ඇඟ සිසිල් නොවුණොත් දරු පල හීනයක්

සැප්තැම්බර් 11, 2023

 

විවාහ වූ බොහෝ අඹුසැමියන්ගේ ඊළඟ සිහිනය වන්නේ දරුවෙක්. බොහෝ කල් මඟ බැලීම් සහ බලාපොරොත්තු ඇති කරගැනීම් සුන්ව යද්දී දරුවෙක් අවශ්‍ය ඕනෑම ගැහැනියක් මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් දරුවන් ප්‍රමාද ඔබ කම්පනයට පත් වී බලාපොරොත්තු අත හැරිය යුතු නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

 

ප්‍රජනනය ගත් විට එන සත්ත්ව සංඛ යන කාණ්ඩ දෙකටම පොදුය. ලෝකය තුළ මිනිසාට ප්‍රධාන තැනක් හිමි වන අතර, මිනිසාගේ ඉදිරි පැවැත්ම තහවුරු වන්නේ මිනිස් ප්‍රජනනය තුළින් බිහිවන දරුවන් මඟිනි. මෙම මිනිස් ප්‍රජනන කාර්යය වෙනත් සත්ත්වයින්ගේ ප්‍රජනය සමඟ වෙනස් වන්නේ එය මිනිසාගේ කායික හා මානසික සුසංයෝජනයක් තුළින් සිදුවන අති සංකීර්ණ ක්‍රියාදාමයක් නිසාවෙනි. මිනිසාගේ මෙම ප්‍රජනන කාර්යය ආයුර්වේදයේ දැක්වෙන්නේ ශරීරය දරා සිටින ප්‍රධාන ස්ථම්භ තුනෙන් එකක් ලෙසටය. මිනිසාගේ ජීවිතය පවත්වා ගෙන යාමට ඉවහල් වන අනෙකුත් ස්ථම්භ වන ආහාර සහ නින්ද වගේම මෛථුන සේචනය ද අත්‍යාවශ්‍ය කාරණයක් ලෙසට ආයුර්වේදයේ දැක්වෙන්නේ එතරම්ම මිනිසාගේ ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බැවිනි.

මේ ආකාරයට මිනිස් ප්‍රජනනයේ සිට තව ජනිතයක බිහි විම දක්වා ක්‍රියාකාරී වන මිනිස් ශරීරය තුළ සිදු වන්නා වූ ජෛව විද්‍යාත්මක රසායනික ක්‍රියාවලින් අතරින් එකක හෝ යම් අඩුපාඩුවක් සිදු වූ විට නව ජීවියකු බිහි වන්නේ නැත.

නව ජීවියකු බිහිවීම සඳහා ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය.

1.ඩිම්භයක් (ස්ත්‍රී බීජයක්) පරිණත භාවයට පත් වීම

2.නීරෝගි පුරුෂ බීජයක් (ශුක්‍රාණුවක්) සමඟ එකතු වීම

3.පැලෝපීය නාළවල අවහිරතා නොමැති බව

4.ස්ත්‍රී පුරුෂ බීජ දෙකේ සුසංයෝගය වූ යුක්තානුව තැන්පත් වීමට සුදුසු ලෙස ගර්භාෂික අභ්‍යන්තරාවරණය ඝනකම් ලෙස සෑදී තිබීම

5.යුක්තානුවේ සෛල බෙදීම නිවැරැදි වීම

මෑත කාලයේ දරු ඵල නොමැති කාන්තාවන්ගේ ප්‍රධානම ගැටලුවක් අප හඳුනාගෙන ඇත්තේ මෙම ඩිම්භ නිසි කලට මේරීම ප්‍රමාද වීමයි. මෙයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ එම ස්ත්‍රී බීජවලට පෝෂණය නොමැති වීමයි. පෝෂණය නොමැති කල බීජ මේරීම සිදු නොවේ. නිදසුනක් ලෙස නොමේරූ බීජ වලින් පැළයක් හට නොගන්නාක් මෙනි.

