වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගංවතුර යට සැඟවුණු මී උණ මාරයා
නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟින් ඇළ දොළ ගංගා පිටාර ගැලීම, කාණු පද්ධති අවහිර වීමත් සමඟින් වතුර බැස නොයෑම වැනි ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවේ. මේ නිසාම වැස්ස සහ ගංවතුර යනු එකකට එකක් බද්ධ වූ දෙයක් බවට පත්ව තිබේ. ගංවතුරත් සමඟින් බෝවන රෝග රැසක් ව්‍යාප්ත වේ. මී උණ හෙවත් ලැප්ටෝස්පයිරෝසීස් ඉන් ප්‍රධානම රෝගයකි.
මොකක්ද මේ ලෙප්ටෝස්පයිරෝසිස්?
මෙය මීයන් ඇතුළු ඇතැම් ක්ෂීරපායි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. වෙල් උණ, පතල් උණ යනුවෙන් හැඳින්වෙන්නේ ද මේ තත්ත්වයයි. අපේ රටේ මෙම රෝගය බෝ කිරීමට ඉවහල්වන සත්ත්වයා මීයා ලෙස හඳුනාගෙන තිබේ.
එසේම ලෝකයේ සහ අර්ධ නිවර්තන රටවලින් මී උණ බහුලව වාර්තා වේ. මෙය බැක්ටීරියාවක් නිසා බෝවන රෝගයකි. වයිරස් රෝගයකට වඩා බැක්ටීරියාවක් නිසා පැතිරෙන රෝග තත්ත්වයක් පිළිබඳ සැහැල්ලුවෙන් සිතිය නොහැකි වේ.
කොහොමද මේ උණ බෝ වන්නේ?
මීයන්ගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍රා මඟින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කාණු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි. ශරීරයේ කැපීම් සීරීම් තුවාල හෝ ශරීර පටල (ඇස් හෝ මුඛය) හරහා ද මෙම බැක්ටීරියාව මිනිසාගේ සිරුරට ඇතුළු වේ. ඒ අනුව මී උණ බෝ වේ.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීරගත වී දින 2ත් - 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි.
* තද උණ
* තද හිසේ කැක්කුම
* මස්පිඬු වේදනාව
* ඇස් රතු වීම
* කොන්ද කැක්කුම
* මුත්‍රා කහ පැහැ වීම
* මුත්‍රා යෑම අඩුව ීම
*වමනය
* බඩ එළිය යෑම
* සිරුරේ අප්‍රාණිකත්වය
සාමාන්‍ය උණක් ලෙසත් ඇතැම් විට සියලු ඉන්ද්‍රියන්ට බලපාන රෝගයක් ද විය හැකියි.
** මී උණ වැලඳුණු පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවන බව අවධාරණයෙන් පැවසිය යුතු වේ.
මී උණ මාරාන්තික ද?
නිසි කලට නො පමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදුවිය හැකියි.
මෙම රෝගකාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට ද හැකියි.
විශේෂයෙන්ම වකුගඩු, අක්මාව, පෙණහලු, හෘදය අකර්මණ්‍ය කරයි.
අවදානම් කාණ්ඩ
කුඹුරු, වගුරුබිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයින් (රත්නපුරයේ පතල් ආශ්‍රිතව අය මෙන්ම වැලිගොඩ දමන අය) අතර ද මෙය බහුලව වාර්තා වේ.
ගංවතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයට රෝගය වැලඳීමේ අවදානම ඉතාම ඉහළයි.
ගෘහිණියන්ට මී උණ වැලඳෙන්නේ කීර කොටු ආදියෙනි. එසේම වෙල්වල සරුංගල් යවන දරුවන්ට ද යම් අවදානමක් තිබේ. අවුරුදු 20 ත් විස්සත් 60 ත් අතර වයසේ පිරිමි අය මේ සඳහා වැඩිපුරම ගොදුරු වේ.
මී උණෙන් වැළකීම
ඉහත කී අවදානම් කණ්ඩායම්වල සිටින්නවුන් මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.
* තුවාල, සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලය ට බැසීමෙන් වළකින්න. නැතිනම් එම තුවාල මනාව ආවරණය කරගැනීමට උනන්දු වන්න.
* කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැළැක්වීමට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගන්න. ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න. ගංවතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදී රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න. විශේෂයෙන්ම කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේ දී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතුවේ. ගොඩ වෙදකම් කරමින් නොසිට වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වේ.
ප්‍රතිකාර
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා මී උණ වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධ ලබා ගත හැකි වේ. ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිජීවක ඖෂධ සාමාන්‍යයෙන් ලබා දීම සිදු කරයි.
වගා කටයුතු සති 6 ක් කෙරේ නම් සෑම සතියකටම වරක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතු වේ.
පාදවල තුවාල තිබේ නම් අවදානම වැඩි වේ. කුඹුරේ වතුරෙන් මුහුණ කට සේදීමෙන් වැළකී සිටිය යුතුයි. වතුරට බහින විට නිරන්තරයෙන් ම ආරක්ෂිත උපකරණ පාවිච්චි කළ යුතුයි.
වසරේ මාර්තු, මැයි, සැප්තැම්බර්, ඔක්තෝබර්, දෙසැම්බර් යන කාලවල රෝගය වැඩි වන බව පෙනේ. රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් මී උණ රෝගීන් වැඩිපුරම වාර්තා වේ.
දැනට වසරකට මී උණ රෝගීන් 8000ක් පමණ වාර්තාවන අතර ඉන් 125ක් පමණ මරණයට පත්වේ.
රෝගීන්ගෙන් සියයට 5 ක් පමණ නිසි වේලාවට ප්‍රතිකාර නොලැබීම නිසා මිය යෑම ඛේදවාචකයකි.
උපදෙස් :
වසංගත රෝග විද්‍යා අංශයේ
විශේෂඥ වෛද්‍ය
තුෂානි දාබරේරා