වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හැම තැනම ඉන්ෆ්ලුෙවන්සා
මේ දිනවල බොහෝදෙනෙක් උණ, කැස්ස, හෙම්බිරිස්සාව නිසා පීඩා විඳියි. බොහෝ දුරට පවුලක කිහිප දෙනෙක් හෝ මුළු පවුලම රෝගී වී සිටියි. මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය බව අකැමැත්තෙන් වුව පිළිගන්නට සිදුව තිබේ.
වසංගතයක ස්වභාවයෙන් මේ දිනවල පැතිරෙන මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ප්‍රධාන වශයෙන් ස්වසන පද්ධතියට හානි කරන වයිරසයකි. මෙහි ප්‍රභේද හතරක් දකින්නට පුළුවනි. A, B, C, හා D ලෙස යනු ඒවායි.
ඉන්ෆ්ලුවෙන්සා ඒ වයිරසයේ පිටත ආවරණයෙහි ඇති ප්‍රෝටීන් වර්ගය අනුව අනු ප්‍රභේදවලට වෙන් කෙරේ. ඒ H1N1, H3N2 ආදි ලෙසටයි. ඉන්ෆ්ලුවෙන්සා ඒ වයිරසය මඟින් ගෝලීය වසංගත තත්ත්ව වරින්වර මතුවේ. මීට එක හේතුවක් වන්නේ මෙම වයිරසයට එහි ස්වභාවය වෙනස් කරගෙන නව වයිරසයක් ලෙස ආක්‍රමණය කිරීමේ හැකියාවක් පැවතීමයි. ඉන්ෆ්ලුවෙන්සා B සාමාන්‍යයෙන් තදබල රෝග ලක්ෂණ ඇති නොකරයි. ඛ් වයිරසය ද සුළු රෝග ලක්ෂණ ඇති කරන වයිරසයකි. ච් වයිරසය ගවයන් අතර පැතිරෙන මිනිසුන් අතර වාර්තා නොවන රෝගයකි.
කුරුල්ලන් සහ ඌරන් අතර දැකිය හැකි ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මනුෂ්‍යයාට ආසාදනය වීමේ හැකියාව ඇති නමුත් එම වයිරස් මිනිසුන්(Human to human) අතර පැතිරයාමේ හැකියාව සාමාන්‍යයෙන් අඩුය. අනතුරුදායක කාරණය වන්නේ එම වයිරස් වලට ඒවායේ ජාන ස්වභාවය වෙනස් කරගෙන මිනිසුන්ට ආසාදනය වීමට හැකියාවක් පැවතීමයි. එවිට මිනිසුන් අතර එම වයිරසය පහසුවෙන් පැතිර යයි.
උතුරු සහ දකුණු අර්ධ ගෝලය ආශ්රිත රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යන්නේ සීත ඍතුව ආශ්‍රිතවයි. නමුත් ඝර්ම කලාපීය රටවල එසේ විශේෂිත කාලයක් නොමැතිව අක්‍රමවත් ලෙස විවිධ කාලවලදී රෝගය පැතිර යා හැකියි. අප රටේ මේ දිනවල එනම් අප්‍රේල් සිට මේ දක්වා රෝගීන් වැඩි වශයෙන් සිටී.
රෝග ලක්ෂණ
* තද උණ
* වියළි කැස්ස
* හිසරදය
* මස්පිඬු සහ හන්දි වේදනාව
* ශරීරයට ම දැනෙන අපහසුතාව
* උගුරේ වේදනාව
* නාසයෙන් සොටු දියර ගැලීම
* වමනය සහ පාචනය (දරුවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබේ)
සාමාන්‍යයෙන් සතියක් ඇතුළත උණ පහව යයි. නමුත් කැස්ස සහ ඇඟපත අමාරුව ඇතැම් විට සති දෙක තුනක් පැවතිය හැකියි. අවදානම් සහගත රෝගීන් හට දරුණු රෝගී තත්ත්වයක් ලෙස සංකූලතා හෝ මරණය පවා ඇති කළ හැකියි.
