වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මදසරු බවින් මිදෙන්න IVF, IUI
ඔබ වයසින් වැඩෙත්ම ඔබට ගැබ් ගැනීමට ඇති ඉඩකඩ අඩුය. මෙයට හේතුව වයස සමඟ ඔබගේ ඩිම්බ ප්‍රමාණය සහ එහි ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස අඩු වීමයි. මීට අමතරව විවිධ රෝග ද දරුවාගේ වැඩීමට බලපෑම් කළ හැකියි. රීතියක් ලෙස අවුරුදු 30න් පසුව ගැබ් ගැනීමේ අවස්ථාව සෑම වසරකම 3%-5% කින් අඩු වේ. තවද 40ට වඩා වැඩි කාන්තාවන්ට මෙම අවස්ථාව ඊටත් වඩා අඩුය.
නමුත් අද වන විට වෛද්‍ය විද්‍යාවේ අධික දියුණුවත් සමඟ සෑම ගැටලුවකටම ප්‍රතිකාර ක්‍රමයක් තිබීම නොරහසකි. ගැබ් ගැනීම පමා වීමට හේතු, සාර්ථක ගර්භණී අනුපාතයක් ලබා ගැනීමට, ගබ්සාවීම් වලට, සෑම ආකාරයකම දරුඵල ප්‍රශ්නවලට වෛද්‍ය විද්‍යාව තුළින් සාර්ථක විසඳුම් ගෙන දී හමාරය. ප්‍රශාන්ත් IVF මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරිය වන ගීතා හරිප්‍රියා මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඉහත කී ගැටලුවලට ලබා දුන් පිළිතුරු සහ විසඳුමයි මේ.....
01) අපි IVF ප්‍රතිකාරය කරනා විට හොඳම ප්‍රෙග්නන්සි රේට් එකක් ලබා ගැනීමට අපිට හැකි වන්නේ කෙසේද?
අති නවීන ප්‍රතිකාර ක්‍රම නිසා අපට මෙය පුලුවන්. IVF යනු උසස් තාක්ෂණයයි. මෙමඟින් හොඳම කළලය නිර්මාණය කර ගැනීමට Best sperm, eggs ලෑස්ති කරගත යුතුයි. ඒ සඳහා හොඳම විටමින්ස් වර්ග, බෙහෙත් ලබා දීලා ඩිම්බ නිපදවිය හැකියි. ශුක්‍රාණු ලබා ගැනීමට ප්‍රථම ඔවුන්ට විටමින්ස් වර්ග දී, ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියා දී , ඩයට්, යෝගා ක්‍රියකාරකම් කියා දීලා පසුව තිබෙන ශුක්‍රාණුවලින් හොඳම ශුක්‍රාණු තෝරා ගැනීමට 'ICSI' ක්‍රමයට 400 ගුණයක් විශාල කර බලා sperm තෝරා ගන්නවා. 'IMSI' නම් ක්‍රමයට 7000 ගුණයක් විශාල කර බලා Top class sperm තෝරාගන්නවා. බබාව නිර්මාණය කළාට පසුව තබන Incubator එක හරිම වැදගත්. සාමාන්‍යයෙන් හැමෝම භාවිතා කරන්නෙ Open System එක. දිනපතා බබාව එළියට අරන් Microscope එකෙන් පරීක්ෂා කර ඇතුළින් තබනවා. මේකෙ සාර්ථකත්ව අනුපාතය 60% ක් වගෙයි වෙන්නෙ. ඉහළම තාක්ෂණය නම් Embryo scope. Embryo scope යනු ගෝලීය වශයෙන් උසස්ම Incubator එකක්. මානව ශරීරයක් වගේම තියෙන නිසාත් Embryo Quality එක ස්වාභාවික තත්ත්වයක් යටතේ වැඩෙන නිසාත් හොඳට තියෙනවා. ඒ තුළම In-Build Camera තියෙනවා. කැමරාව ඡායාරූප දිගටම ලබා ගන්නවා සහ Embryo එක වර්ධනය වන හැටි record කර ගන්නවා, සොෆ්ට්වෙයාර් එක මේ සේරම analyze කරලා හොඳම කළලය නිර්මාණය කර තෝරාදීම Embryo scope වේ. බබාව ඇතුළින් තබන විට සමහර අවස්ථාවලදී එම කටුව ඝනකමට තිබේ. බබා එළියට එන්න