*පුරුෂ බීජ රෝගී වීම සහ අලෝපීය නාළ අවහිර වීම

දරුවකු පිළිසිඳ ගැනීම සඳහා අඹු - සැමි සබඳතාවය පමණක් ප්‍රමාණවත් නොවේ. ඉන් අනතුරුව කාන්තා ශරීරය තුළ පිහිටි ප්‍රජනන පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය භෞතික සහ රසායනික වශයෙන් නිවැරැදි විය යුතුය. ඒ සඳහා පැලෝපීය නාළ අවහිරතාවයක් නොමැතිව තිිබිය යුතුය. තවද පුරුෂ බීජය ද ඉතාම නීරෝගි වියයුතු වන්නේ එම බීජයට පිහිනා ගොස් ඩිම්බයක් සමඟ එකතු වීමට තරම් ශක්තිමත්තාවයක් තිබිය යුතු බැවිනි. රෝගී ශුක්‍රානුවකට එම හැකියාව නොමැති අතර, පුරුෂයා දියවැඩියා රෝගී තත්ත්වයකින් පෙෙළයි නම් බොහෝ විට මේරූ ඩිම්භයක් සමඟ ශුකානුවට එකතු විය නොහැකි වේ.

එවිට මාස් ශුද්ධිය සමඟ ඩිම්භය ද, රෝගී ශුක්‍රානුද ස්ත්‍රී ශරීරයෙන් බැහැර වේ.

පර්භාෂික බිත්තියේ දෝෂ සහගත වීම ඉහත පැලෝපීය නාළ තුළ දී එකට එක් වූ ස්ත්‍රී / පුරුෂ බීජ (යුක්තානුව) ඉන් අනතුරුව ගර්භාෂය තුළට පැමිණ තැන්පත් වීමට නම් ගර්භාෂික ඇතුළු ආවරණය මනා ලෙස ඝනකම් වී සැදී තිබිය යුතුය. මෙය හෝමෝන ක්‍රියාකාරිත්වය මඟින් මසකට වතාවක් සිදුවන්නකි.

තවත් කරුණක් නම් මනා පෝෂණයක් නොමැති වීමයි. ගර්භාෂික ආවරණය අවශ්‍ය ඝනකමින් යුක්තව සැදීමට අත්‍යවශ්‍ය සාධකයක් වූ මෙම පෝෂණය ඉහත කී පරිදි කිසිදු අවහිරතාවයකින් තොරව ගර්භාෂය වෙතට ගලා ඒම සිදුවිය යුතුය. එසේ නැතහොත් කොතරම් අධි පෝෂණය සහිත ආහාර ගත්ත ද ගර්භාෂ බිත්තිය අවශ්‍ය ඝනකමින් යුක්තව වර්ධනය නොවිය හැකිය. බීජ කොතරම් සරු වුවද පස නීසරු නම් බීජ පැළ නොවන්නාක් මෙන්ය. යුක්තානුවේ සෛල බෙදීම දෝෂ සහිත වීම.

මනා ලෙස ගර්භාෂ බිත්තියේ තැන්පත් වූ යුක්තානුව ඉන් අනතුරුව ජනිතයකු නිර්මාණය කිරීම සඳහා වන සෛල බෙදීමේ ක්‍රියාවලිය නිවැරැදි විය යුතුය.

ජානමය හේතුන් වන වර්ණ දේහ නොගැළපීම හේතු කොට මෙම ක්‍රියාවලිය ඇතැම් විට සිදු නොවේ. නැතහොත් විකෘති සහගතව සිදුවේ. එවිට නොයෙක් අඩුපාඩුකම් සහිත දරුවන් බිහිවීම හෝ මළ දරු උපත් ඇතිවීම හෝ නව ජනිතයකු නිර්මාණය නොවී ගබ්සා වීම් ආදිය සිදුවේ.

දරුඵල නොමැති බව සඳහා ඉතා පැහැදිලි ලෙසම දෝෂය හඳුනාගෙන ඒ අනුව සකස් විය යුත්තකි. එනම් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ දෝෂය ඇත්තේ කිනම් ස්ථානයක ද යන්න මත අතිකාරය තීරණය වෙයි. ඒ අනුව කාන්තාවට සහ පුරුෂයාට කෙරෙන පෝෂණ ප්‍රතිකාරය, හෝර්මෝන ප්‍රතිකාරය, රසායන සහ වර්ගීකරණ ප්‍රතිකාරය ලෙස කොටස් තුනකට බෙදා අභ්‍යන්තර ඖෂධ යෙදීම සිදුවේ.