අවදානම් සහගත රෝගීන්
* ගැබිනි කාන්තාවන්
* අවුරුදු 2ට අඩු දරුවන්
* අවුරුදු 2ට වැඩි නමුත් දීර්ඝකාලීන ස්නායු, වකුගඩු පෙනහලු, හෘදයේ, මොළයේ ආබාධවලින් පෙළෙන දරුවන්
* වයස්ගත (අවුරුදු 60ට වැඩි)නිදන්ගත රෝගවලින් එනම් දියවැඩියාව, වකුගඩු ආබාධ, ස්නායු රෝගවලින් පෙළෙන පිරිස්
* එමෙන්ම ප්‍රතිශක්තිය දුර්වල වූවන්(එනම් ඩ්ධ්ඍආසාදිතයින්, දීර්ඝකාලීන ස්ටීරොයිඩ පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්
* අධික තරබාරු පුද්ගලයින්
* ඉන්ෆ්ලුවෙන්සාව නිසා රෝල්ගත කළ පුද්ගලයින්
* සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්
ඉන්ෆ්ලුවෙන්සාව සාමාන්‍යයෙන් සෙම්ප්රතිශ්යාවකින් වෙනස් කළ හැකිද?
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී නාසයෙන් සොටු දියර ගැලීම ප්රමුඛ ලක්ෂණය වන අතර තද උණ ඇතිවීම සුලභ නොවේ. ඉන්ෆ්ලුවෙන්සා උණ ඇති විට තද උණ, තදබල හිසරදය ප්රමුඛ ලක්ෂණ වේ. නාසයෙන් සොටු දියර ගැලීම ඇතැම් විට දැකිය හැකියි. කෙසේ නමුත් සමහර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ හට නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව දින 5, 6 කින් සම්පූර්ණයෙන් සුව වේ. නමුත් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සති කීපයක් වුව පැවතිය හැකියි.
සංකූලතා කවරේද?
* නියුමෝනියාව
* ඇදුම තත්වය තීව්ර වීම
* මැද කනේ ආසාදන
* හෘදයට විය හැකි හානි - හෘදයාබාධ හෝ Myocarditis
* මොළයේ සෛල ආසාදනය සහ මොළයේ පටක ඉදිමුම - Encephalitis
* වෙනත් විසබීජවලින් දෙවනුව ආක්‍රමණය වීම බැක්ටීරියා සහ දිලීර ආසාදන
රෝගය හඳුනාගන්නේ කෙසේද?
සායනික ලක්ෂණ වලින් පමණක් රෝගය පමණක් රෝගය නිශ්චිතව හඳුනා ගැනීම දුෂ්කරය. සාමාන්‍ය වයිරස් උණ ඉක්මවා ගිය රෝග ලක්ෂණ මෙහිදී දැකිය හැකිවේ. පැරසිටමෝල් මඟින් වුවත් උණ සහ ඇඟපත අපහසුව අඩු නොවීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.
රෝගය වැලඳී පළමු දින දෙක තුන දී සිදුකරන PCR පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනාගත හැකිවේ. ඇන්ටිජන් පරීක්ෂාව මගින් වුවද රෝගය හඳුනාගත හැකි වුවත් PCR පරීක්ෂාව තරම් එය සංවේදී නොවන බැවින් සමහර රෝගීන් මග හැරීමට ඉඩ ඇත.
රෝගය පැතිරෙන්නේ කෙසේද?
කිවිසුම් යාමේදී, කතා කරන විට රෝගියකුගෙන් පිටවන කෙළ බිඳිති මඟින් මෙම රෝගය බෝ වන බව විශ්වාස කෙරේ. මෙම බිඳිති නීරෝගි කෙනකුගේ නාසයේ හෝ මුඛයේ තැවරීම මඟින් එම පුද්ගලයාගේ ශරීරයට වයිරසය ඇතුළු වේ. ඊට අමතරව රෝගියෙකුගේ කෙළ බිඳිති යම් පෘෂ්ඨයක පැවරීමෙන් පසුව එම ස්ථාන අල්ලා මුඛය, නාසය ඇල්ලීම මඟින් රෝගය බෝවේ.
මෙය වළකාගත හැකිද?
වළකා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එදිරිව නිපදවා ඇති එන්නත ලබාගැනීමයි. එන්නත ලබා ගැනීමට අමතරව Bනෑම බෝවන රෝගයකින් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියා මාර්ගවලින්ද යම් තරමකට ආරක්ෂා වීමට පුළුවනි.
* අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවල නොරැඳී ම
* නිතර දෙඅත් පිරිසුදුව තබා ගැනීම
* අනවශ්‍ය ලෙස මුහුණ, කට සහ නාසය ඇල්ලීමෙන් වැළකීම
* සැක සහිත රෝගීන් සමඟ ළඟ ඇසුරක් තබා නොගැනීම
* තමාට රෝග ලක්ෂණ ඇත්නම් සමාජයෙන් වෙන්වී සිටීම, කිවිසුම් යනවිට නිවැරදි ලෙස මුව ආවරණය කරගැනීම(වැලමිටෙන්), මාස්ක් එකක් පැලඳීම
ඉන්ෆ්ලුෙවන්සා සඳහා එන්නත
මේ සඳහා දැනට අජීවී එන්නත් වර්ග කිහිපයක් සහ සජීවී එන්නතක් (නාසයට ස්ප්‍රේ එකක් ලෙස) ලෝකයේ භාවිත කෙරේ. අජීවී එන්නත් වයස මාස හයේ සිට ඕනෑම කෙනකුට ලබා ගැනීමට හැකියි. ගර්භිණී කාන්තාවට ද මෙම අජීවී එන්නත ලබා දීම සුදුසු වේ. ගර්භිණී සමයේ ලබාදුන් එන්නත මඟින් අලුත උපන් බිලිඳා ද මාස කිහිපයක් යනතුරු ඉන්ෆ්ලුෙවන්සා රෝගයෙන් ආරක්ෂා වන බව සොයාගෙන ඇත. මෙම එන්නත දැනට ලබාගත හැක්කේ පෞද්ගලික අංශයේ රෝහල්වලින් පමණි.
ප්‍රතිකාර
අවදානම් සාධක නොමැති විට සාමාන්‍ය වයිරස් උණක් ලෙස සලකා ප්‍රතිකාර කෙරේ. එනම් පැරසිටමෝල් ලබාදීම විජලනය වළකාලීමට බොන දියර හෝ අවශ්‍ය නම් සේලයින් ලබාදීම, වමනයට ප්‍රතිකාර කෙරේ. විශේෂිත රෝගීන් හට ප්‍රතිවයිරස් ඖෂධ ලබා දේ. දරුණු ලෙස රෝගී වී සංකූලතා ඇති වූ විට ඒ ඒ සංකූලතා සඳහා අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුවේ.
මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ(Antibiotic) ලබා දීම සුදුසුද?
රෝගය ඇතිවූ විගස, එනම් ප්‍රාථමික අවස්ථාවේ දී මෙය වයිරස් රෝගයක් බැවින් ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් පලක් නැත. එමඟින් අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවීම සහ මුදල් වැයවීම වැය වීම පමණක් සිදු වේ. රෝගයේ සංකූලතාවලට එනම් නියුමෝනියාව හෝ වෙනත් ද්වීතීක ආසාදනයක් (බැක්ටීරියා) ඇතැයි වෛද්‍යවරයා සැක කරන්නේ නම් එවිට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වනු ඇත.
රෝහල්ගත කළ යුත්තේ කුමන රෝගීන් ද?
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති අවදානම් සහිත රෝගීන් විශේෂයෙන්ම ඔබේ දරුවා අවුරුදු 2ට වඩා අඩු රෝග ලක්ෂණ සහිත දරුවෙක් නම් අවදානම් කාණ්ඩයේ නොසිටින නමුත් ඉන්ෆ්ලුෙවන්සා රෝග ලක්ෂණ ඇති එමෙන්ම සංකූලතා ඇති බවට සැක කරන කෙරෙන රෝගීන් (නිව්මෝනියාව, විජලනයට ලක් වූ) රෝහල්ගත කළ යුතුවේ.
කුරුලු උණ(Avian flu) සහ උෘරු උණ(Swine flu) යනු මනුෂ්‍යයන් අතර පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා උණම ද?
නැත. මෙය සාමාන්‍ය ජනතාවට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව අඩුය. නමුත් කුරුල්ලන් සහ ඌරන් සමග කටයුතු කරන පිරිස්වලට ආසාදනය වීමට ඉඩකඩ තිබේ. මෙය එක් මිනිසකුගෙන් තවත් මිනිසෙකු ට පැතිරීමට ඇති ඉඩකඩ ද අඩු ය. කෙසේ නමුත් ආසාදනය වූ විට සමහර අවස්ථාවලදී දරුණු සංකූලතා ඇතිවිය හැකියි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
අරුණ පීරිස්