පරක්කු වුනොත් සාර්ථකත්ව අනුපාතය අඩුවෙනවා. මොකද ඒකෙ දින ගණන පහුවෙද්දි වයස වැඩිවෙනවා. ඉතින් ලේසර් කරලා කටුව සියුම් කළොත් ඒක හරිම වෙලාවට එළියට එනවා සහ Embryo Glue කියන ගම් එක තවරලා ඇතුළතින් තිබ්බොත් ඉක්මනින් ෆික්ස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ මුලු journey එකේදිම අපෙන් උදව්වක් වශයෙන් best baby සිලෙක්ට් කරලා ෆික්සිං එකේ දියුණුවක් ලබා දුන්නොත් ප්‍රෙග්නන්සි රේට් එක 90% දක්වා රැගෙන යන්න පුලුවන්. එමෙන්ම ගබ්සා වීම 10% දක්වා අඩු කරගන්න පුලුවන්. සමහර අවස්ථාවලදී සමහර අයට ගර්භාෂයේ ප්‍රශ්න තියෙන්න පුලුවන්. මේ වගේ ප්‍රශ්න තියෙන අය PGD එනම් ලේසර් කරලා cell එකක් අරන් බලලා මොන එම්බ්රියෝ එකද නෝර්මල් තියෙන්නෙ බලලා best embryo එක සිලෙක්ට් කරලා අර නෝර්මල් එම්බ්රියෝ එක විතරක් තැන්පත් කළොත් ඒකෙන් ප්‍රෙග්නන්සි රේට් එක හොඳටම ලැබෙනවා. අපි සෑම අවස්ථාවකදීම එම්බ්රියෝ සිලෙක්ට් කරනවට වඩා අපි බෙස්ට් එම්බ්රියෝ බයෝප්සි තෝරගෙන ඒක මුලින්ම තැන්පත් කළොත් ඉක්මනින් ගර්භණී වෙන්න අවස්ථාව තියෙනවා. සමහර අයට හරියට වෙලාවට ඒ එම්බ්රියෝ එක ඇතුළතින් තියන්න ඕනි. Windows implantation කියන්නෙ ඒක තමයි. බෙස්ට් ටයිම්, ජෙනෙටිකලි බෙස්ට් ටයිම් බබාව ලැබෙන්න. ඒක ERA ටෙස්ට් එකෙන් සොයාගෙන හරිම වෙලාවට ඇතුළින් තිබ්බොත් ගොඩක් අවස්ථාවල අසාර්ථක වෙන අයටත් ප්‍රෙග්නන්සි රේට් එක මේකෙන් වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. මේ සෑම තාක්ෂණයක්ම භාවිතා කළොත් අඩුම තරමින් 80% සිට 82% දක්වා ප්‍රෙග්නන්සි රේට් එකක් අපිට දෙන්න පුලුවන්.
02) කාන්තාවන්ට ඩිම්බ නිෂ්පාදනය අඩුයි. මෙහෙම වෙන්න හේතුව කුමක්ද?
මේකට හේතුව වශයෙන් එයාලගෙ ජීවන රටාව, මානසික පීඩනය, ක්ෂණික ආහාර පාන ගැනීම මේ දේවල් වැදගත් හේතු වෙනවා. නමුත් මේවට වඩා ලොකුම හේතුව වෙන්නෙ ජානමය හේතුයි. ජානමය හේතු නිසා ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වෙනවා. මේ නිසා තයිරොයිඩ් හෝර්මෝනයට, ඩිම්බ නිෂ්පාදනයට බාධා වෙනවා. දියවැඩියාවත් ඇති වෙනවා. Anti-Mullein Hormone යනු ලේ වලින් පරීක්ෂා කරන හෝර්මෝනයකි. Astral Follicle Count යනු ඩිම්බ ප්‍රමාණය මැනීමයි. ඉතින් අපි ඩිම්බ වර්ධනය පරීක්ෂා කර බලන්නෙ AMH සහ Anti-Follicle Count මඟිනුයි. AMH value එක 3 mg/ml සහ Astral Follicle Count එක දකුණු ඩිම්බ කෝෂයේ සහ වම් ඩිම්බ කෝෂයේ එකතුව 15 සිට 18 දක්වා තිබිය යුතුයි. මේ තමයි නෝර්මල් කවුන්ට් එක. පසු ගිය කාලයේ අවුරුදු 35න් ඉහළ අයට තමයි ඩිම්බ නිෂ්පාදනය අඩු වුණේ. නමුත් මේ පසුගිය අවුරුදු 10 තුළ බැලුවොත් වයස අවුරුදු 26, 27 කාන්තාවන්ට ඩිම්බ නිෂ්පාදනය ගොඩක් අඩුවෙලා. අපි එයාලට