ඒ සඳහා කෂාය වර්ග, ගුලි, කල්ක, මුර්ණ, ඝෘත, රසායන, මෝදක වර්ග ලෙස නිෂ්පාදිත ඖෂධ වර්ග ගණනාවක් ලබාදෙනු ලබයි. මෙම ප්‍රතිකාරය ලබාගන්නා මද සරු බව සහිත කාන්තාවන් නිවැරැදිව වෛද්‍ය උපදෙස් පිළිපැදීම මඟින් ඉතා කෙටි කලකින් මාතෘ පදවිය ලබන බව ගත වූ වසර විසිහයක වෛද්‍ය වෘත්තිය තුළ අප අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන සිටිමු.

ශරීරයේ පවතින උෂ්ණ ගතිය අඩුකර ගැනීම සඳහා කළ යුතු පිළියම් ශරීරයේ උෂ්ණය යනු පිත් තත්ත්වය වැඩි වීමයි. ඇඟ නිවීම යනු පිත අඩු කිරීම සඳහා කළ යුතු පිළියම් ය. ඒ සඳහා කලින්ම කළ යුතු වන්නේ ශරීරයේ උෂ්ණය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පිට කිරීම සඳහා කටයුතු යෙදීමයි. බාහිර වශයෙන් ඇඟ නිවීම සඳහා කළ යුතු වන්නේ දිනපතා ස්නානය කිරීමත් දිනකට දෙවරක් ඇඟ සේදීමත්ය. කරවටක් හෝ ඉණ වටක් ජලයේ තුළ නෑම යහපත් බව ආයුර්වේදයේ සඳහන් වේ. වර්තමානයේ වැඩි පිරිසකට එසේ ස්නානය කිරීම අපහසු නිසා අඩු තරමින් විනාඩි 15ක්වත් ෂවර් එක යට සිටිමින් හිසට නොකඩවා ජලය වැටීමට සැලසීමෙන් ස්නානය කළ යුතුය. රාත්‍රී නින්දට පෙර අනිවාර්යයෙන්ම ඇඟ සේදීම කළ යුතුය. අපගේ ශරීරයේ උෂ්ණත්වය වන්නේ සම හරහා බැවින් දිනපතා සමේ තෙත්කාරක ඖෂධ (ඕධඤර ඹ්ධබභඪධද) ගැල්විය යුතුය. එම ඖෂධ ආලේප මඟින් ශරීරයේ උෂ්ණත්වය සමෙන් උරා ගනී. මෙම ආලේපන රසායන ද්‍රව්‍ය යොදා නිපදවන ලද ඒවා නොවිය යුතුය.

අභ්‍යන්තර වශයෙන් ඇඟ නිවීම සඳහා ඖෂධ මෙන්ම ආහාර පාන වර්ග ද ගත යුතුය. ඒ සඳහා මුත්‍රාකාරක සහ මෘදු විරේචනාදි ඖෂධ ගන්නා අතර ආහාර වශයෙන් මුං ඇට, මී කිරි, යෝගට්, කැකිරි, පිපිඤ්ඤා, පතෝල සහ වැටකොළු වැනි එළවළු වර්ග, කොමඩු සහ ගස්ලබු ආදී පලතුරු වර්ග, පොල්පලා සහ නීරමුල්ලිය සතියකට දින 2ක් පමණ තම්බා බීම, සීනි කැකිරි සහ කොමඩු ගස්ලබා යුෂ සාදා පානය කිරීම, විශේෂයෙන් ඇඟ උෂ්ණ අයට මෝරු සාදා බීම සහ දිනපතා උදේට දියබත් කෑම ඉතාම ගුණදායකය.

මෙම කුමන පිළියම් කළ ද ශරීරයේ උෂ්ණය (පිත) සාමාන්‍ය තත්ත්වයට ගැනීමට නම් අනිවාර්යෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය. නැතහොත් ආහාර මඟින් තාවකාලිකව පාලනය වන පිත නැවත නැවතත් වැඩිවීම සිදුවන අතර පිත වැඩිවීමට හේතුවන රෝග නිදානයට ප්‍රතිකාර කළ යුතුය.

 

උපදෙස් - වෛද්‍ය ජයා