මෙට්ෆොමින් (metformin) ගන්න බිය වන්න එපා

අගෝස්තු 21, 2023

වසර සියයක පරීක්ෂණයක ප්‍රතිඵලයක් වූ මෙට්ෆොමින් (metformin) ගන්න බිය වන්න එපා. දියවැඩියා රෝගයේ ඇතිවන සංකූලතා මඟහරවා ගන්න හොඳම ඖෂධය මෙට්ෆොමින් මේ වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 450කට දියවැඩියා රෝගය වැලඳී තිබේ.

ඊට අමතරව අපේ රටේ ජනගහනයෙන් 10%ක පිරිසක් දියවැඩියා රෝගීන්. රටේ ජනතාවගේ සෞඛ්‍යය පිරිහීමට මේක මොනතරම් ප්‍රශ්නයක් ද කියලා ඔබ මේ වනවිටත් අත්දැක ඇති. දියවැඩියා රෝගය හඳුනාගැනීම හිතන තරම් ලේසිත් නැහැ. 50% දෙනකුට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒත් රෝගය උත්සන්න වූ අවස්ථාවකදී නිතර පිපාස ගතිය, කෑම රුචිය වැඩිවීම, සිරුරේ බර අඩු වීම, මුත්‍රා බර නිතර වැඩි වීම වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. එවැනි අවස්ථාවකදී වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසිය යුතුයි. මෙහිදී පැය 8 - 10 ත් අතර නිරාහාරව රුධිර පරීක්ෂණයක් සිදු කරනු ලබයි. මිලිග්‍රෑම් ඩෙසි ලීටර් අගය 126 ට වඩා වැඩි නම් හෝ HB1Cත් අතර 6 - 5 අගයට වඩා වැඩි නම් ඔබට දියවැඩියා රෝගය වැලඳී ඇති බව තහවුරු කෙරේ. කෙසේ හෝ රෝගය හඳුනා ගැනීමෙන් අනතුරුව ඔබ කළ යුත්තේ නිසි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම. ඒත් සමඟම දවසකට පැය 1/2ක් වත් ව්‍යායාම සිදු කිරීමයි. අප රෝග පාලනයකර නොගතහොත් කුඩා රුධිර වාහිනීවල ගැටලු මතු වේ. හෘදයාබාධ, පාදවල තුවාල, වකුගඩු අක්‍රමිකතා, ලිංගික බෙලහීනතාව ආඝාතය, ඇස්වල සංකූලතා ඇති වීමට ඉඩ ඇත. එබැවින් රුධිර සීනි මට්ටම ප්‍රශස්ත අයුරින් පවත්වා ගැනීම වැදගත් වේ. මේ සඳහා ලෝකයම පිළිගත් ඖෂධය වන්නේ මෙට්ෆොමින්ය. ( metformin) මෙට්ෆොමින් (metformin) ඇතුළු දියවැඩියා රෝගයට ලබාදෙන අනෙකුත් ගිලින පෙති ලබා දෙන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට. පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් නිර්දේශ කරනු ලබනවා.

වෛද්‍යවරු නිර්දේශ කරන මේ මෙට්ෆොමින් ඖෂධයට දේහ බර අඩු වෙනවා යැයි සමාජ කසුකුසුවක් තිබේ. මේක සත්‍ය කියමනක්ද? නැත. එලෙසින් මෙම ඖෂධය භාවිත කළ පමණින්ම ඔබේ සිරුර කෘෂ වන්නේ ද නැත. මෙට්ෆොමින් ඖෂධය ලබා ගැනීමෙන් පසු යාන්ත්‍රණ කිහිපයක් ඔස්සේ ශරීරයේ ක්‍රියාත්මක වී රුධිරගත සීනි මට්ටම අඩු වේ.

දියවැඩියා රෝගියකු තම ආහාර රටාව වෙනස්කර ගැනීම, ව්‍යායාම්වල නිරත වීම වැනි රටාවකට අනුගත වීම සුදුසුයි. ඒවා පිළිපැදීමේදී යම් තරමකට ශරීරය කෙට්ටු වීමක් සිදු වේ. දියවැඩියා රෝගය සඳහා භාවිත කරන මෙට්ෆ්‍රොමින් ඖෂධයට ශරීරය කෙට්ටු වෙනවා යැයි සමාජ පිළිගැනීම ඇති වන්නේ එනිසයි.

සමහර ඖෂධවලින් සිරුරේ ඇති මේද ප්‍රමාණය අඩු කරනවා. එම මේද තට්ටුව අඩු වීමෙන් සිරුර කෙට්ටු වෙනවා. එහෙම නැතිනම් මෙට්ෆොමින් ඖෂධය භාවිත කිරීමෙන් සිරුර කෙට්ටු වෙනවා යැයි කීම වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත නොහැකියි.

මෙට්ෆොමින් ගැනීමෙන් සිරුරට කිසිදු අතුරු ආබාධයක් ඇතිවන්නේ නැති බවට වසර 100 කට ඉහතදී පටන් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවකින් තහවුරු කරගෙන තිබේ. වකුගඩු පරෙස්සම් කරන ඖෂධයක් ලෙස තමයි මෙය සැලකෙන්නේ. කුඩා ළමුන්ට, ගැබිනි මාතාවන්ට, කිරිදෙන මවුවරුන්ට පවා නිර්දේශ කරන අවශ්‍ය දෙයක් බැවින් කිසිදු බියකින් සැකයකින් තොරව මෙට්ෆොමින් ඖෂධය භාවිත කරන්න පුළුවන්.

 

 

උපදෙස්:-

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

(හෝමගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී)