ඉහළ ශ්වසන මාර්ගයේ රෝග වැඩි වන්නේ මේ නිසයි.
හමේ රෝග
සීතල දේශගුණයක් පැවතියත් හිරුඑළිය ඇති නිසා හමේ රෝගත්, යම් තරමකට වැඩි වන්න පුළුවන්.
ඉන්ෆ්ලුෙවන්සා වැනි තත්ත්ව බෝවීමට ඇති ඉඩකඩ හැකි තරම් අහුරාගත යුතුයි.
යම් හෙයකින් එවැනි ලක්ෂණ ඇත්නම් තවත් කෙනකුට බෝ නොවීමට හැකි අන්දමින් කටයුතු කරන්නට වග විය යුතුයි.
රෝග ලක්ෂණ ඇති පමණින් රෝහල්ගත වීමට අවශ්‍ය නැහැ.
වෛද්‍ය උපදෙස් කරා යෑම නම් වැදගත් වේවි.
කාලයක් තිස්සේ පවතින ශ්වසන රෝග ඇති අය, ඇදුම, ප්‍රතිශක්තිය හීන වූවන්, අවුරුදු දෙකට අඩු දරුවන් අවුරුදු 65ට වැඩි අය, ගර්භිණී මාතාවන් යන අය පහසුවෙන් බෝ වන රෝගවලට ගොදුරු විය හැකි නිසා ප්‍රවේසම් විය යුතුයි.
කාර්යාලයට යන අම්මා, තාත්තා හැකි තරම් පිරිසුදු ව සිටිය යුතුයි. ඔවුන් අතපය නිතරම සබන් ගා සේදීමට කටයුතු කිරීම වැදගත්.
දරුවන්ටත් නිතර අතපය පිරිසුදු කර ගැනීමට, ඇස්, මුහුණ ආදිය අපිරිසුදු අතින් නොඅල්ලන ලෙසට උපදෙස් ලබා දෙන්න.
මන්කිපොක්ස්, කොවිඩ් වැනි රෝගීනුත් සමාජයේ ගැවසෙන බව අමතක කළ යුතු නැහැ.
රෝග ලක්ෂණ ඇති අය සමඟ මුහු වුවහොත් සති තුනක් යන තුරු තමාටත් රෝග ලක්ෂණ ඇති වේවි දැයි යන්න සැලකිලිමත් වන්න. විශේෂයෙන් ම මන්කිපොක්ස්වලදී උණ, සමේ ආසාදන මතුවිය හැකි නිසා ඒ ගැනත් හිතන්න.
රෝහලකින් උපදෙස්
හුස්ම ගැනීමට අපහසු තත්ත්වයකදී රෝහලකින් උපදෙස් ලබා ගන්නට වේවි. එහිදී අදාළ ප්‍රතිකාර කරමින් තවදුරටත් රඳවා ගන්නවාද, අනුගමනය කළ යුතු උපදෙස් ලබා දී නිවෙස කරා යවනවාද යන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිගමනය කරාවි.
ප්‍රතිජීවක ඖෂධ
ඉන්ෆ්ලුෙවන්සා යනු වයිරස් රෝගයක් නිසා ප්‍රතිජීවක ඖෂධ භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. ද්විතීයික බැක්ටීරියා ආසාදනෙය දී පමණක් ප්‍රතිජීවක ඖෂධ ලැබේවි. වෛරස් තත්ත්වයක දී ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් දිලීර ආසාදන පවා පණහලු කරා යාවි.
ළා රස්නය ඇති උණු වතුරින් තෙමා උණ අඩු කරගන්න. පැය 6න් 6ට බරට අනුව අදාළ මාත්‍රාව අනුගමනය කරමින් පැරසිටමෝල් ගන්න.
කෑම බීමවල වෙනසක් කරන්න එපා. ස්වාභාවික දියර ආහාර ලබා දීම (සුප්, ජීවනි, පලතුරු යුෂ) තරමක් වැඩි කරන්න. තැම්බුම් හොදි පමණක් දී සෑහීමකට පත්වන්න එපා.
එන්නතක්
ඉන්ෆ්ලුෙවන්සා සඳහා වාර්ෂිකව එන්නතක් ලබා දීම විදෙස් රටවල සිදු කළත් තවමත් අපේ රටේ රජයේ රෝහල්වලින් එවැන්නක් ලැබෙන්නේ නැහැ. මේ වයිරසය විවිධ වේෂයන්ගෙන් එන නිසා එන්නත ද ඊට අනුරූපව වෙනස් වේ.
උපදෙස් - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරගෙනි.