ඔබත් අධික ලෙස බිස්කට් ආහාරයට ගන්නා අයෙක්ද...?

නැත්නම් ඔබේ පහසුව තකා ඔබේ දරුවාට බිස්කට් ලබා දෙනවාද....?
අගෝස්තු 28, 2023

 

බිස්කට් .........,

ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය කෑමක්,

පහසුව සඳහා ආහාරයක් ලෙස යොදා ගත්තද එය පුරුද්දක් බවට පත්වී..... ඇබ්බැහිවන තරමටම වර්ධනය වෙන ආකාරය ගැන ඔබටම තේරුණේ නෑ....නේද?

බිස්කට් නරක කෑමක් ද.....?

කොහොමද එහෙම වෙන්නෙ,

අප සිහි තබා ගත යුතු කරුණක් නම්, බොහෝමයක් බිස්කට් වර්ගවල අඩංගු ද්‍රව්‍ය (ingredients) සමාන බව.

පෝෂ්‍ය ගුණයෙන් ඉහළ සංඝටක අන්තර්ගත විය හැක්කේ ඉතාම කලාතුරකින් බවත්.

 

මොනවද බිස්කට්වල තියෙන්නෙ........?

* පිරිපහදු කරන ලද තිරිඟු පිටි (Refined wheat flour)මෙසේ කිරීම හේතුවෙන් තන්තුමය කොටස් විනාශ වේ.

මෙම ක්‍රියාවලියේදී විටමින් වර්ග ද විනාශ වීම නිසා ආහාර ජීර්ණයට බලපෑම් ඇති කරයි.

එනිසා ...

මලබද්ධය (constipation) 

අක්‍රමවත් ආන්ත්‍රික චලන ( irregular bowel movements) ඇතිවී , සිරුරේ බර වැඩිවීමට හේතු වේ.

* හයිඩ්‍රජනීකෘත මේදය (hydrogenated fat- type of trans fat)එළවළු තෙල් , හයිඩ්‍රජන් සමඟ රසායන ප්‍රතික්‍රියාවලට ලක්කර ඝන බවට පත්කර ගනියි.

(හයිඩ්‍රජනීකෘත මේදය සාදන අන්දම පිළිබඳව දළ අදහසක්) මේවා බිස්කට්වල කල් පැවැත්ම, ජීව කාලය (shelf life) වැඩි කිරීමට යොදා ගනී.

මෙයින් සෑදෙන ට්‍රාන්ස් මේදය නීරෝගී පුද්ගලයන්ගේ මතකය අඩාල කිරීමට කිසියම් වූ බලපෑමක් සිදු කරන බව සනාත වී ඇත.

ට්‍රාන්ස් මේදය නිසා සිරුරේ අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ යා හැකිය.

මෙය දියවැඩියාව හෘද රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි කිරීමකි.

 

 

* සීනි (sugar)

බිස්කට්වල අඩු වැඩි ප්‍රමාණවලින් සීනි අඩංගු වේ. මේ හේතුවෙන් ස්ථුලතාවය, දියවැඩියාව .....

වැනි තත්ත්වවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

- රුධිර සීනි මට්ටම එකවර වැඩි වීමටද මෙය සෘජු ලෙසම බලපායි. (රුධිරයේ ඉන්සියුලින් මට්ටම බිඳවැටීම) බිස්කට්වල අඩංගු සංයුතිය සැලකීමේදී ....

ඒවා කැලරි බහුල නමුත් පෝෂණ ගුණයෙන් මඳ ආහාරයක් බව ඉතාම හොඳින් පැහැදිලි වේ.

තන්තු ලබා ගැනීමට සුදුසු ආහාරයක් නොවේ....

. සීනි අධික , පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් වන නිසා ඕනෑවට වඩා බිස්කට් ආහාරයට ගැනීම ගැටලු රැසකට හේතුවේ.

අධික වෙහෙසකර අවස්ථාවකට පසු, (ක්‍රීඩා කිරීමෙන් පසු වැනි) ශරීරයට අවශ්‍ය වන්නේ පෝෂණීය ආහාරයක් බැවින්, බිස්කට් ආහාරයට ගැනීම ඉතාම අහිතකර වේ.

එහෙනම් ඔබේ මාසික බඩු මල්ලට, නැත්තම් හවසට ගෙදර යනවිට දරුවන්ට ගෙනියන බිස්කට් පැකට් එක ගැන තව සැරයක් හිතුවොත් හොඳයි නේද