ගැබිනි සමයේ Low Pressure රෝගයක් නොවේ

හොඳින් වතුර බොන්න වම් ඇලයට නිදා ගන්න
පෙබරවාරි 20, 2023

 

ගර්භිණී මවක් අව රුධිර පීඩන තත්ත්වයේ සිටීම සුදුසු නැහැ. ඇයට හෘද ස්පන්දනය සඳහා යහපත් රුධිර පීඩන තත්ත්වයක් අවශ්‍ය වේ.

 

ගර්භිණී අම්මා කෙනෙක් අධි රුධිර පීඩනයෙන් හෝ අව රුධිර පීඩනයෙන් පසුවනවා කියන්නෙම ඇය යම්කිසි අවදානමක සිටින තැනැත්තියක් බවයි. වැඩි පිරිසක් අතරේ දක්නට ලැබෙනුයේ අධි රුධිර පීඩනය නිසා බොහෝ දෙනෙක් මාතෘකා කරගන්නෙත් අධි රුධිර පීඩන තත්ත්වයයි.අව රුධිර පීඩනය පිළිබඳ එතරම් කතාබහක් නැහැ. ඒ නිසාම අව රුධිර පීඩනය පිළිබඳ ඇති දැනුම්වත් බවත් අල්පයි.

 

රුධිර සංසරණයේ දී රුධිරය මගින් ධමනි බිත්ති මත ඇතිකරන තෙරපුම රුධිර පීඩනයයි. නීරෝගි පුද්ගලයකුගේ රුධිර පීඩනය 120/ 80 ඩ්ඨථථ - 90/ 60 ඩ්ඨථථ අතර අගයක පවතී. මෙම ප්‍රමාණය ඉක්මවා යෑම අධි රුධිර පීඩනය ලෙසත් අඩු අගයක් ගැනීම අව පීඩනයක් ලෙසත් හඳුන්වයි.

අව රුධිර පීඩනය තධඹ ඡතධධඤ නපඥඵඵභපඥ හෙවත් රුධිර පීඩනය නියමිත අගයක නොව ඊට වඩා අඩු අගයකින් පැවතීම යහපත් තත්ත්වයක් නොවේ. ඒ සිරුර පුරා සංසරණය වීමට ප්‍රමාණවත් පරිදි රුධිර පීඩනයක් නොලැබී යෑම නිසායි. හොඳින් මතක තබා ගත යුතු කාරණය වන්නේ අධි රුධිර පීඩනය රෝගයක් වුවත් අව රුධිර පීඩනය යනු රෝගයක් නොවේ යන්නයි.

ගර්භිණී මවක් අව රුධිර පීඩන තත්ත්වයේ සිටීම සුදුසු නැහැ. ඇයට හෘද ස්පන්දනය සඳහා යහපත් රුධිර පීඩන තත්ත්වයක් අවශ්‍ය වේ. රුධිර සංසරණය මැනවින් සිදු නොවීම නිසා හිසට යැවෙන රුධිරයේ යම් අඩුවීමක් පෙන්නුම් කරයි. නිදාගෙන සිටියදී මේ අඩුව තිබුණහොත් ගුරුත්වයට විරුද්ධ දිශාවට නොව ගුරුත්වය අඩු වීම නිසා හිසටත් යම් රුධිර ප්‍රමාණයක් බෙදී යැවේ. නමුත් එක් වරම හිට ගත්තොත්, අව්වේ යෑම නිසා, වෙහෙස වී කටයුතු කරන්නේ නම්,හිසට යැවෙන රුධිර ප්‍රමාණය අඩු වේ.

 

එසේ වීම නිසා

* ක්ලාන්තය

* කරකැවිල්ල

*දෑස් නිලංකාර වීම

*වමනය

* ඔක්කාරය

* තෙහෙට්ටුව

*සිහි මද ගතිය

* සුදුමැලි බව බව

වැනි ලක්ෂණ ඇති වේ.

 

මෙවැනි අවස්ථාවකදී හිස පහතට නවාගෙන නිදා ගැනීම සුදුසු ම දෙයයි. කාර්යාලයක සිටියදී නම් මේසය මත ඔළුව තබාගෙන සිටිය යුතුයි. මහමගදී නම් දිගින් දිගටම ඇවිගන යෑම සුදුසු නැහැ.යෝග්‍ය තැනකින් වාඩි වී හිස පහත් කරගෙන සිටීම හොඳම විසඳුමයි. අව රුධිර පීඩන මට්ටමක් ඇති අයෙක් තනිවම පාරේ ගමන් කිරීම යෝග්‍ය නොවේ. ක්ලාන්තය සෑදී එක්වරම ඇද වැටීමට පුළුවන. ගැබිනි මවක් නම් කිසිසේත් තනිවම ගමන් බිමන් නොයා තවත් කෙනකු සමඟ යෑම වැදගත් වේවි.