කිව්වත් එයාල පිළිගන්නෑ නිෂ්පාදනය අඩු වෙලා කියලා. විවාහ වී අවුරුද්දක් ගත වී අපි ඒක එයාලට කිව්වොත් ඒක එයාලට ලොකු දුක්මුසු පුවතක් වෙනවා. ඉතින් අපි මේක වළක්වගන්න හැදුවත් ඒක කිරීමට කිසිම ක්‍රමයක් නැහැ. එම නිසා විවාහ වූ විගසම කල් නොයවා පළමු ගර්භණීභාවය ලබා ගැනීමට උත්සහ කළ යුතුයි. ඒක තමයි අපිට මේ සඳහා කළ හැකි හොඳම ක්‍රියාදාමය. වෙන ආකාරයකට ප්‍රශ්න ආවොත් අපි කොහොමද හැන්ඩ්ල් කරන්නෙ කියලා ඔයාලා ඇහුවොත් AMH value එක 4. 0-5. 0 ට තිබුණොත් අපි කෙලින්ම ඩිම්බ collect කරලා Test Tube Baby ක්‍රමයට කළලය නිර්මාණය කර එවෙලෙම තැන්පත් කිරීම කරන්න පුළුවන්. නැතිනම් ෆ්‍රීසර් එකේ තියලා එයාලට කවදද ගර්භණීභාවයට පත් වෙන්න ඕනි කියලා හිතෙන දවසට තැන්පත් කරන්න පුළුවන්. නමුත් ගොඩක්ම අඩුවෙන් ඩිම්බ තියෙන අයට අපි stem cell, PRP Therapy කරනවා. Stem Cell කියන්නේ Cell බෑන්ක් එකෙන් ගන්න දෙයක්. මේක ඇවිත් රිසවර් ලෙවල් එකට කරන්න පුළුවන්. PRP කියන්නේ එයාලගේ රුධිරයෙන් රුධිර පට්ටිකා වෙනම අරන් වැඩීමට අවශ්‍ය සාධක එයට එකතු කරලා PRP, Stem Cell දෙකම අරන් එය laparoscopy මාර්ගයෙන් ඩිම්බ කෝෂයට inject කරල දවස් හතලිස් පහකට පස්සේ AMH, Astral Follicle Count පරික්ෂා කරලා කොතරම් දුරට දියුණුවක් ලබනවද බලනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වයස අවුරුදු 35 ට අඩු අයට හොඳ response එකක් තියෙනවා වගේම වයස 50ට අඩු කාන්තාවන්ටත් හොඳ response එකත් තියෙනවා. ඒ වගේම ඩිම්බ නිෂ්පාදනය අඩුයි, ඩිම්බ අඩුයි, ඩෝනර් එග් වලට යන්න වෙයි කියපු අයට ඔවුන්ගේම ඩිම්බවලින් දරුවෙක් ලබාගන්න පුළුවන් කියන එක එයාලට ලොකු සතුටක්. Genetically එයාලගේ වයස අඩුයි නම් ඒ ඩිම්බ සාමාන්‍ය විදියට තියෙනවා. ඩිම්බ තුනක් ආවත් බබාලා දෙන්නෙක්වත් ලැබෙන එක එයාලට ලොකු ප්‍රීතියක්. මේ වගේ අපි වයස්ගත වෙන්න වෙන්නම ඩිම්බ නිෂ්පාදනය අඩාල වෙනවා. මේ වගේ කාන්තාවන්ට ස්කෑන් කරලා බලලා යෝනි මාර්ගයෙන් ඩිම්බ කෝෂයට ඉන්ජෙක්ට් කරනවා. මේකෙදි අපිට laparoscopy එකේ කරන තරම්ම පැහැදිලිව පෙනෙන්නේ නෑ. නමුත් මේකත් හොඳ technology එකක් තමයි. ඉතින් සෙකන්ඩ් ටයිම් කරද්දි අපිට මේ විදියට කරන්න පුළුවන්. සෙකන්ඩ් ටයිම් කරලා improvement එකක් තිබුණොත් අපිට Egg collection එහෙකට යන්න පුළුවන්. ඩිම්බ අඩු වුණොත් ඒ ගැන දුක් වෙන්න එපා. ඒවාට ඇවිත් ප්‍රතිකාර කිරීමේ ක්‍රියාමාර්ග තියෙනවා. මේ වගේ technology අපි පාවිච්චි කරලා එක පාරක් Egg Collection නැති වුනත් second time egg collect කරලා සේරම eggs එකතු කරල කළලය නිර්මාණය කරලා ගර්භාෂය තුළ තබන්න පුළුවන්. ඉතින් අති නවීන ප්‍රතිකාර ක්‍රම අතරින් මෙයත් එක් ප්‍රතිකාර ක්‍රමයක්.
