ප්‍රසූතියේදී ඇතිවන වේදනාව නැති කරන සාර්ථක දේශීය ප්‍රතිකාර

සැප්තැම්බර් 30, 2024

සාමාන්‍යයෙන් ගර්භිණි මවකගේ ප්‍රසවය ලංවීමේදී වේදනාව ප්‍රබලව දැනෙයි. මේවා පොතපතේ සඳහන් වන්නේ මිනිසකුගේ අස්ථි 17ක් කැඩීමේදී දැනෙන වේදනාවටත් වඩා වැඩි වේදනාවක් ලෙසයි. මෙම දැඩි වේදනාව නිසා ඇතැම් ගර්භිණිී මව්වරුන් සිහිමූර්ජා තත්ත්වයට පත්විය හැකියි.

 

එවැනි අවස්ථාවලදී එවැනි අවස්ථාවන්ගෙන් මිදීම සඳහා මඳක් රත් කළ බලා තෛල මුළු සිරුරේම අභ්‍යංග කිරීම අත්දුටු ප්‍රතිකාරයක් වෙයි.

 

පුරාතනයේදී අත් බෙහෙත් ලෙස අලුත් හා බෙටි කීපයක් ඇල් වතුරෙන් අඹරා අතේ සහ පතුලේ ආලේප කිරීමෙන් තීව්‍ර වූ වේදනාව පහ වී සුව ප්‍රසවයක් ඇති කරයි. ප්‍රසවයෙන් අනතුරුව එම අතුල් හා පතුල් උණුදියෙන් සෝදනය කළ යුතු වන්නේය. මේය සාරාර්ථ සංග්‍රහයේ ගර්භාෂ චිකිත්සාවේ ද සඳහන් වේ. වඩාත් අපහසු අවස්ථාවේදී ගුරුන්ද හෝ එළවරා ගසක මුලක් ගලවා ඇල් දියෙන් එය අඹරා යෝනි මඟේ ආලේප කිරීමෙන් පහසු ප්‍රසවයක් ඇතිකරයි. එවැනි බොහෝ ඖෂධ වර්ග හෙළ වෙදකමේ පවතී.

 

අතීතයේදී ගමේ සිටි වින්නඹු මාතාව කිසිදු කැපීමක් කෙටීමක් නොමැතිව මවටද ඉතා පහසු ලෙස දරුවන් මෙලොවට බිහි කර ඇත්තේ මේ උතුම් ශාස්ත්‍රයන් අනුවයි. එසේම දරු ප්‍රසුතියට පසු ඇතිවන රෝගද බොහෝය. මෙම භූතිකා රෝග දේශීය චිකිත්සාවේදී ඉතා සරල රෝග ලෙස සලකයි.

 

එසේ වන්නේ දේශීය චිකිත්සාවේ හත්තසාර ඖෂධ බොහෝ පවතින නිසාය. එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගනිමින් කිරි මවකගේ කාර්යයභාරය ද ඉටු කළ යුතුව ඇත. පශ්චාත් ප්‍රසව සමයේ මවගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගැනීමට නොහැකි වුවහොත් මවුකිරි අඩුවීම හෝ එම කිරිවල විවිධ දුර්වලතා නිසා දරුවාගේ වර්ධනය කෙරෙහි හානිකර ලෙස බලපානු ඇත. මෙම සරල න්‍යාය නොදන්නා බැවින් හෝ පිළිනොගන්නා බැවින් නූතනයේදී මානසික හා කායික දුර්වලතා ඇති දරුවන් බොහෝ බිහි වන්නේය.

 

ගර්භිණී සමයේ මුල සිට මාස දහයක් යනතුරු දරු කළලය වැඩෙනුයේ ගර්භාෂය තුළ නිර්මාණය වන සිවියකින් ආවරණය වූ අවකාශයේය. මේ ආවරණය තුළ ක්‍රමයෙන් වැඩෙන දරු කළලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මවගේ ශරීරයෙන් ලබාගෙන පෙකණිවැල නම් අවයවය හරහා මවගේ සියලු සාරය ලබා දෙනු ඇත. මෙසේ සඳහන් කළ අපරාව වැදෑමහ යනුවෙන් ව්‍යවහාර වේ. දරුවාගේ නාභියත් මවගේ ශරීරයත් සමඟ වන නාලය නාභී නාලය ලෙස හඳුන්වයි. ප්‍රසවය ආරම්භ වීමත් සමඟ දරුවා ගර්භාෂය තුළ රැඳී සිටි ආවරණ පටලය කැඩී යාම නිසා ස්ත්‍රී යෝනිය හරහා එම ජලීය කොටස් යෝනි මාර්ගයෙන් පිටවීම පටන් ගනී. සාමාන්‍ය ප්‍රසවයක් නම් මවගේ ගර්භාෂයෙන් දරුවාගේ ශීර්ෂ ප්‍රදේශය පළමුව ප්‍රසවය වේ. ඉන්පසු දරුවාගේ නාභි නාලයේ (පෙකෙණි වැලේ) බද්ධව තිබූ අපරාව කොටස් පිටතට පතිත වේ. ප්‍රසවයෙන් පසු නාභි නාලය කපා අපරාව ඉවත් කරයි. ඉන්පසු ද කැඩී බිඳී ගිය ගර්භාෂ සිවිවල කොටස් මාංශල කැබලි හා රක්ත කොටස් ක්‍රමයෙන් ස්ත්‍රී යෝනියෙන් පිටතට ගලා එයි. ඒවා අපද්‍රව්‍ය ලෙස බැහැර විය යුතුය. එම සියලුම කොටස් සතියක් දෙකක් යනතුරු අඩු වෙමින් පිටතට ගලා එයි එයි. මෙසේ පිටවන අපද්‍රව්‍ය පහසුවෙන් පිට කිරීම සඳහා දේශීය වෙදකමේ වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි සමව ගෙන කුඩුකර කොත්තමල්ලි තැම්බූ වතුරට තේ හැඳි භාගයක් දමා කිතුල් හකුරු සමඟ බීමට දීමෙන් ගර්භාෂයේ ඇති අපද්‍රව්‍ය පහසුවෙන් පහවෙයි. ගර්භාෂය මෙසේ පිරිසුදු නොවුණහොත් මක්කල්ල කුලය නමැති භීතිකා රෝගය මවුවරුන්ට බහුලව ජනිත විය හැකියි. මෙහි රෝග ලක්ෂණ නම් ගර්භාෂය ප්‍රදේශයේ තියුණු කටුවකින් අනින ආකාරයේ වේදනාවක් ජනිත වීමයි. මෙම තත්ත්වය ප්‍රබල වුවහොත් ගර්භාෂය තුළ ආසාදන තත්ත්වයක් හටගනී. එවිට අධික උණ වේගයෙන් ඉහළ යයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් සූතිකාජ්වර වශයෙන්ද දේශීය වෛද්‍ය විද්‍යාවේ වැදූ උණ වශයෙන් වශයෙන්ද ජ්‍යෝතිෂ්‍ය ගුප්ත විද්‍යාවේ වැදුගෙයි සන්නිය ලෙසද හඳුන්වයි.

 

මේ රෝගී තත්ත්වයයි, මේ සඳහා බොහෝ ප්‍රතිකාර කෙම් ක්‍රම මේ උතුම් විද්‍යාවන්හි ඇත.