යහපත් චර්යා රටා

ගැබිනියක් හැමවිටම හාන්සි වී සිටීම, නිදා ගැනීම ආදිය කළ යුතු වන්නේ වම් ඇලයටයි. උඩුබැලි අතට සිටීමෙන් ගර්භාෂයෙන් හෘදය වස්තුව වෙත පැමිණෙන රුධිර ගමනාගමනය අඩු වේ. දරුවාගේ බරට අපර මහා ශිරාව යම් පීඩනයකට ලක් වේ. මේ නිසා හෘදය වස්තුව වෙත පැමිණෙන රුධිර මට්ටම අඩුවද්දී හෘදය වස්තුවෙන් පිට කෙරෙන රුධිර මට්ටම ද අඩුවේ. මේ නිසා නැවත ගර්භාෂය ඇතුළු සිරුර පුරා වෙත යැවෙන රුධිරය අඩුවීමෙන් දරුවාට ලැබෙන රුධිර මට්ටම ද අඩු වීමට පුළුවනි.

ගර්භිණී සමයේදී සිරුරේ රුධිරය සම්බන්ධ අවශ්‍යතාව ඉහළ යෑම නිසා රුධිර අවපීඩන තත්ත්වය ඇතිවේ. අව රුධිර පීඩන මට්ටම ඇතැමෙකුට ඇති වන්නේ උපතේ සිටමයි. ඔවුන්ට එය සාමාන්‍ය තත්ත්වයක් වීමට පුළුවනි. එහෙත් ගර්භිණීභාවයේදී හට ගන්නා අව රුධිර පීඩනය දරු උපතින් පසු යථා තත්ත්වයට පත් වේ.

අව රුධිර පීඩනයෙන් මිදෙන්නට

* ගර්භිණී මවක් නම් උඩුබැලි අතට නොව හැම විටම වම් ඇලයට හැරී නිදා ගන්න. හාන්සි වී සිටින්න.

ගර්භිණී සමයේ දී රුධිර නාළවල විස්තාරණය වැඩි වේ. මේ නිසා රුධිර නාළවල විශාල රුධිර ප්‍රමාණයක් රඳවා ගනියි. එවිට මොළය කරා යැවෙන රුධිර ප්‍රමාණය අඩු වේ.

මේ සියල්ල සිදු වන්නේ කුසේ ඉන්නා දරුවාගේ වර්ධනය සඳහා බව අමතක කළ නොහැකි වේ.

* ඇවිදීමේ ව්‍යායාමය මේ අයට නොගැලපීමට පුළුවනි.අව පීඩනයෙන් පෙළෙන ගැබිනි මවක් වැටී තුවාල වීමට පුළුවන්.

* ජලය පානය වැඩි කරන්න. ජලය මඟින් රුධිර පරිමාව වැඩි කරන නිසා විජලනය වළකාවි.

* මව ස්ථූල බවින් පෙළේ නම්

* දරුවා ප්‍රමාණයෙන් විශාල නම්

* හැකි සුළු සුළු ව්‍යායාම පමණක් කරන්න. ව්‍යායාමවල නොයෙදුණු පමණින් අව රුධිර පීඩනය අඩු කර ගත හැකි දැයි සිතිය නොහැකි වේ.

* එකවර විශාල කෑම වේලක් අනුභව කිරීමෙන් ආහාර ජීර්ණය කරා ඒ මොහොතේ යැවෙන රුධිරය වැඩි වේ.එවිට සෙසු අවයව සඳහා යැවෙන රුධිරය අඩුවීමෙන් අව රුධිර පීඩනයක් ඇතිවේ. පිෂ්ටය අඩු ආහාර වේලක් කරා යෑම සුදුසු වේ.

* ලුණු භාවිතය වැඩි කරන්න.මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම යෝග්‍ය වේ.

* රුධිර පීඩනයෙන් සිටින මවකට හිටගෙන කරන රැකියා සුදුසු නොවේ.

* ඇඳ විවේකය වැදගත් වේ. මේ නිසා පෙර කීවාක් මෙන් වම් ඇලයටම සිටින්න.

ඖෂධ ප්‍රතිකාර තිබේද?

අව රුධිර පීඩන මට්ටමක සිටින ගැබිනි මවකට ඖෂධ කිසිවක් නියම නොවේ.

රුධිර පීඩනය මැන බලන මව්වරුන් එය අඩු වූ විට වහා කලබල වී පැමිණෙයි. මෙහිදී වෛද්‍යවරු අවධාරණය කරන්නේ රුධිර කැටියක් සිරවී ඇත්ද වැනි කාරණා කෙරෙහිය.

 

 

උපදෙස් :

නාරී හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