03) දැන් තිබෙන නවීන ප්‍රතිකාර ක්‍රම වල eggs collections, sperm collections කියලා ගොඩක් දේවල් කරනවා. මෙච්චර දේවල් කරලා තිබිලත් ඇයි නෙගෙටිව් කියන දේවල් වෙන්නේ ?
ඔව් ගොඩක්ම විශේෂ කාරණයක් මේක. අපි මුලින්ම රෝගීන්ට උපදෙස් දීමේදී IVF ප්‍රතිකාරය කියන දේ සියයට සියයක් සාර්ථක නොවන බව කියලමයි පටන් ගන්නේ. සාර්ථකත්ව අනුපාතය එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. 35% සිට 87% වෙනකම් වෙන්න අවස්ථාව තියෙනවා. මේක ඇවිත් අපි කොතරම් නවීන තාක්ෂණ ක්‍රමවේදයන් යොදාගන්නවද ඒ අනුව සාර්ථකත්ව අනුපාතය වෙනස් වෙනවා.
අංක එක ඇවිත් ඇයි කළලය ලයිනිං එකේ ඇලිලා නැත්තෙ. ඒ සඳහා අපි ඒක නියම වෙලාවට තැන්පත් කළා ද කියන දේ බලන්න ඕනි. මේක බැලීමට අතිනවීන ක්‍රමය තමයි Endometrial receptivity array. ERA ක්‍රමයේදී අපි කරන්නේ බබාව ඇතුළේ තැන්පත් නොකර මුලින් එන්ඩොමෙට්‍රියල් ලයිනිං සාම්පල් එකක් අරන් අපි ඒක genetic testing වලට යවනවා. මේ ටෙස්ට් එකට තමයි Endometrial receptivity array කියන්නේ. ඇයි අපි මේ ටෙස්ට් එක කරන්නේ. ඒකට හේතුව තමයි සමහර අයට windows of implantation ඒ කිව්වේ බබාව receive කරන්න මොකක්ද best time එක කියන එකයි. normally හැමෝටම ඇවිත් දවස් 18, 19 සිට 25 දක්වා open වෙලා තියෙනවා. ඒත් සමහර අයට ටික වෙලාවක් වගේ තමයි receive කරගන්න පුළුවන්. ඉතින් සමහර අයට අනිත් සේරම දේවල් හරියට තිබිලා නෙගටිව් වෙන අය මේකත් එක හේතුවක් ද හිතන නිසා තමයි අපි මේ ටෙස්ට් එක කරන්නේ. අපි එන්ඩොමෙට්‍රියල් ලයිනිං සාම්පලයක් අරන් genetic ටෙස්ට් එකට යවනවා. ඊට පසු එයාලට progesterone injection එක දීලා පැය 120ක් පැය 130ක් මේ වගේ කාලයක් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි මේක open වෙන්නේ. පසුව සුදුසු කාලය සොයා කළලය ගර්භාෂයේ තැන්පත් කිරීම ERA ලෙස හැඳින්වේ. ඊළඟට බැලුවොත් Embryo biopsy for pre implantation genetic testing කියන ප්‍රතිකාරය නැවත නැවතත් ගර්භනී වීම අසාර්ථක වන කාන්තාවන්ට, ගබ්සා වීම් වන අයට, IUI, IVF අසාර්ථක වන අයට, ඌනතා සහිත දරුවන් උපදින අයට මේ ක්‍රමය හරහා එක Cell එකක් අරන් මෙවැනි ප්‍රශ්න තිබේදැයි සොයා ගන්න පුළුවන්. විද්‍යාව කොතරම් දියුණු වෙලා තියෙනවද කියනවනම් කළලය ගර්භාෂය තුළ තැන්පත් කිරීමටත් ප්‍රථම ඒකෙ තිබෙන අඩුපාඩු, ඌනතා මොනවාද බලා හොඳම කළලයක් තෝරා තැන්පත් කිරීම සිදු කරන්න පුළුවන්. නමුත් මෙයට පෙර අවුරුදුවල දරුවා වැඩී මාස තුනක් ගිය පසු තමයි දරුවාගේ අඩුපාඩු දැනගන්න පුළුවන් නැතිනම් මාස පහක් ගිය පසු. එයටත් පෙර කාලයේ කිසිම පරීක්ෂණයක් නැහැ දරුවා ඉපදුණු පසුවයි දැන ගන්න පුළුවන් දරුවාට තිබෙන අඩුපාඩු. නමුත් අද වන විට Pre implantation genetic test එකෙන් අපි කළලය ඇතුළේ තැන්පත් කිරීමට ප්‍රථම අඩුපාඩු සොයා ගන්නට හැකියාව ලැබී තිබේ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබෙන අය මේ technique එක භාවිතා කළොත් success rate එකත් හොඳට තියේවි, බබාත් normally හම්බවේවි.